The Dhammapada – ධම්මපදය – පුප්ඵ වග්ගය – 04
පුප්ඵානි හේ’ව පචිනන්තං – බ්‍යාසත්තමනසං නරං
සුත්තං ගාමං මහෝඝෝ’ව – මච්චු ආදාය ගච්ඡති
සුත්තං ගාමං මහෝඝෝ’ව – මච්චු ආදාය ගච්ඡති
මල්කාරයෙක්, නෙලාගන්ට මල් සොය සොයා ගහක් ගානෙ යනවා වගේ, මේ කම් සැපයට ඇළුණු පුද්ගලයා කාමයම හොය හොය යනවා. අන්තිමේදී ගමක මිනිස්සු නිදාගෙන සිටිද්දීම මහ ගංවතුරක් ඇවිත් ඔවුන්ව මුහුදට ගහගෙන යනව වගේ, මාරයා විසින් එ් පුද්ගලයාවත් අපා දුකට අරගෙන යනවා.
(සැවැත් නුවරදී විඩූඩභ ශාක්‍යයා අරභයා වදාළ ගාථාවකි ෴)