The Dhammapada – ධම්මපදය – බාල වග්ගය – 05
යාවජීවම්පි චේ බාලෝ – පණ්ඩිතං පයිරුපාසති
න සෝ ධම්මං විජානාති – දබ්බී සූපරසං යථා
න සෝ ධම්මං විජානාති – දබ්බී සූපරසං යථා
අඥාන පුද්ගලයෙක් තමන්ගෙ මුළු ජීවිත කාලය පුරාවටම නුවණැති මුනිවරයෙක්ව ඇසුරු කළත්, ඔහු නම් ධර්මය අවබෝධ කරන්නේ නෑ. හොද්දක රසය නොතේරෙන හැන්දක් වගේ.
(ජේතවනාරාමයේදී උදායී තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)