The Dhammapada – ධම්මපදය – බාල වග්ගය – 09
තඤ්ච කම්මං කතං සාධු – යං කත්වා නානුතප්පති
යස්ස පතීතෝ සුමනෝ – විපාකං පටිසේවති
යස්ස පතීතෝ සුමනෝ – විපාකං පටිසේවති
යම් දෙයක් කළාට පස්සේ, ඒ ගැන පසුතැවිල්ලක් ඇතිවෙන්නෙ නැත්නම්, ඒ පුණ්‍ය විපාකය විඳින්ට තියෙන්නෙ ප‍්‍රීතියෙන් පිනාගිය සතුටු සිතකින් නම්, එවැනි පින් කරගන්න එක කොයි තරම් හොඳ දෙයක්ද.
(ජේතවනාරාමයේදී සුමන මල්කාරයා අරභයා වදාළ ගාථාවකි ෴)