Temples of Sri Lanka

රුවන් නිදන හෙල බිමයි

මේ ඉතාආශ්චර්යවත් කථාවකි.අසන්නට නොලැබුණු, මෙතෙක් ඔබ නොසිතූ පුවතක් වන්නටද පුලුවන.නමුත් මෙය පරම සත්‍යයකි. අනුමානයෙන් කරන ප්‍රකාශයක් ද නොවේ. මනඃකල්පිතයක් හෝ පදනමක් නැති මවා පෑමක් ද නොවේ. ඉඳුරා ම පැහැදිලිව ම ප්‍රකාශ කරන පරම සත්‍යයකි.

මේ මිහි තලය මත බුද්ධත්වයට පත් වන සියලු ම බුදුවරයින් වහන්සේලා උපත ලබන එකම දීපය වු ජන්බුද්වීපයේ මේ සත්‍යයම වු කථාව කියවන ඔබත්, අද උපත ලබා ජීවත් වන බව දැන ගන්නට, තේරුම් ගන්නට ලැබුණු විට ඔබටත් බලවත් චිත්තප්‍රසාදයක්, ප්‍රමෝදයක් බුද්ධාලම්බන ප්‍රීතියක් ඇතිවෙනු නො අනුමානය.

නියම ශ්‍රද්ධාව යනු එයයි. මෙවන් උතුම් දීපයක, විශ්ව ශක්තිය කේන්ද්‍ර ගතවු මධ්‍ය මංඩලයක, උපත ලබා පරම පවිත්‍ර බුද්ධ ධර්මය ද මතු කර දේශනා කරන මෙවන් යුගයක, ධර්ම මාර්ගයේ යන සියලු දෙනා ම මේ සත්‍ය කථාව ද කියවා දැන ගත යුතුමය.

පසුගිය වසර 1500ක් තරම් දීර්ඝ කාලයක් තිස්සේ ම මෙම පරම සත්‍යය ද යටපත් වී, බුද්ධ ධර්මයද විකෘති වී, නිවන් මග වැසී තිබුණු බව බොහෝ අය දන්නා කරුණකි. නැවතත් සත්‍යය එළිකර දැක්වීමටත්, පවිත්‍ර බුද්ධ ධර්මය පිංවත් ලෝකයාට දේශනා කරන්නටත්, නිවන් මඟ විවෘත කර පෙන්වා දෙන්නටත් සුදුසු පරිසරය හැම අතින් ම සකස් වෙමින් පවතින බව ද ප්‍රකාශ කළ යුතුය. පරම සත්‍යය කවදාවත් ම බොරුවෙන් මුළාවෙන් මනඃකල්පිත වලින් හෝ සම්මත වලින් යටපත් කර දිගින් දිගටම සඟවා වසා තැබිය නොහැකියි. නියම අවස්ථාව පැමිණි විට පරම සත්‍යය කා අතින් හෝ එළිදැක්වෙන බව ධර්ම නියාමයට ම අනුකූලය.

පරම සතය්‍ය පවා පිළි නොගන්නා පිරිසක් ද මේ අප අතරම සිටින බවත් අප නිතරම කල්පනා කල යුතු දෙයකි. රාගයෙන්, ද්වේශයෙන් හා මෝහයෙන් අන්තවාදී ලෙස දෘෂ්ටි ගත වු බොහෝ දෙනෙකුට සත්‍යය කිසිසේත් ම දැක ගත නොහැකිය.සත්‍යය ඔවුන්ට නොගැලපෙන දෙයකි. අප එවැනි අය කෙරෙහිද අනුකම්පා කල යුතුය.

මේ සත්‍ය ම වු කථාව අසන කියවන එවැනි අය ඉවසීමේ සීමා මායිම් ඉක්මවා, සත්‍යයටද එරෙහි වනු ඇත.එයද ධර්ම තාවයකි. ගෞතම බුදුපියාණන් ලොව පහළ වු යුගයේත් මෙවැනි දේ ම සිදු විය.අප ඔවුන්ට වෛර කළ යුතු නොවේ. ඔවුන් සමග උරණ විය යුතු නොවේ. ඔවුන්ටද කවදා හෝ සත්‍යය අවබෝධ වේවා යන්න අපේ අවංක ම පැතුම විය යුතුය.

