Temples of Sri Lanka

සැප සලසන පින් නිරන්තරයෙන් රැස් කර ගන්න

අපේ ජීවිත ගොඩක් යහපත් කරගන්නට උදව් කරන වටිනාම ගුණධර්ම කියාදෙන මහා කාරුණික බුදුරජාණන් වහන්සේට නමස්කාර කරමි.

අපි කවුරුත් කැමතියි ලස්සනට ඉන්න. ඔයාලා වගේම ලෝකෙ හැමෝමත් කැමති සතුටින් ලස්සනට ජීවත්වෙන්න. ඒත් කෑම තිබූ පමණින්ම සතුට සපිරුණු ලස්සන ජීවිතයක් ලබා ලබාගන්න අවස්ථාවක් ලැබෙන්නෙ නෑ. ඉතින් කැමතිනම් දුක් කරදර නැති සතුටු සොම්නස පිරුණු ජීවිතයක් ලබා ගන්න, ඒ සඳහා අපි යම් වැඩ කොටසක් කරන්නට අවශ්‍යයි. ඒ සතුට පිරුණු ජීවිතයක් අපට උදා කරලා දෙන වැඩපිළිවෙළ කියන්නේ පින් සිද්ධ කිරීමයි.මිනිස් ලෝකයේ ඉද්දි පින් කරගෙන දිව්‍ය ලෝකෙට ගිහින් බොහොම සතුටින් ලස්සනට ජීවත්වෙන්න අපට පුළුවන්කමක් තියෙනවා.
ඒ සම්බන්දව ලියවුනු බොහොමයක් කතාත් අපි සතුව තිබෙනවා .

මින් වසර ගණනාවකට පෙර අපේ රටේ ආසන්නයේම තියෙන ඉන්දියාවේ විශේෂ සිදුවීමක් සිද්ද වුණා. ඒ තමයි සිද්ධාර්ථ නමින් සිටි ඉතාමත් වීර්යවන්ත තරුණ කුමාරයෙක් සිද්ධාර්ථ ගෞතම නමින් සම්බුදු බවට පත්වීම. මේ කතාව මුළු ඉන්දියාව පුරා වේගයෙන් පැතිර ගියා. එහි හිටපු මිනිසුන් බුදුරජාණන් වහන්සේ දකින්න බොහෝ දුර ගෙවා ගෙන පැමිණියා ඉතින් බුදු සමිඳාණෝ ඒ මිනිස්සුන්ට ජීවිතය හොඳින් ගත කරන ආකාරය ගැන ගුණධර්ම ඇතිකර ගන්නා ආකාරය ගැන ඉතාම පැහැදිලිව කියලා දුන්නා. ඒ විස්තර අහපු බොහෝ දෙනා ඉතාම ආදරයෙන් බුදුරජාණන් වහන්සේව සරණ ගියා ධර්මය සරණ ගියා ඒ අතර සිටි බොහෝ තරුණ පිරිස් බුදු සමිඳුන් ළඟ පැවිදි වුණා සියලු දුකින් නිදහස් වුණා ලෝකයට මහා සංඝ රත්නය පහල උනා ඉතින් ඒ පින්වත් ස්වාමීන් වහන්සේලා ඉන්දියාව පුරාම චාරිකාවේ වැඩියා. ගමින් ගමට වැඩියා. බොහෝ මිනිසුන්ට ගුණ ධර්ම ඇති කරගන්නා ආකාරය පිළිබඳව කියලා දුන්නා. පින් ගැන කියලා දුන්නා. ඉතින් ඒ ධර්මය අහපු බොහෝ දෙනා තමන් කරමින් සිටි නරක දේවල් අත්හැරියා. හොඳ දේවල් නැති කරගත්තා….

ඒගොල්ලො දන්පැන් පූජා කරන්න සිල් රකින්න භාවනා කරන්න ස්වාමීන් වහන්සේලාට උපස්ථාන කරන්න පටන් ගත්තා. දැන් මුළු ඉන්දියාවේම වගේ පින ගැන ම කතා කරනවා. දුකින් නිදහස් වෙලා ලබන සතුට පිරුණු ජීවිතය ගැන කතා කරනවා. දුප්පත් පොහොසත් බේදයක් නැතිව වැඩිමහලු බාල භේදයක් නැතිව හැමෝම වගේ පින් කරනවා.

