Temples of Sri Lanka

වප් පුන් පොහොය උදා වෙයි…

🌺 දහවන මාසය හෙවත් ඔක්තෝම්බරයේදී අද වන් උතුම් වූ වප් පුන් පොහොය උදා වෙයි.

🌺 වප් මාසය අපට වැදගත් වන්නේ විශාල පුණ්‍ය කර්මයක් වන චීවර පූජාව හෙවත් සිවුරු පූජාව වස් තුන් මාසය අවසානයේ දී එනම් වස් පවාරණයෙන් පසු වප් මාසයේ සිදුවන බැවිනි.

🌺 ගමත් පන්සලත් යා කරනු ලබන මහා පෙරහැර හා කඨින පූජෝත්සව වප් පුන් පොහොය ට පසු සිදු වේ.

🌺 මෙම චීවර පූජාව මහත් ආනිශංස ගෙන දෙන පූජාවක් ලෙස සැලකෙන බැවින් සෑම ගමකම පාහේ ලොකු කුඩා සෑම බෞද්ධයෙක් ම පාහේ මෙම මහා පුණ්‍යෝත්සවය ට දායක වෙති .

🙏🙏🙏

🌺 මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කළ පසු ථුපාරාමයට භික්ෂූන් වහන්සේ කැඳවා විනය සංගායනාවක් පැවැත්වූයේත් අද වන් වූ වප් පුන් පොහොය දිනයේ දීයි. ලංකාවේ පිරිසිදු බුදු දහම දිගුකල් පැවතීම සඳහා දේවානම්පියතිස්ස රජුගේ ඉල්ලීම පරිදි එය එසේ සිදු කරන ලදී.

🌺 බුදුරජාණන් වහන්සේ දෙව්ලොව සිට සංකස්ස පුරයට බැසීම සිදු වූයේ ද වූයේද වප් පුන් පොහෝ දිනකයි. ඒ දුටු අනන්ත අප්‍රමාණ සැදැහැවත් සැදැහැවත්හු සාධුනාද දෙමින් බුද්ධාලම්භන ප්‍රීතිය භුක්ති වින්දහ…

🌺 අනාගතයේ දී බුදු වන මෛත්‍රී බෝධිසත්වයාණන් වහන්සේ පන්සියයක් පිරිවර සමඟ පැවිදි බිමට ඇතුළත් වීම ද අද වන් වූ උත්තරීතර වප් පොහොය දිනයේ දී සිදුවූ තවත් වැදගත්ම සිදුවීමක් ලෙස සඳහන් කළ හැකියි ..

🌺 දේවානම්පියතිස්ස රජතුමා තම නොදුටු විදෙස් මිතුරා වූ ධර්මාශෝක අධිරාජයා වෙත තම ඥාතියෙකු වූ මහා අරිට්ඨ ඇමතිවරයා ප්‍රමුඛ දූත පිරිසක් පිටත්කර යවා ශ්‍රී මහා බෝධි ශාඛාව රැගෙන ඒමට සැලසුම් කරන ලද්දේ ද අදවන් වූ පුන් පොහොය දිනයක දී ය.

🌺 සංඝමිත්තා තෙරණියට ලංකාවට පැමිණීමට මං සැලසීමට අඩිතාලම වැටුණේ ද මෙම උතුම් පොහොය දිනයේදීය .

🌺 දේවානම්පියතිස්ස රජුගේ නෑනන්ඩි ය වූ අනුලා බිසවට භික්ෂුණී ශාසනයට ඇතුළු වීමට වැඩි කැමැත්තක් ඇති වූ හෙයින් ඒ සඳහා මඟ සලසා දෙන්නැයි ඇය දේවානම්පියතිස්ස රජුගෙන් අයැද සිටියාය. එබැවින් දඹදිවට යන දූත පිරිස අතර එම ඉල්ලීමද ධර්මාශෝක අධිරාජයා වෙත යැවීම දේවානම්පියතිස්ස රජු විසින් සිදු කරන ලද්දේ ද මේ සමයේ දී ය.

🌺 මේ කාලය තුළදී ආරාම තුළට වී කාලය ගත කළ භික්ෂූන් වහන්සේලා ධර්මය දේශනා කිරීමට අමතරව ධර්මය ග්‍රන්ථාරූඪ කිරීමට ද පෙළඹුණේ මේ කාලවකවානුව තුළදී ය.

🌳🏵️🌳🏵️🌳🏵️🌳🏵️🌳🏵️

බෞද්ධ ශාසනික ඉතිහාසය තුළ ඉතා වැදගත් පුණ්‍යවන්ත අවස්ථා කිහිපයක් රැගත් අදවන් වූ දිනයක බැති සිතින් සමරන්නා වූ උතුම් වප් පුර පසළොස්වක් පෝ දිනය ඔබේත් මගේත් පින් සිත පුබුදු වන්නා ලු දැහැමි චින්තනයන්ගෙන් සපිරි උතුම් සිතුවිලි අවදි කරවන පින්බර පොහෝ දිනක් වේවා…

🙏🙏🙏🙏🙏🙏🙏

සහෝදරත්වයෙන් පෙර මඟ කරා යන ගමනේ බැතිබර සිතින් ඔබ වෙත පුදදෙන දහම් පඬුරකි……

💚🧡💚🧡💚🧡

Photo description: Sri Lankan Movie Star Devnaka Porage at Dhammakaya Temple, Thailand

Photo Courtesy: Pensiri Mahasutthikul

You might also like
en English
X
X