The Dhammapada – ධම්මපදය – අත්ත වග්ගය – 05
අත්තනා’ව කතං පාපං – අත්තජං අත්තසම්භවං
අභිමන්ථති දුම්මේධං – වජිරං’වස්මමයං මණිං
අභිමන්ථති දුම්මේධං – වජිරං’වස්මමයං මණිං
තමා තුළම හටගත්, තමා තුළින්ම පහළ වුණ, තමා විසින්ම කරපු පාප කර්ම වලින්මයි අනුවණයා දුක් විඳින්නේ. මැණික් ගලෙන් හැදෙන දියමන්තිය විසින් ඒ මැණික් ගල විනාශ කරනවා වගේ.
(ජේතවනාරාමයේදී මහාකාළ උපාසක අරභයා වදාළ ගාථාවකි ෴)