The Dhammapada – ධම්මපදය – බුද්ධ වග්ගය – 03
යේ ඣානපසුතා ධීරා – නෙක්ඛම්මූපසමේ රතා
දේවා’පි තේසං පිහයන්ති – සම්බුද්ධානං සතීමතං
උන්වහන්සේලා ප්රඥාවන්තයි. ධ්යානයටමයි ඇලී වසන්නේ. ලෝකෙන් නික්මිලා, සිත සංසිඳවාගෙන, ඒ අමා නිවනටමයි ඇලී ඉන්නේ. ඉතින් හොඳින් සිහි නුවණ පවත්වන සම්බුදුරජාණන් වහන්සේලාට දෙවියන් පවා කැමතියි.
(ගන්ඩබ්බ රුක්ඛ මූලයේදී යමා මහ පෙළහර අරභයා වදාළ ගාථාවකි ෴)