Temples of Sri Lanka

වස්කඩුව ශ්‍රී සුභූති විහාරයේ අභිනවයෙන් ඉදිවු අශෝක ස්ථම්භ නිරීක්ෂණ චාරිකාවේ යෙදුණු ලින්ග් රින්පොචේ හිමියන්

ලෝක පූජිත අතිඋතුම් ලින්ග් රින්පොචේ මාහිමිපාණන් වහන්සේ නොවැම්බර් 02 වැනි ඉරිදා ඓතිහාසික වස්කඩුව රාජගුරු ශ්‍රී සුභූති විහාරස්ථානයට වැඩම කළහ. භාරතය පුරා විවිධ සිද්ධස්ථාන සහ විශේෂ පරිශ්‍රයන්හි අශෝක ස්ථම්භ දැකගැනීමට ලැබුණ ද

ශ්‍රී ලංකාවේ දී අතිශය ප්‍රථම වරට ඉදිකළ අශෝක ස්ථම්භය පසුගිය දිනෙක ඓතිහාසික වස්කඩුව රාජගුරු ශ්‍රී සුභූති රජමහා විහාරයේදී උත්සවශ්‍රීයෙන් විවෘත කෙරුණු අතර මේ සඳහා වූ නිර්ලෝභී පූර්ණ අනුග්‍රහය දැරුවේ අති උතුම් ලින්ග් රින්පොචේ මාහිමිපාණන් වහන්සේ විසිනි. සිය දෙවන ශ්‍රී ලංකා සංචාරය සඳහා මේ දිනවල අප රටට වැඩමවා වදාළ උන්වහන්සේ අද දින වස්කඩුව රාජගුරු ශ්‍රී සුභූති විහාරස්ථානයට වැඩම කොට, සුවහසක් සැදැහැවතුන්ගේ නමස්කාරයන් මධ්‍යයේ ස්ථම්භයෙහි පූජානුග්‍රාහක සමරු ඵලකය නිරාවරණය කොට නිරීක්ෂණය කළ සේක.

You might also like
en English
X
X