Temples of Sri Lanka

නව යොවුන් වියේ ප්‍රමෝදය

ළමා විය ඉක්මවමින් තුරුණුවියට පත් වූ නව යොවුන් වියේ ප්‍රමෝදය විඳගත් තරුණයකු..තරුණියක… වශයෙන් ඔබේ ප්‍රතිරූපය ගැන මදක් අවධානය යොමු කරන්නට ආරාධනයක් ලැබුණා යැයි සිතන්න…

 

😎 🤸 💑 ⛹️ 🚴 😎

දැන් හය හතර නොදන්නා සිඟිත්තෙකු ලෙස දෙමාපියන්ගේ අතින් අල්ලාගෙන පාසලට පිය නැගුව ඔබ තනිවම දෙපයින් නැගී සිටින වයසට පත්ව සිටී.

ඔබේ නිරෝගී දෑත් දෙපා දෙස බලන්න.ජීවයෙන් පිරි ප්‍රභාස්වර ව බබළන ඔබේ රුව දෙස ලොව බලා සිටී.පිළිබඳව විවිධ අංශයන්හි විසුරුණු දැනුමක් ඇති ඔබ වෙත තබා ඇති බලාපොරොත්තු බලන්න.

පුවත්පත් රූපවාහිනිය සහ ගුවන් විදුලිය මුළු ලොවම ඔබ හමුවේ තබා ඇත. හැම විනාඩියකම ඔබ දැනුමින් පොහොසත් කරන අතර ආත්ම විශ්වාසයෙන් පිරවීමද ඔවුන් විසින් කරනු ලබයි.

දවස ගානෙ ඔබ හුරු කර ගන්නා විවිධ කෞෂල්‍යයන් හේතුවෙන් ඔබට කළ හැකි කටයුතු ඉතාමත් පුලුල් ලෙස පවතී. නව දක්ෂතා ලැබෙත්ම පෙරට වඩා සවිමත් වනවා නොවේද ඔබ….?

දෙමව්පියන්ට අභිමානයක්ද ගුරුවරුන්ට ආභරණයක් ද ජාතියට සම්පතක්ද ලෙස නව ලොවට පිවිසෙන ඔබ කෙතරම් භාග්‍ය සම්පන්න ද..?

 

ඔබට ජය ගන්න ලොවක් ඇත. 💪💪💪

⛹️ බාධා ජය ගන්නට අවශ්‍ය ජවය ආත්ම විශ්වාසය හා කුසලතාවය අතින් ඔබ දිළිඳු නැත.

😃 ඔබ ගැනම සිතා සතුටින් සිනා සෙන්න ඔබ ප්‍රීති වන්න…

🍀 ඔබගේ යෞවනය, ඔබගේ කෞශල්‍ය, ඔබ උපන් දේශය, ඔබේ සම්පත් සේ සිතන්න.

 

මේ සම්පත් උපයෝගී කරගෙන ඔබ ජීවිතය අර්ථවත් කර ගත යුතුයි. ඔබ වැනිම ලක්ෂ සංඛ්‍යාත යෞවනයන් සමඟ ජයග්‍රාහි ගමනක් ඔබ යා යුතුයි. ජීවිතය ප්‍රභා සම්පන්න ආස්වාදජනක තෘප්තිකර අයුරින් ගොඩනගා ගැනීමට මේ තරම් සම්පත් තිබියදීත් ජීවිතය ඛේදවාචකයක් කරගන්නට තරම් අඥාන විය යුතුද ඔබ ….?

සියලු සම්පත් අතරින් ඔබ වඩාත් ශක්තිමත් ලෙස තෝරාගත් යුත්තේ ප්‍රයෝජනයට ගත යුත්තේ උචිත අනුචිත විචක්ෂණ යෙන්.. විචක්ෂණය උචිත අනුචිත විචක්ෂණය නම් හොඳ නරක සුදුසු නුසුදුසු ලෙස වෙන්කර හඳුනා ගැනීමට ඇති හැකියාවයි..

එම ශක්තියෙන් ප්‍රයෝජන ගැනීමට කිසි විටෙක අමතක නොකරන්න. ඔබේ යහපතට දියුණුවට හිතකර දෙය හදුනාගත හොත් අනාගතය සරු වෙයි. පසුතැවිල්ලට පත් වන තත්ත්වයක් ඇති නොවෙයි

ඔබ වැනිම ජවයෙන් දැනුමෙන් මෙන්ම වෙනත් බොහෝ සම්පත් වලින් සරුව සිට උචිත අනුචිත විචක්ෂණය නිසි පරිදි භාවිත නොකිරීම හේතුවෙන් ජීවිතය අඳුරට ඇති කර ගත් අය ගැන සිතන්න…

…වට පිට බලන විට එවැන්නන් දහස් ගණන් ඔබ හමුවේ පෙනී සිටිනු ඇත……

 

🍀 වැරදි මග ගිය කිසිවකු සාර්ථක වූයේ නැත. සාර්ථකත්වයේ මායාවක් දැක රැවටුණු ඔවුහු වැඩිකල් නොයාම ව්‍යසනයට පත් වූහ .

🍀 දවස් ගානක් මත්ද්‍රව්‍ය පරිහරණය හේතුවෙන් තමන්ට තමන්ම හිරිහැරයක් බරක් මෙන් ම ගැටලුවක් බවට පත් කරගත් යෞවනයෝ ජීවිත මිහිර අමිහිරි කර ගත්හ.

