සතර ඉරියව්වෙන්ම සිහිය පවත්වමු…
බොහෝ දෙනා අවමඟුල් උළෙලකට සහභාගී වූවිට හැඬීම , වැළපීම බොහොම වැඩියි. එයට හේතුව භාවනාවෙන් සිත දියුණු නො කිරීම යි.
සාමාන්‍යයෙන් හැඬීම, වැළපීම පෘතග්ජන ගතියක්. නමුත් දවස් ගණන්, සති ගණන්, මාස ගණන් නාමය සහ ගුණය පවසමින් හැඬීම වැළපීම එතරම් සුදුසු නැහැ. එය තණ්හාවෙන්, තරහවෙන්, මිසදිටුකමින් කරන ක්‍රියාවක්. නමුත් බුදු දහමේ සඳහන් කරන්නේ හැඬීම, වැළපීම දුරු කර ගැනීමට නුවණ භාවිත කළ යුතු බව යි. ”
කුරුරට වාසීන්ට ‘කම්මාස්ස ධම්ම’ නම් වූ නියම් ගමක් තිබුණා. එහි වැඩම කළ බුදුපියාණන් වහන්සේ, තිස්දාහක් භික්ෂූන් වහන්සේ අමතමින් සතිපට්ඨාන සූත්‍ර දේශනාව පැවැත්වූවා. සති යනු සිහිය යි. පට්ඨාන යනු එළඹීම නොහොත් කටයුතු කිරීම යි. සිහියෙන් කටයුතු කිරීම, එළඹ සිටි සිහියට ‘සතිපට්ඨාන’ නාමය යොදා තිබෙනවා. ඒ සතර අන්තර්ගත බැවින් චතු සතිපට්ඨාන යනුවෙන් හඳුන්වයි. මේ සතිපට්ඨාන දේශනාවෙහි ආනිශංස වාරය මුලත් අගත් පැහැදිලිව ම බුදුන් වහන්සේ වදාළා.
සිහියෙන් භාවනා කරන අයට තමන් ගමන් කරන මඟ නිවන් මාර්ගය යි. විශුද්ධි මාර්ගය යි. ඒ නිවන් මඟ ගමන් කරන තැනැත්තාට සතර සතිපට්ඨානය වැඩෙන සේ භාවනා කිරීමෙන් සිත පිරිසුදු කරගන්නට පුළුවන් වෙයි. ‘සත්ථානං විශුද්ධියා’ යනුවෙන් පළමු ආනිශංසය දේශනා කළා. එනම් සත්ව සන්ථානය පිරිසුදු කිරීම යි.
එක්දහස් පන්සියයක් තරම් වූ කෙලෙසුන් සිතෙන් බැහැරකර සිත අලෝභ, අදෝශ, අමෝහ ආදී සංඛ්‍යාවට ගෙනෙනවා. චතුසන්ථානය පිරිසුදු කරගන්න වෙන ක්‍රමයක් සොයා ගැනීම ලෙහෙසි නැහැ. ඒ නිසා කවුරුත් දිනකට ටික වේලාවක් හෝ මේ සඳහන් කරනු ලබන භාවනා ක්‍රමය කරන්න ම අවශ්‍යය යි. එවිට සිහි කල්පනාවෙන් යුතුව ඇලීමක් ගැටීමක් නැතිව අවසන් ගමන් යන්නට පුළුවනි. එයට හේතුව සිත පිරිසුදු කමයි. අපිරිසුදු සිත කැළි කසළ වගෙයි. තණ්හා, වෛර , ක්‍රෝධ, මාන්න, ආදී පාපී සිතිවිලි නිසා චතු සන්ථානය අපිරිසුදු වෙනවා. භාවනා කිරීමෙන් ඒ පාපී සිතිවිලි දුරස් ව පිරිසුදු සන්ථානයක් ඇති වෙනවා.
එමෙන් ම ඇඬීම , වැළපීම දුරු කර දමනවා. භාවනා කරන යෝගියා මේ විශේෂ ආනිසංසය ලබනවා. හඬන, වැළපෙන අරමුණක් පැමිණි කල්හි ඉවසීමෙන් සිහියෙන් කටයුතු කරනවා. හැඬීම වැළපීම හැකිතාත් දුරට යටකරනවා. එය විශේෂිත අවස්ථාවක්. බොහෝ දෙනා අවමඟුල් උළෙලකට සහභාගී වූවිට හැඬීම , වැළපීම බොහොම වැඩියි. එයට හේතුව භාවනාවෙන් සිත දියුණු නො කිරීම යි. සාමාන්‍යයෙන් හැඬීම, වැළපීම පෘතග්ජන ගතියක්. නමුත් දවස් ගණන්, සති ගණන්, මාස ගණන් නාමය සහ ගුණය පවසමින් හැඬීම වැළපීම එතරම් සුදුසු නැහැ. එය තණ්හාවෙන්, තරහවෙන්, මිසදිටුකමින් කරන ක්‍රියාවක්. නමුත් බුදු දහමේ සඳහන් කරන්නේ හැඬීම, වැළපීම දුරු කර ගැනීමට නුවණ භාවිත කළ යුතු බව යි.
‘දුක්ඛ දෝමනස්සානං අත්ථංගමා ය’ යනුවෙන් පදයක් තිබෙයි. කායික, මානසික දුක නැති කිරීම යි. එයත් බොහොම වැදගත්. හැඬීම , වැළපීම නිසා කායික මානසික වශයෙන් අප්‍රමාණ දුක් ලැබෙනවා. දවස් ගණන් ආහාර ගන්නේ නැහැ. ක්ලාන්තව රෝහල් ගතව දවස් ගණන් එහි දුක් විඳින්න සිදු වෙනවා.
තෙරුවන් සරණයි🙏
සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood