Temples of Sri Lanka

විශ්වීය කරුණාවේ දිනය

ලොව ප්‍රථම පාලි සහ සංස්කෘත සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානයේ බුද්ධ මන්දිරය විවෘත කිරීමේ මහෝත්සවය ජූලි 6 වැනි දින පැවැත්වීමට කටයුතු සූදානම් කොට ඇත.

පසුගිය දා ඉන්දියාවේ නව දිල්ලි නුවර පවත්වන්නට යෙදුණු ආසියානු බෞද්ධ සාම සම්මේලනයේ මහා සභා රැස්වීමේදී සාමය සහ සංහිඳියාව වෙනුවෙන්, බොදු දහමේ සැබෑ අරුත වටහා දෙමින්, සමස්ත ලෝක ප්‍රජාව වෙත සුවිශාල මෙහෙවරක් කරනු ලබන, ශුද්ධෝත්තම 14 වැනි දලයි ලාමා වහන්සේගේ කැපවීම නමස්කාරපූර්වකව සහ ගෞරවනීය ලෙස අගැයීමට ලක් කරන බව සඳහන් කරන ලදී.
ඒ අනුව එම උත්තරීතර සේවයට උපහාරයක් වශයෙන් උන්වහන්සේගේ ජන්ම දිනය වන ජූලි 06 වැනි දා විශ්වීය කරුණාවේ දිනය ලෙස ප්‍රකාශයට පත්කිරීමට එහිදී ඒකමතිකව තීරණය විය.

එවන් වූ සුවිශේෂී දිනයක ලොව බිහිවන ප්‍රථම පාලි සහ සංස්කෘත සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානයේ බුද්ධ මන්දිරය විවෘත කිරීමේ මහෝත්සවය සඳහා අන්තර්ජාතික බෞද්ධ මහ සම්මේලනයේ වත්මන් සභාපති අතිපූජ්‍ය ආචාර්ය වස්කඩුවේ මහින්දවංස මහනායක හිමියන්, ආසියානු බෞද්ධ සාම සමුළුවේ ශ්‍රී ලංකාවේ නියෝජිත අතිපූජ්‍ය මහාචාර්ය පල්ලේකන්දේ රතනසාර මහනායක හිමියන්, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අතිපූජ්‍ය වලේබොඩ ගුණසිරි අනුනායක හිමියන්, සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය ශ්‍රාස්ත්‍රපති ඇලිකේවල ශ්‍රී සීලානන්ද නායක හිමියන්, ධර්මශක්ති සංවිධානයේ සම සභාපති අතිපූජ්‍ය මාදම්පාගම අස්සජි අනුනායක හිමියන්, ජාතික නාමල් උයනේ නිර්මාතෘ අතිපූජ්‍ය වනවාසී රාහුල නායක හිමියන්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර ශූරීන් සහ හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා ඇතුලුව තවත් විද්වත් දෙස් විදෙස් ගිහි පැවිදි සම්භාවනීය ආරාධිත පිරිසක් සහභාගී වීමට නියමිත ය.

බුද්ධ මන්දිරය විවෘත කිරීම, බෞද්ධ සහෝදරත්ව පදනමේ සභාපති, අන්තර්ජාතික බෞද්ධ මහ සම්මේලනයේ නියෝජ්‍ය මහ ලේකම් මෙන්ම ලොව ප්‍රථම පාලි හා සංස්කෘත සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානයේ නිර්මාතෘ ආචාර්ය දමෙන්ද පෝරගේ මහතාගේ සුරතින් සිදු කරන අතර ශුද්ධෝත්තම 14 වැනි දලයි ලාමා වහන්සේට නිදුක් නීරෝගීභාවය උදෙසා ශ්‍රී ලාංකේය භික්ෂූණ් වහන්සේලා පනස්නමකගේ සහභාගීත්වයෙන් විශේෂ සෙත් පිරිත් සජ්ජායනාවක් සිදු කිරීමට ද නියමිත ය.

 

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X