The Dhammapada – ධම්මපදය – බුද්ධ වග්ගය – 07
අනූපවාදෝ අනූපඝතෝ – පාතිමොක්ඛේ ච සංවරෝ
මත්තඤ්ඤුතා ච භත්තස්මිං - පන්තඤ්ච සයනාසනං
අධිචිත්තේ ච ආයෝගෝ – ඒතං බුද්ධාන සාසනං
කාටවත් නින්දා අපහාස කරන්ට හොඳ නෑ. කාගෙවත් ජීවිතයක් හානිකරන්ට හොඳ නෑ. ප‍්‍රාතිමෝක්ෂ සීලයෙන් සංවර වෙලා අවබෝධයෙන් යුක්තව දානෙ වළඳලා, දුර ඈත වන සෙනසුන්වල තමයි කල් ගෙවන්ට ඕනෙ. චිත්ත සමාධිය හොඳට පුරුදුවෙන්ට ඕනෙ. බුදුවරයන් වහන්සේලාගේ අනුශාසනාව මෙයයි.
(ජේතවනාරාමයේදී ආනන්ද තෙරුන් ඇසූ ප‍්‍රශ්නයකට පිළිතුරු වශයෙන් වදාළ ගාථාවකි ෴)