The Dhammapada – ධම්මපදය – චිත්ත වග්ගය – 11
න තං මාතා පිතා කයිරා – අඤ්ඤේ වා පි ච ඤාතකා
සම්මාපණිහිතං චිත්තං – සෙය්‍යසෝ නං තතෝ කරේ
සම්මාපණිහිතං චිත්තං – සෙය්‍යසෝ නං තතෝ කරේ
මේ වැඬේ තමන්ගේ අම්මා විසින් කරලා දෙන්නෙත් නෑ. තාත්තා විසින් කරලා දෙන්නෙත් නෑ. වෙන ඤාතියෙක් කරලා දෙන්නෙත් නෑ. ඒ වැඬේ තමයි යහපත් කොට ධර්මය තුළ හිත පිහිටුවාගන්න එක. ඒ හේතුවෙන්මයි ඔහු උතුම් කෙනෙක් බවට පත්වෙන්නේ.