Temples of Sri Lanka

The Dhammapada – ධම්මපදය – බාල වග්ගය – 11

මාසේ මාසේ කුසග්ගේන – බාලෝ භුඤ්ජේථ භෝජනං
න සෝ සංඛතධම්මානං – කලං අග්ඝති සෝළසිං

අඥාන පුද්ගලයා කෙලෙස් තවනවා කියලා හිතාගෙන, මාසයකට වතාවක්, තණ කොළේක අග තවරපු ආහාර ඩිංගක් අනුභව කළත්, ඒක ධර්මාවබෝධ කළ රහතන් වහන්සේලාගේ ජීවිතයෙන් දහසයෙන් කොටසක් දහසය වතාවකට බෙදලා ගන්න කොටසක් තරම් වත් වටින්නෙ නෑ.

(ජේතවනාරාමයේදී ජම්බුක ආජීවකයා අරභයා වදාළ ගාථාවකි ෴)
You might also like
en English
X
X