The Dhammapada – ධම්මපදය – පණ්ඩිත වග්ගය – 07
යථාපි රහදෝ ගම්භීරො - විප්පසන්නෝ අනාවිලෝ
ඒවං ධම්මානි සුත්වාන – විප්පසීදන්ති පණ්ඩිතා
ඒවං ධම්මානි සුත්වාන – විප්පසීදන්ති පණ්ඩිතා
මහා විලක් තියෙනවා. ඒක ගැඹුරුයි. වතුර පෑදිලා තියෙන්නෙ. කැළඹිලා නෑ. අන්න ඒ විදිහමයි. ශ‍්‍රී සද්ධර්මයට සවන් දෙන නුවණැති සත්පුරුෂයෝ ඒ ගැන ගොඩක් පහදිනවා.
(ජේතවනාරාමයේදී කාණමාතාව අරභයා වදාළ ගාථාවකි ෴)