ඒ කාලේ වැඩ හිටපු ස්වාමීන් වහන්සේලා දාන වැළඳුවේ එක වේලයි. ඒත් උදේ කාලේ විතරයි. ඉතින් ඒ ස්වාමීන් වහන්සේලා දානය සොයාගන්නේ පිණ්ඩපාතේ වැඩලා.එක දවසක් එක්තරා ස්වාමීන් වහන්සේ නමක් ඔය විදියට පිණ්ඩපාතේ වැඩියා.දිනක් නිවසක් ඉදිරිපිට නැවතුනා.. ඒ ගෙදර හිටිය කාන්තාව මේ ස්වාමීන් වහන්සේව දැක්කා.
එම කාන්තාව තෙරුවන් කෙරෙහි පැහැදීම ඇතුව හිටපු කෙනෙක්. ඉතින් අර ස්වාමීන් වහන්සේව දුටු පමණින් ම ඇය ගොඩක් සතුටට පත්වුණා.මගේ නිවසට වඩින්න කියලා ස්වාමීන් වහන්සේට ආරාධනා කළා. ස්වාමීන් වහන්සේ ඒ නිවෙසට වැඩිය. එතකොට ඒ කාන්තාව රන්වන් පාට රෙදි කඩක් ගෙන විත් ආසනයට ඇතිරුවා ස්වාමීන් වහන්සේට වැඩසිටීම පිණිස ඒ ආසන පූජා කළා. ඉන්පස්සෙ ඉතාම ගෞරවයෙන් පසඟ පිහිටුවලා ස්වාමීන් වහන්සේට වන්දනා කළා නමස්කාර කළේ නෑ කාන්තාවට පුළුවන් ආකාරයට.. දාන සකස් කරලා ඒ ස්වාමීන් වහන්සේට පූජා කළා ඇය ඒ හැම දෙයක්ම කලේ ගොඩක් සන්තෝසෙන් සැප ලැබෙනවා කියන කාරණය හොඳට හිතේ තියාගෙන ඉතින් අවසන් වෙලා ඒ ස්වාමීන් වහන්සේ ඒ කාන්තාවට ධර්මය දේශනා කරලා පිටත් වුණා.

ටික කාලයක් ගත උනා ඒ කාන්තාව ටික ටික වයසට ගියා

හදිසියේම වගේ එක්තරා ලෙඩක් හැදුනා හොඳටම අමාරු උනා බෙහෙත් ගත්තා ඒත් ලෙඩේ හොද වෙන පාටක් නෑ.

කාන්තාවට අසනීපය හොඳටම වැඩි වුණා මරණාසන්න වුනා ලෙඩ ඇඳේ බොහෝම වේදනාවෙන් ඉන්න මේ කාන්තාවට දැන් මතක් වෙන්නෙම තමන් අර කලින් ස්වාමීන් වහන්සේ නමට ආසනයක් පූජා කරල දානය පූජා කර ගත්තු සිදුවීම.

මතක් වෙද්දි මතක් වෙද්දි මේ කාන්තාවට ලොකු සතුටක් ඉපදුනා දුක් පීඩා අමතක වෙලා ගියා ටික වෙලාවකින් කාන්තාව මරණයට පත් වුණා.

ඒ කාන්තාව කරගත් පින් ඒ ආනුභාවයෙන් තව්තිසා දෙව්ලොව දෙව්දුවක් වෙලා ඉපදුනා.ඇයට උපස්ථාන කරන්න දිව්‍ය අප්සරාවෝ දාහක් මේ කාන්තාවට ලැබුනා.මනුස්ස ලෝකෙදි ස්වාමීන් වහන්සේ නමකට වැඩ හිඳින්න ආසනයක් පූජා කළ නිසා ඒ දෙව්දුව ටත් ආසනයක් ලැබුණා. ඒ පුටුව කිලෝමීටර දහයක් විතර දුරට පැතිරුණ විශාල එකක් ඒ විතරක් නෙමෙයි ඒ පුටුව ඉඳගත්තාම ඉතාමත් වේගයෙන් අහසින් ගමන් කරන්න පුළුවන්. ගුවන් යානයකට වඩා වේගයෙන් ඒ පුටුව ගමන් කරනවා.

සිත පහදවාගෙන ස්වාමීන් වහන්සේ නමකට ආසනයක් පූජා කර ගැනීමෙන් ලැබුණු පිනක අසිරිය බලන්න.

ඒ පිනෙන් ම මේ කාන්තාවට විශාල දිවි මාලිගාවක් පහළ වුණා ඒ මාලිගාවේ විශාලත්වය යොදුන් දොළහක් ඒ කියන්නේ කිලෝමීටර් 120 ක විතර ප්‍රදේශයක පැතිරුණු ඉතාම විශාල ඉතාම ලස්සන මාලිගාවක්

ඒ විතරක් නෙමෙයි දෙව්දුවට අතිශය සෝබමාන දේව ආභරණ පහළ වුණා. ඒ දිව්‍ය ආභරණවලින් සැරසුණු ඇය හිරු සඳු මෙන් බබලන්නට පටන් ගත්තා. ලස්සන ජීවිතයකට උරුමකම් කියන්නට පුළුවන්කම ලැබුණා

ඉතින් මිනිස් ලෝකය සිටිද්දී තමන් කරගත් පින නිසාමයි ඒ කාන්තාවට යහපත උදා වුණේ.දෙව්ලොව උපතක් හිමිවුණේ. එනිසා පින් කිරීමට කැමැත්තක් ඇති කර ගන්නට අවශ්‍යයි. තමන් කරගන්න පිනෙන් මයි තමන්ට සැප උපදවා දෙන්නෙ…

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X