The Dhammapada – ධම්මපදය – පාප වග්ගය – 04
පාපෝ’පි පස්සති භද්රං – යාව පාපං න පච්චති
යදා ච පච්චති පාපං – අථ පාපෝ පාපානි පස්සති
යදා ච පච්චති පාපං – අථ පාපෝ පාපානි පස්සති
කරගත්තු පව් විපාක නොදී තියෙන කල් විතරයි. ඒ පුද්ගලයාට ඒ පව් ලස්සන දෙයක් වගේ පේන්නෙ. නමුත් විපාක දෙන්න පටන්ගත්තු දවසට තමයි ඒ පව්වල හැබෑ ස්වභාවය ඒ පාපී පුද්ගලයාට පේන්නේ.
(ජේතවනාරාමයේදී අනේපිඬු සිටුතුමාගේ මාලිගයේ සිටි දෙව්දුව අරභයා වදාළ ගාථාවකි ෴)