වත්මන තුළ අතරමං නොවීමට
දිවා රැය ගත වන්නේ මිනිසුන්ගේ ආයුෂය ගෙවා දමමින්. කාලය ඉතා වේගයෙන් ඉක්ම යන විට එක් එක් මිනිසුන් විසින් මිහිමත බොහෝ දේ සනිටුහන් කරනවා.. ඉතිහාස කතාවන් ඒ අයුරින් ම දන්නා වර්තමානයක් නූතන ලෝකයට නැත. හේතු කිහිපයක් නිසාවෙන් එය එසේ වී ඇත. ඒ ඉතිහාස පුවත් ලියැවී නැත. ඉතිහාස පුවත් සත්‍ය යැයි තහවුරු කළ හැකි භෞතික සාධක මුණගැසී නැත. ඉතිහාසය පරම්පරාවන් හරහා ඉදිරියට සම්ප්‍රේෂණය වීමේ දී යම් තැනක එය නිසි ලෙසින් සිදු වීද නැත. අලුත් පරම්පරාව ඒ ඉතිහාස අධ්‍යයනය කොට ද නැත. නමුත් මේ සියලු කාරණා අතර වුවත් ශ්‍රී ලාංකිකයන් ලෙස අප භාග්‍යවත්. මන්ද අපගේ ඉතිහාස පුවත ලියැවී තිබෙන නිසාවෙනි. එය සත්‍ය යැයි තහවුරු කරන සාධක පමණක් නොව, එකිනෙකට මනාව ගැළපේ. මින් එහි අඛණ්ඩ ගලායාම තහවුරු කරන සාධක ද මුණ ගැසී තිබේ. ඉතිහාසය මෙසේ වී යැයි කියා මුතුන් මිත්තන් අපට ඉතිහාසයේ සිට පණිවිඩ යවා ඇත. එහෙත් ගැටලුව ඇත්තේ අලුත් පරම්පරාව ඉතිහාසය මැනවින් අධ්‍යයනය කොට තිබේද යන්නයි. වර්තමාන වැඩිහිටි පරපුර විසින් එකී ඉතිහාස පණිවුඩය මැනවින් සම්ප්‍රේෂණය කොට තිබේද යන්නයි.
ලෝකයට හුදු වාස්තු නිර්මාණයක් පමණක් ම වන ඉදිකිරීමක් සුවිශිෂ්ට සම්ප්‍රදායික සහ අද්විතීය ශිෂ්ටාචාරයක ගොඩනැගීම බව ඔප්පු කළ හැක්කේ ඒවා නිර්මාණය කුමක් අරබයා කෙසේ කවුරුන් විසින් ගොඩනගන ලද්දේ ද යන්න දන්නේ නම් පමණයි .
එසේ නොවුණහොත් එය හුදු ගඩොළු ගොඩක් මැටි ගොඩක් පස් ගොඩක් පමණක් කියා කීම වැනි ප්‍රාථමික මතයක් දැරීම හැර අන් යමක් කළ නොහැකිය.
ඉතිහාසය කෙසේ වී ද කියා නොදන්න උන්ට සහ තමන්ගේ සිරුරේ දිවයන රක්ත වර්ණ රුධිරයට මුසු වූ මුළු මහත් ලෝකය තුළම අපමණ වෙනසක් වෙන්න අනන්‍යතාවයේ මූලබීජ නොදන්න උන්ට අහස සිඹිමින් ඉහළට එසැවුණු දාගැබක් යනු හුදු ගඩොල් ගොඩක් පමණයි. නැතහොත් තමාගේ අතින් වූ වරදක් වසන්නට ඉදිකරන ලද්දක් පමණයි. සිදු කරන ලද කර්මයක් විපාක නොදී නො ගෙවන බව දන්නා දහමක අනුගාමිකයන් තමාගේ කර්මයන් අල්ලස කින් වසන්නට උත්සාහ නොකරන බව සිතන්නට තරම් වත් ප්‍රායෝගික බුද්ධියක් ඔවුන්ට නොතිබීම පුදුමයක් ද නො වන්නේ මෙය හුදු උගතුන්ට නොව ප්‍රඥාවන්තයින්ට පමණක් ගෝචර වන නිසයි.
