The Dhammapada – ධම්මපදය – බාල වග්ගය – 08
න තං කම්මං කතං සාධු – යං කත්වා අනුතප්පති
යස්ස අස්සුමුඛෝ රෝදං – විපාකං පටිසේවති
යස්ස අස්සුමුඛෝ රෝදං – විපාකං පටිසේවති
යම් දෙයක් කළාට පස්සේ, ඒ ගැන පසුතැවෙන්ට සිදුවෙනවා නම්, කදුළු හල හලා, හඬා ඒකේ විපාක විඳින්ට සිදුවෙනවා නම්, එබඳු පව් කරන්ට හොඳ නෑ.
(ජේතවනාරාමයේදී එක්තරා ගොවියෙකු අරභයා වදාළ ගාථාවකි ෴)