🍀 යොවුන් වියේදීම කායික ශක්තිය මෙන්ම මානසික ශක්තිය අහිමි කරගෙන නොපහන් මුහුණින් මුකුලිතව පරාජිතව සිටින්නවුන් ඔබට මතක ඇති.

 

😎 🤸 💑 ⛹️ 🚴 😎

තුරුණු විය ජීවිතයේ එක් පරිච්ඡේදයක් පමණි.එය වරද්දා ගත් විට ජීවිතේ තව ඉදිරියට ඇති වැදගත් කොටසක් මුළුමනින්ම වැරදී යා හැකිය.

ජීවිතේම වනසන අමන ක්‍රියා වලින් වැලකී මගේ මුළු ජීවිතේම සමබර ප්‍රසන්න සහ සාර්ථක කර ගනිමි යන අධිෂ්ඨානය කරගන්න…

ජීවිතයේ වටිනාකම තේරුම් ගන්න…

සමස්ත සාර්ථකත්වය තුල ආරම්භය එයයි…

 

😎 🤸 💑 ⛹️ 🚴 😎

🌹 මගේ ජීවිතේ වටිනවා …

🌹 මටත් මගේ පවුලේ අයටත් ගමටත් රටටත් මම වටිනවා…

🌹 බොහෝ වැඩ කළ හැකියි මට…

🌹 ඊට අවශ්‍ය ඉඩකඩ ශක්තිය මට තියෙනවා …

🌹 මම ඒ ශක්තිය හරියට හදුනාගෙන සාර්ථක ජීවිතයක් ගොඩනගා ගන්නවා …

යන අධිෂ්ඨානය ම ඒ සඳහා ප්‍රමාණවත්…

 

සාර්ථක මිනිසෙක් නම් කවරෙක්ද කවරෙක් ද…?

  1. සිරුරට හෝ මනසට හානිකර දෙයින් වැළකී… හිතකර දේ තේරුම් ගෙන, පරිහරණය කරන්නෙක්… සාර්ථක මිනිසෙක්…
  2. භාෂාව හොඳට විනීතව ව්‍යාප්තව භාවිතා කරන්නෙක්…
  3. විද්‍යානුකූලව තාර්කිකව වහා නිවැරදි ව සිතන්නට පුරුදු වූ අයෙක්….සාර්ථක මිනිසෙක්….
  4. සියලු ජීවීන් වෙත දයානුකම්පාව ඇති කාරුණිකත්වය ඇති කෙනෙක්….
  5. ප්‍රමාණවත් උගත්කමක් ලද ,නව දැනුම ලබන්නට කැමැති අයෙක්…සාර්ථක මිනිසෙක් ….
  6. ආත්ම ශක්තිය දැන …ආත්ම ගෞරවය ඇති හොඳ ස්ව සංකල්පයක් ඇත්තෙක් …
  7. උසස් රස වින්දන ශක්තියක් ඇති වූවෙක්… සාර්ථක මිනිසෙක් ….
  8. නිර්මාණ ශක්තිය වඩාත් වර්ධනය කර ගන්නා වූ… සංගීතය …සාහිත්‍ය …හා කලා ශිල්ප අගයන්නෙක්…
  9. ශ්‍රම ශක්තිය අගය කරන්නෙක්…. කෙටියෙන් දක්වතොත් සමබර පෞරුෂයක් ඇති පුද්ගලයෙක්…

සාර්ථක මිනිසෙක් ලෙස ගත හැක.

 

ඔබ ඔබ ගැනම යථාර්තවාදීව සිතන්න.

 

☘️ මේ විස්තරයට ගැලපෙන කදිම පුද්ගලයකු වීම සඳහා නිසඟ කුසලතා ශක්තිය ඔබ වෙත තිබේ.

☘️ සාර්ථක සමබර හා ප්‍රසන්න පුද්ගලයකු වීමේ භාග්‍යය ඇතිව උපන් ඔබ ඒ කරා ගමන් කරනවා මිස බාහිර බලපෑම් මත අනුන්ගේ අවඥාවට පිළිකුලට හා හාස්‍යයට ලක්වන අසාර්ථක පුද්ගලයකු බවට පත් විය යුතු නැත..

☘️ මත්පැන්,, මත්කුඩු,, ඇසැබි චිත්‍රපට,, ඔබගේ එම ඉදිරි ගමන ව්‍යාකූල කරන බාධක බව තේරුම් ගන්න..

☘️ තාවකාලික හා හානිකර පෙළඹීම් වලට ගොදුරුව ගිනිසිළුව කරා ගිය පළඟැටියෙක් මෙන් ජීවිතේ විනාස කර ගන්නට ඉඩ නොතබන්න..

 

🖤 එසේ වැනසුණු පුද්ගලයන්ගේ නිදර්ශන ඕනෑ තරම් ඔබ හමුවේ ඇති.

🌹 අභියෝගය තේරුම් ගෙන

🌹 තම වටිනාකම ගැන ආවර්ජනය කර

🌹 ඉතා සාර්ථක උත්කර්ෂවත් අනාගතයක් සඳහා…

 

💚 පූර්ණ විශ්වාසය ඇතිව නුවණින් ක්‍රියා කරන්න.

 

❤️ මේ තරුණ ඔබට ඇති අවදානමෙන් ගැලවීම පිණිස ආදරයෙන් ලබා දෙන අවධානයයි!!!

© Buddhist Brotherhood

You might also like
en English
X
X