ගාමිණි අභය යනු ලාංකීය වංශ කතාවේ මහ යුග පුරුෂයෙකි. ඉසුරින් පිරී ගත් රත්න දීපය ලෙස පෙරදිග වෙළඳාමේ යෙදෙන වෙන දුන් අතර ප්‍රකට වූ සිංහල ශ්‍රී බුද්ධ වර්ෂ 236 දී බෞද්ධ රටක් බවට පත්වුණේ රටේ පාලකයා වූ දෙවනපෑතිස් රජු සහ ජනයා තිසරණ ගතවීමෙන්.ගාමිණි අභය උත්තම පරපුරේ මුණුපුරෙකි. අපද අයත් ඒ පරපුරට මිස අනෙකෙකු නොවේ. කුරා කුහුඹුවෙකුට වුවද හිංසාවක් නොකරන අවිහිංසක දහමක අනුගාමිකයන් වූ හෙළයන් සෑදූ යුග පුරුෂයෙකි
හෙළයේ බෞද්ධ වංශ කතාව නැවත එන්නට ඉඩ නො තිබුණා නොවේ. එහෙත් මේ රට ගෞතම සම්බුදු සසුනේ ධර්ම භාණ්ඩාගාරය බවට පත්වන්නට සම්බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි අවධියේ දී අබිසෙස් ලද රටක් බවට පත්වුණා. එනිසා මෙරට බෞද්ධ සම්ප්‍රදායන් ආරක්ෂා වීම එක් ධර්මතාවයක් ම වූ බව පෙනී යනව. අසේල රජු විසින් සේන හා ගුත්තික පරදවා රට කර වීම අරඹන්නේ ඒ විදිහටයි.
යළි යළිත් යුද්ධ කිරීමේ මානසිකත්වයක් හෝ උවමනාවක් මේ අවිහිංසක රටවැසියන්ට තිබුණේ නැහැ. දැහැමිව ගොඩනැගීමත් හැර යුද්ධයක් ගැන සිතා ඔවුන්ට පැවැත්වූයේ නැහැ ප්‍රතිඵලය වූයේ සේනා සන්නද්ධව පැමිණි එළාර නම් ඉන්දීය ආක්‍රමණිකයන් අසේල රජු ඝාතනය කොට අනුරාධපුර බලය අල්ලා ගැනීමයි. නිරායුධ මිනිසුන්ට එරෙහිව පවිටු සහ කෲර ලෙසින් ආයුධ යෙදවීමක් පමණක්ම වුණා සට කපට මායා සහිත එළාර වැනි අයෙක්ට එය කිරීම අපහසු නැහැ .ඒ කාලයට සමගාමීව කැළණිය ප්‍රාදේශීය රාජ්‍ය මුහුදු ගොඩ ගැලීමකින් විනාශ වුනා. මාගම ප්‍රාදේශීය රාජ්‍ය කරවූ කාවන්තිස්සට තනිව එළාර හා සටන් කරන්නට යුද බලයක් නොවූ නිසාම කැලණිය ද අපරාජවී තිබුණ නිසා සහයක් ලද හැකි කෙනෙක් ද නොවීය
ඒ නිසාම සුදුසු කාලය එළඹෙන තුරු කාවන්තිස්ස රජුට බලා සිටින්නට සිදු වූ විය. පුත් කුමරකු උපදින්නට පෙර පටන්ම ඔහු යෝද බල ඇති සෙන්පතිවරුන් පාලනයට සම්බධ බල ඇති සෙන්පතිවරුන් පාලනයට සම්බන්ධ කරගත්තා. කාවන්තිස්ස රජු ආක්රමණිකයෙකු පරාජය කිරීම ආවේගයෙන් කළ නොහැක්කක් බවත් නිසි සැලසුම් ඇති උපායශීලී ව ම කළ යුතු බවත් තමන්ගේ දර්ශනය වූ අවිහිංසක සම්ප්රදාය ඉක්මවා යන්නට ඇති ඉඩ හැකි සෑම අයුරකින්ම අවම කරමින් කළ යුත්තක් බවත් තේරුම් ගන්නට තරම් විචක්ෂණශීලී පාලකයකු වී තිබීම ඉතා වැදගත් වුනා..
