ශාසනෝන්නතිකාමී අභිනන්දනප්‍රකාර ගෞරව නාමයකින් පිදුම් ලැබු ලින්ග් රින්පොචේ හිමියන්
අතිගෞරවාර්හ ආචාර්ය වස්කඩුවේ මහින්දවංශ මහනායක හිමිපාණන් වහන්සේ විසින් ලෝක පූජිත, අතිඋතුම් ලින්ග් රින්පොචේ මාහිමියන් වහන්සේ වෙත “ලෝකාර්ථචාර්ය ධර්ම විභූෂණ” නමින් ශාසනෝනතිකාමී අභිනන්දනප්‍රකාර ගෞරව නාමයක් ප්‍රදානය කළ සේක. එම උදාරතර අවස්ථාව, දශකාධික කාලයක් මුළුල්ලේ අතිඋතුම් ලින්ග් රින්පොචේ මාහිමියන් සමස්ත ලෝක සත්ත්වයාගේ හිතසුව පිණිස සිදුකල අපරිමිත මෙහෙවරට කෘතගුණ සැලකීමක් වශයෙන් හැඳින්විය හැකි ය.
