The Dhammapada – ධම්මපදය – දණ්ඩ වග්ගය – 15
හිරීනිසේධෝ පුරිසෝ – කෝචි ලෝකස්මිං විජ්ජති
යෝ නින්දං අපබෝධති – අස්සෝ භද්රෝ කසාමිව
යෝ නින්දං අපබෝධති – අස්සෝ භද්රෝ කසාමිව
යම් පුරුෂයෙක් ලැජ්ජාව නිසා අකුසල් දුරුකරනවා නම්, ලෝකෙ එබඳු අය ඉන්නෙ ටික දෙනයි. ඉතා යහපත් අශ්වයෙක් කස පහර කන්ට අකමැත්තෙන් හික්මෙනවා වගේ ඔහුත් නින්දාවට අකමැත්තෙන් හික්මෙනවා.
(ජේතවනාරාමයේදී පිලෝතික තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)