ඉවසීමේ රට වැසියන් පමණක් නොවෙයි යුද බලය උපරිම අවදියේද තමන්ට සටනට යෑමට නොදීම වැල කමක් යැයි ඔහුගේ පුත් වූ ගාමිණි අභය කුමරු ද සිතුව නමුත් ධර්මතාවයන් වෙනස් කළ නොහැකියි. ගාමිණී අභය මනු ලොවට එන්න සියක් වසරකට පෙර ලෝකයේ අවබෝධ කළ නිකෙලෙස් මුනිවරු මිහිඳු මහරහතන් වහන්සේ මේ කුමරු ලක්දිව එක් සේසත් කොට ගෞතම සම්බුදු සසුනේ මහා සෑය කරවන බව දැන්වූ වදාරන කල්හි ද ලක්දිව තිබුණේ එක් සේසත් වයි.එනම් ගාමිණි අභය කුමරුට පෙර මෙබිම අන්‍ය පාලකයන්ට නතුවීම විය යුතුව තිබුණා ඔහු ආක්රමණිකයා පරදවා රට එක්සේසත් කොට මහා සෑය බුදු සසුනට පිදුම් කළ යුතුව තිබුණා.
මහමෙව්නා උයනේ ශිලා ස්තම්භයේ මැනවින් කොටා තිබුණේ ද එකී නියත පණිවුඩ සිදුවූයේ ද එය ම විනා අනෙකක් නොවේ
මාගම්පුර සේනාවට මහියංගනය සිට අනුරාධපුරයට එන්නට අවුරුදු 4ක කාලයක් ගත වුනා. ඒ සා කාලයක් ගනිමින් සිදු කළේ සහසර යුද්ධයක් නොවේ නොකර බැරි නිසා සිදු කරන එහෙත් එය තුළ ද අවිහිංසක ජීවන සම්ප්රදාය උපරිමයෙන් රකින නිදහස් අරගලයක්.. ගාමිණී අභය රජුද යුද වදින්නට වූයේ දමිළ ආක්රමණිකයා සමඟ පමණක් නොවේ. අවිහිංසාව සම්ප්රදාය කරගත් ජීවන ප්රවාහයක නොඇඳීම පිණිස ද ඔහු යුද කළ යුතු වුණා වූ පළමු යුද්දය සහමුලින්ම ද… දෙවන යුද්ධය හැකි උපරිමයෙන් ද… ජයගත්තේ ..පව් නොකරන ක්‍රමයක් විනා පව් කමා කරන ක්‍රමයක් අප අනුදකින දහමේ තිබුනේ නැති හෙයිනි.
ගාමිණී අභය රජු ද ස්වර්ණමාලී අභය රජු ද ස්වර්ණමාලී මහා සෑය ද ඉතිහාසයේ ද වර්තමානය සේම ප්රකටව තිබුණත් මෙහි ඇති වෙනස තේරුම් ගැනීම ප්‍රඥාවන්තයින්ට ම අප භාර කරන්නේ එය ප්‍රඥාවන්තයින්ට පමණක්ම ගෝචර වන නිසයි.
එහෙත් එක් දෙයක් අවධාරණය කළ යුතුව තිබෙනවා ඉතිහාසය නොදැන සිටීමත්.. ඉතිහාසය විකෘති කිරීමත් එකසේම භයානකයි .
ඉතිහාසය නොදන්න උන්ට ඓතිහාසික ප්‍රවාහය සිඳී යන අයුරු හෝ වසා දමන අයුරු දකින්නට ලැබෙන්නේ නෑ.
එසේ වැසී යන්නේ ලොව අසමසම වූ ජීවන සම්ප්රදාය බව ඔවුන් දන්න දේ හා නොදන්නා අලුත් පරපුර කොතනින් නවතියිද.
ඇතැම්විට ඒ නැවතීම තුළ අප සුද්දන්ගේ පරපුරක වහලුන් වී ආක්‍රමණ නිසා හැඳි ගෑරුප්පු සහ හමේ සුදු පැහැය අහිමිවීමේ කොදෙව්වේ සිර වූ මානසික වහල් සැකකරුවන් වන්නටද බැරි කමක් නෑ..
සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood