Temples of Sri Lanka

බුදු කරුණා දෑස තෙමී

අමාමෑණි බුදුපියාණන් වහන්සේ තුළ පැවැති මහා කරුණාවට සමාන කරුණාවක් ලෝකයේ පහළ වූ බුදුවරයකුට මිස වෙනත් කිසිම කෙනෙකු තුළ දැක ගත නොහැකිය.

මේ බුදුරජාණන් වහන්සේ තුළ පැවැති උදාර කරුණා ගුණ මහිමයේ ප්‍රතිඵලයකි.

අතිශය රෝගී වූ පූති ගත්ත තිස්ස හිමි බුදුරජාණන් වහන්සේගේ කරුණාවට හසුවූ භික්ෂුවකි. මේ භික්ෂුව බලවත් සේ රෝගාතුර වී සිරුර පුරාම බිබිලි හටගෙන අබ ඇට තරම් කුඩා ගෙඩි සෑදී ක්‍රමානුකූලව වර්ධනය වී නෙල්ලි ගෙඩි තරමට ලොකු වී පසුව ඒවා බෙලි ගෙඩි තරමට වර්ධනය විය. ශරීරය පුරාම පැතිරුණු මෙම ගෙඩි පිපිරී සැරව ගලන්නට විය.පොරවාගෙන සිට සිවුරු හා අඳන ලෙයින් සැරව වලින් පිරී දුර්ගන්ධවත් පුස්කා ගිය වස්ත්‍ර බවට පත්විය. උපස්ථාන කළ අයටත් ළං විය නොහැකි මට්ටමට පත්වීම නිසා කිසිම කෙනෙකුගේ උපකාරයක් ද ලැබුණේ නැත. මේ නිසාම තිස්ස කියන නමට මුලින් තවත් කොටසක් එකතු වී පුති ගත්ත තිස්ස තෙරුන් යයි භාවිතා කරන්නට පටන් ගත්හ. උදේ පාන්දරින්ම ලොව බලන බුදුරජාණන් වහන්සේට සිරුර කුණු වී ජරා ගොඩක සිටියත් පූති ගත්ත තිස්ස තෙරුන්ට නිවන් දැකීමේ වාසනාව ඇති බව පෙනී ගියේය. කෙලෙස් ලෙඩට පමණක් නොව ශාරීරික රෝග වලටත් බෙහෙත් දන්නා බුදුරජාණන් වහන්සේ කෙලෙස් වලින් ගොඩ ගන්නට කලින් ශරීරගත රෝගය සුවපත් කළ යුතු යැයි සිතා තමන් වැඩ සිටින ගඳ කිළියෙන් නික්ම ගිනිහල් ගෙයට වැඩම කළහ.

පූති ගත්ත තිස්ස භික්ෂුව සිටින කුටියට වැඩ ඇඳෙ හි පැත්තකින් ඔසවා රැගෙන යන්නට සූදානම් වන විට අනෙකුත් භික්ෂුහුද පැමිණ ඇඳ පිටින්ම ගිනිහල් ගෙට ඔසවාගෙන ගිය අතර එහිදී උන්වහන්සේ ඇඳ සිට සිවුරු හා අදන සෝදා වියලන්නට තබා බුදුරදුන් සිය අතින් රෝගී භික්ෂුවගේ රෝගී තත්ත්වයට ප්‍රතිකාර කලෙන්, සැනසිලිදායක මට්ටමට පත්වූ මේ භික්ෂුවගේ සමාධිගත මනසට එදා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය මහත් සැනසිල්ලක් විය.

ධර්මය ඇසූ තිස්ස හිමි රහත් ඵලයට පත්විය. බුදුරජාණන් වහන්සේ වැනි ශ්‍රේෂ්ඨ උත්තමයෙකු කාගේවත් පිහිටක් නැති මෙවැනි අසරණ රෝගියෙකුට උපස්ථාන කළ ආකාරය කරුණාව යනු කුමක්දැයි අපට ප්‍රායෝගිකව පෙන්නුම් කරන අතිශය දුර්ලභ අවස්ථාවක් ලෙස සඳහන් කරමු.

අද සමාජය දෙස විමසිලිමත්ම බලන කළ ලෙඩට දුකට අසරණ භාවයට පත්වී දරුවන්ගේ දැක්මක් බැල්මක් උපකාරයක් සැලකිල්ලක් නැති මවුපියන් කොතෙකුත් දැක ගන්නට හැකිද… අවශ්‍ය ආහාර පාන බේත් හේත් ලබා ගැනීමට නොහැකිව අසරණව සිටින අය කොපමණ සිටිනවාද කාගේවත් පිහිටක් නැති වැඩිහිටි ජනතාව මොනතරම් සිටිනවාද දූ පුතුන් ඉතා හොඳ ආර්ථික මට්ටමක සිටියදී අනාථ නිවාස වලට වී මානසිකව වේදනා විඳිමින් සිටින මව් පියවරු මොන තරම්ද මෙහිදී
පූති ගත්ත තිස්ස හිමියන් වෙනුවෙන් බුදුරජාණන් වහන්සේගේ කාරුණික උපස්ථානය අපට මහඟු පාඩමක්..

