Temples of Sri Lanka

දැන සඟ ගුණ පුදමු බැතින්

එදා බරණැස ඉසිපතන මිගදායේ දී මේ ධර්මය අවබොධ කළ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ ගෙන් පැවත එන උතුම් වූ ශ්රාවකයන් වහන්සේලා,ලොව අන්පිරිස් කිසිවකවත් දැකිය නොහැකි අන්දමේ ගුණ රැසකින් යුක්ත ය

 

අප ගේ ශාස්තෘන් වහන්සේ එම අසිරිමත් සඝ ගුණ අපට පෙන්වා වදාළ සේක.

 

භාග්යවතුන් වහන්සේගේ ශ්රාවක සංඝරත්නයේ සුපටිපන්න ගුණය
බුදු සමිදුගේ ශ්රාවක සග රුවන රාග,ද්වේෂ,මෝහ, දුරු කරීමට වෙහෙසෙන පිරිසකි.
එම ලාමක අකුසල් මුලිනුපුටා දමන සීල,සමාධි,ප්රඥා නම් වූ ත්රිවිධ ශික්ෂාවෙහි හික්මෙන වැඩපිළිවෙළක මනාකොට පිළීපන් පිරිසක් නිසා ඒ ආරය මහා සග රුවන සුපටිපන්න වේ.

 

භාග්යවතුන් වහන්සේගේ ශ්රාවක සංඝරත්නයේ උජුපටිපන්න ගුණය
මේ පින්බර ශ්රාවකයන් වහන්සේලා සෘජු මාවතක ගමන් ගන්නා සේක.එනම් ආර්ය අෂ්ඪාංගික මාර්ගයේ ගමන් ගන්නා සේක.සුන්දර වූ සෘජු මගක ගමන් ගන්නා වූ සග රුවන උජුපටිපන්න වේ.

 

භාග්යවතුන් වහන්සේගේ ශ්රාවක සංඝරත්නයේ ඤායපටිපන්න ගුණය
ඒ ශ්රාවක සග පිරිස චතුරාර්ය සත්යය ධර්මය අවබෝධ කර ගැනීමට වෙහෙසෙන පිරිසකි.තමා තුළ නොමැති ඤාණදර්ශනයන් උපදවා ගැනීමට වෙහෙසන පිරිසකි.එ හෙයින් ඒ ආරය මහා සග රුවන ඤායපටිපන්න වේ.

 

භාග්යවතුන් වහන්සේගේ ශ්රාවක සංඝරත්නයේ සාමීචිපටිපන්න ගුණය
ඒ බුදු සමිදුන් වදාල ශ්රී සද්ධර්මය ලෝව තුල පතුරුවා හරින්නේ මහ සගරුවන විසිනි.මහා ධර්ම ගරුකිරීමකින් යුතුව බුදු සමිදුන් වදාල දෙයම පවසමින් අර්ථ විකෘති නොකර පිරිසිදු වු දහම් මගම පවසන නිසා ශ්රාවක සග රුවන සාමීචිපටිපන්න වේ.

 

භාග්යවතුන් වහන්සේගේ ශ්රාවක සංඝරත්නයේ ආහුණෙයිය ගුණය
ඒ උතුමන් හට දුර සිට ගෙනෙනා දානය පිළීගැනීමට සුදුසු වන්නේය.විශේෂයෙන් සකස් කොට දුර සිට ගොස් පිළිගැන්වීමට සුදුසු වන්නේය.

 

භාග්යවතුන් වහන්සේගේ ශ්රාවක සංඝරත්නයේ පාහුනෙයිය ගුණය
ඒ ශ්රාවක සගරුවන ආගන්තුක ලෙස වැඩම කළ කල්හි පවා සිවුපසෙන් උපස්ථාන කිරීම සුදුසුයි.ගරු සත්කාරයට සුදුසුයි.

 

භාග්යවතුන් වහන්සේගේ ශ්රාවක සංඝරත්නයේ දක්ඛිණෙයිය ගුණය
මෙලොව පරලොව යහපත ළගා කර ගැනීම පිණිස,පින් සලකා දෙන දානයට පිළීගැනීමට සුදුසු වන්නේය.

 

භාග්යවතුන් වහන්සේගේ ශ්රාවක සංඝරත්නයේ අඤ්ජලිකරණීය ගුණය
ඒ උතුමන් වැදුම් පිදුම් කිරීමට සුදුසු වන සේක.

 

භාග්යවතුන් වහන්සේගේ ශ්රාවක සංඝරත්නයේ අනුත්තර පුඤ්ඤක්ඛෙත්ත ගුණය
උන්වහන්සේලා අනුත්තර වූ ලොවට උතුම් පින් කෙතක් වන සේක.ඒ ශ්රාවකයන් වහන්සේලා උදෙසා සුළු දෙයක් පරිත්යාග කළ ද අග්ර විපාක ලැබේ.

 

අවබෝධයෙන්ම බුදු සමිදුන් සරණ ගිය ඒ සුන්දර ජීවිත ගෙවනා මග ඵල ලාභි ශ්රාවක සගරුවන මුළු හදින්ම සරණ යමු.

 

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood
You might also like
en English
X
X