Temples of Sri Lanka

සිල්වතුන්ට ගර්හා කිරීම අකුසලයකි

කෙනෙකු දුගතිය කරා යා හැකි කරුණු වශයෙන් දැක්විය හැකි මුල්ම කරුණ තමයි මිත්යාදෘෂ්ඨිය
ඒ වගේමයි දුස්සීල වීම. සිත අකුසලයෙහි පිහිටීම .මේ වගේ කරුණු කෙනෙකුගේ සිතේ ඇති වෙනවා නම් එයට කියන්නේ විපත්ති කියලා දිට්ඨි විපත්ති කියනවා මිත්යාදෘෂ්ටියට සීල විපත්ති කියනවා දුස්සීල වීමට සිත අකුසලයෙහි පිහිටීම චිත්ත විපත්ති කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා

 

ඒ වගේමයි සුගතිය කරා යන්නේත් සම්පත්තිය නිසා. දිට්ඨි සම්පත්තිය කියනවා සම්මා දිට්ඨියට. සීල සම්පත්තිය කියලා කියනවා ශීලයේ පිහිටීමට .චිත්ත සම්පත්තිය කියනවා සිත කුසලයෙහි පිහිටීමට. මේ සම්පත් තුන වෙනුවට කෙනෙකු ඉහත කී විපත් තුන ඇතිකර ගත්තොත් ඔහු ඉතා අවාසනාවන්ත බවට පත්වෙනවා

 

ඒවගේම සිල්වතුන්ට ගරහා කිරීම නින්දා අපහාස කිරීම අවලාද කිරීම ධර්ම මාර්ගයේ ගමන් කිරීමට විශාල බාධාවක් වෙනවා .බුද්ධ දේශනාවෙහි සඳහන් වෙනවා එසේ ගැරහීම කිරීමෙන් ආර්ය උපවාදයක් සිදුවෙනවා කියලා.
එසේ සිදු වීමෙන් මේ ජීවිතයේදී විශාල බරපතළ ප්රශ්න වලට මුහුණදීමට සිදුවෙනවා කියලා. මේ ජීවිතයේදී ඒ පුද්ගලයාට සිල් රැක ගත නොහැකි වෙන බව, මොන හේතුවක් නිසා හෝ දුස්සීල බවට පත්වෙනවා .උමතු වෙනවා. සිහි විකල් වෙනවා . ලැබෙන්න තිබෙන සැප සම්පත් පිරිහිලා යනවා භයානක රෝග උපද්රව වලට මුහුණ දීමට ලක්වෙනවා ජීවිතයේ ලාමක වෙලා මැරිලා ගිහින් දුගතියේ උපදිනවා

 

මේ සියලුම දේ සිදු වෙන්නේ සිදුවන්නේ සිල්වතුන්ට ගැරහීමෙන්…
එනිසා අප හිතන්නට ඕනෑ සිල්වතුන් සම්බන්ධයෙන් කෙනෙකු ඇසුරෙන් අවබෝධයෙන් තීරණයක් ගන්නවා හැර සිල්වතුන්ට ගැරහීම විශාල හානිදායක දෙයක් බව බුදුරජාණන් වහන්සේගේ කාලයේදීත් ඉතාම සිල්වත් ව බඹසර රැකදෙන හිටපු ස්වාමීන් වහන්සේලාට ඇතැම් භික්ෂූන් වහන්සේලා ගරහලා තිබෙනවා

 

බුද්ධ දේශනාවේ සඳහන් වෙන්නේ දබ්බමල්ල පුත්ත පුත්ත රහතන් වහන්සේට මෙත්තිකා කියලා භික්ෂුණියක් නින්දා අපහාස කළා.ගැරහීම් කළා එවිට බුදුරජාණන් වහන්සේ වදාළා හිස සත් කඩකට පැලෙන්න පෙර සමාව ගන්න කියලා. ඒ වගේම සැරියුත් මුගලන් මහරහතන් වහන්සේට ලාභ සත්කාරවලින් මඩනා ලද සිත් ඇති කෝකාලික කියන භික්ෂුවක් ගැරහීමක් කරන්න පටන් ගත්තා. කෝකාලික භික්ෂුව ඒ නිසාම ඊට දිට්ඨධම්ම වේදනීය විපාක වින්දා..
මෙයින් අපට පේනවා ලාභ සත්කාර මුල් කරගෙන හෝ සිල්වත් භික්ෂුවකට බ්රහ්මචාරී ජීවිතය ආරක්ෂා කරගෙන සිටින භික්ෂුවකට අබ්රහ්ම චාරයෙන් චෝදනා කළ හොත් එය බරපතළ අකුසලයකට හේතු වෙන බව. සිල්වත් ගිහියකුට වුවත් එසේ චෝදනා කිරීම විශාල අකුසලයක් ලෙස දකින්නට පුළුවන්

 

මේ නිසා දුස්සීල භාවයෙන් සිල්වතුන්ට චෝදනා කිරීම තුළින් ඔහුට නිරයේ ඉපදීමට සිද්ධ වෙනවා දුස්සීල භාවයෙන් යුතු යැයි සිල්වතුන්ට චෝදනා කිරීමෙන් ඒ තැනැත්තාට මේ ජීවිතයේදී සීලය දියුණු කරගන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ .මාර්ගඵල අවබෝධ කරගැනීමට නොහැකි වීම නිසා චිත්ත සමාධිය දියුණු කරගන්නට බැරි වෙනවා. ඒ වගේ විශාල බරපතළ කරදර වලින් මේ ජීවිතය කෙළවරක් දකිනවා. ඒ නිසා සිල්වතුන්ට ගර්හා කිරීම මිනිස් ජීවිතයට තමා විසින් කරගන්නා බරපතලම පවක්… ඒ වගේම වරදක්… තමන්ගෙන් එවැනි වරදක් සිදු වුණොත් සිල්වතුන්ගේ අවංකවම සමාව අරගෙන වැරැද්ද නිවැරැදි කරගත හොත් පවින් බේරීමක් තිබෙනවා.. නැතිනම් බොහෝ කලක් නිරයේ දුක් විඳින බව තරයේ අවබෝධ කරගත යුතුයි.
මේ නිසා සිල්වතුන්ට ගැරහීම කිසිසේත්ම නොකළ යුතු දෙයක්.. එයින් පිරිහෙන්නේ ගැරහීම කරන තැනැත්තාමයි. සිල්වතා තව තවත් බැබලෙනවා .ඔහුගේ පිරිහීමක් සිදු වන්නේම නැහැ…

 

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood
You might also like
en English
X
X