අපගේ මව්පියන් අනාථ වන්නට ඉඩ නොදෙමු…අසරණ රෝගි කවුරු වුවත්, පිහිටක් නැති අසරණයක දුටු විට අපට කළ හැකි යම් දෙයක් වේ නම්, එය අපි ඉටු කරමු.මෙය බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කරන බුද්ධ පූජාවක් බව අමුතුවෙන් සිහිපත් කළ යුතු නැත

සමාජය තුළ විවිධාකාරයෙන් පීඩනයට අසහනයට වේදනාවට පත්වන අය දෙස බලන්න.. තම දරුවන් ජීවත් කරලීම සඳහා විදේශගත රැකියාවන් වල සිටින කාන්තාවන් දෙස බලන්න.. ඔවුන් විවිධාකාරයේ පීඩනයන්ට පත් වන අයුරු අපි අසා ඇත්තෙමු. බැනුම් දෝෂාරෝපණ නින්දා අපහාස විඳිමින් සිටින අය මොන තරම්ද එදිනෙදා විවිධාකාර ගැටුම්කාරී මට්ටමට පත් වූ පවුල් ජීවිත කොච්චර නම් ඇද්ද මෙම ගැටුම් කාරී ස්වභාවයට කරුණාව හා මෛත්‍රිය ඖෂධයක් කරගන්නේ කෙසේද යන්න රජ්ජුමාලා චරිතය අපට මනාවට පෙන්වා දෙයි

උරුවෙල් ජනපදයේ බමුණු ගෙදරක දාසියක් සිටියා එම ගෙදර ප්‍රධාන බමුණාගේ ලේලිය මෙම දාසිට අයතා ලෙස වද දෙමින්සිටිඅතර ඇය එනිසාම එලියට ගොස් මැරෙන ආකාරයක් සිතුවාය.

එසේසිටි ඇයට ගසක් මුල වැඩ සිටින බුදුරජාණන් වහන්සේ දැක ගැනීමේ වාසනාව උදාවුනා. ඇය බුදුරජාණන් දෙසම බලා සිටියා තම ඇස බුදුරජුන් වෙතින් ඉවතට ගත නොහැකි වුණා. බුදුරදුහු දුවේ රජ්ජුමාලා එල්ලි මැරෙන්න එපා මා වෙත එන්න කියා රජ්ජු මාලාට කතා කළා.

මෙය ඇහෙනවාත් සමගම ඇයට සියලු දුක් වේදනා අමතක වුණා. මහත් සැනසිල්ලක් ඇතිවුණා බුදුරජාණන් වෙත ගොස් ගෞරවයෙන් වැඳ පැත්තකට වුණා. බුදුරජාණන් වහන්සේ ඇයගේ මානසික පීඩාව දුරු කිරීමට අදාළ කරුණු පෙන්වා දුන්නා. ඉතා ඕනෑකමින් ධර්මය ඇසූ රජ්ජුමාලා සෝවාන් ඵලයට පත්වුණා. එතැන් පටන් තම ජීවිතය සනසන්නට පැමිණියත් ඒ ඕනෑම කෙනෙකුට මෛත්‍රිය පතුරවන කරුණාවෙන් දයාවෙන් යුතු කාන්තාවක් බවට පත්වුණා. මගේ ස්වාමි දියණිය මට ගැසුවත් මාව මැරුවත් කමක් නැහැ. මගේ දුවකට මෙන් මම ඇයට මෛත්‍රී කරමි. අධිෂ්ඨානය ඇති කරගෙන වතුර කලේ පුරවාගෙන සියලු සත්වය සුවපත් වේවායි මෛත්‍රී කරමින් නිවස දෙසට ගියා..

ගෙදර ප්‍රධාන බමුණා සහ සියලුම දෙනාම සියලු සත්වයන්ට කරුණාව මෛත්‍රිය වඩන අය බවට පත්වුණා. මෙතෙක් හිංසා පීඩා කළ තරුණිය මෙයින් පසු රජ්ජුමාලා මව මැරුවත් ඇයට සිතින්වත් අහිතක් නොසිත මේ අධිෂ්ඨානයක් ඇති කරගත්තා මහලු ට්තරුණ බැමිණියද එක කුස උපන් සහෝදරියකට මෙන් රජ්ජුමාලාට ආදරයෙන් කරුණාවෙන් සැලකුවා

වහල් මෙහෙයක යෙදී සිටි පුණ්‍යදාසී ගේ ඉල්ලීම පිළිගනිමින් ඇයගේ දුක්බර වහල් ෛජීවිතයට නිදහස ලබාදුන් ආකාරයත් අදහස් ගණනක් මරණයට පත් කළ අංගුලිමාල තම කාරුණික වදන් තුළින් සද්ධර්මයට සහ හොඳ මිනිස්සු කළ අයුරුත් මරණ දඬුවමට ලක් වූ ගොවියෙකුගේ අහිංසකත්වය පෙන්වා දී ඔහු මරණයෙන් නිදහස් කරගත්ත ආකාරයත් යන්න මනාසාදකය.

පටාචාරාව මහා කාරුණික වදන් තුළින් රහත් මෙහෙණියක් බවට පත් කිරීම බුදුරජාණන් වහන්සේගේ මහ කරුණාවේ බල මහිමය අපට දැක ගන්නට පුළුවන්.

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X