මෙම පරම සත්‍යය එළි දැක්වු විට ලාභයෙන් දෘෂ්ටි ගත වු, ආස්වාදයෙන් දෘෂ්ටි ගතවු, උගත් කමෙන්, බුද්ධිමත් කමෙන් මත්වු,තානාන්තර වලින් නිල තල වලින් බලවත්වු බොහෝ දෙනෙකුට මෙය නොගැලපෙන දෙයක්ම වන්නටත් පුලුවන. සමහර විට එවන් අය ඇත්ත නැත්ත කිරීමට ම තව තවත් වෙර දරනු ඇත. තම බලය පෙන්වීමට ජන මාධ්‍යයන් මුදලට ගන්නටත් උත්සාහ දරණු ඇත. පරම සත්‍යයට විරුද්ධ වන ඔවුන් විරුද්ධ වන්නේ බුදු පියාණන් වහන්සේටමය. ඔවුන් ආර්යෝපවාදයක්ම කර ගන්නා බවත් තේරුම් ගත යුතුය.

මේ යුගය කල්ප විනාශයකට ඉතාමත් ම ආසන්න කාල පරාසයක් බව කවුරුත් දන්නා කරුණකි. කල්ප විනාශයකදී විනාශ වන අංශ අතර සංකල්ප විනාශය ද මූලික ම අංගයකි. සම්මත කරගෙන අදහන බොහෝ මිත්‍යා ආගම් සංකල්ප මෙහිදී විනාශ වී යෑම නියතයෙන් ම සිදු වනු ඇත. ගෞතම බුදුන් බුද්ධත්වයට පත් වීමත් සමඟ එදා සංකල්ප විනාශයක් ද සිදු විය. ඒ ආගම් හැට දෙකක් ම යටපත් වී යෑමත් පරම පවිත්‍ර බුද්ධ ධර්මය මතු වීමත් සමගම සිදු වු දෙයකි. මෙය අතීත ඉතිහාසයේ සිදු වූවා මෙන්ම මතුවටත් නැවත නැවතත් සිදු වන නියත සිදු වීමකි. පුනරාගමනයකි. කල්පවිනාශය සමගම මිත්‍යා ආගම් සංකල්ප විනාශ වී යාමද කාටවත්ම මොනම නවීන විද්‍යාවකින් හෝ වළක්වා ලිය නොහැකිය. මනසක් ඇති මිනිසුන්ට තමන් ගැන ම සිතා පරමාර්ථ සත්‍යය තේරුම් ගෙන ආගම් සංකල්ප අතහැර පවිත්‍ර බුද්ධ ධර්ම මාර්ගයට අවතීර්ණ විය යුතු කාලය දැන් උදාවී ඇති බව පැවසීමට මේ පරම සත්‍යය මතු කර දෙනු ලැබේ. ධර්ම මාර්ගයට ඉඩ සලසා දෙනු සදසා අධර්මයේ හැසිරෙන අය ධර්මතාවයෙන් ම විනාශ වී යෑම දැන් සිදු වෙමින් පවතී. මේ අනුව අන්තගාමී සංකල්ප විනාශ වෙන්නටත් සත්‍යය ලොව රජ වෙන්නටත් දැන් කාලය එළඹ තිබේ.

මේ හෙළදිව බුද්ධ රාජ්‍යයයි. ධර්ම දීපයයි. අද ඒ බුද්ධ රාජ්‍යය, ධර්ම දීපය සියලු ආකාරයෙන් ම ශුද්ධ පවිත්‍ර වී, පිරිසිදු වී, සියලු බාධක හා බැඳීම් දුරු වී ක්‍රමානුකූලව සමස්ත ලෝක වාසී ජනතාවටම දහම් දිය බෙදා දෙන ධර්ම මධ්‍යස්ථානය බවට පත් වන්නට අවශ්‍ය සියලු කරුණු ද සම්පූර්ණ වෙමින් පවතී. මේ සියලු කරුණු සත්‍යයේ නාමයෙන්, ධර්මතාවයේ බලයෙන්, මතු වී එළි දැකීමත් සමග ම ධර්ම මාර්ගයේ අවංකවම ගමන් කරන්නන්ට ද නිවන නිදහස ළඟාකර ගත හැකි වනු ඇත.

ඔබටත් ,අප හැමදෙනාටමත් මේ උතුම් චතුරාර්‍ය සත්‍යය වහවහා අවබෝධ වේවා!!!

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X