Temples of Sri Lanka

ප්‍රඥාව සුවිශේෂි අංගයක් වන්නේ කෙසේද

බුදුරජාණන් වහන්සේ ලොවට පහළ වූයේ එකම ඉලක්කයක් පිනිසයි. එනම් ලෝක සත්ත්වයාගේ නිමක් නොමැති වූ සංසාරයේ සැරිසැරීම නැවැත්වීම සඳහා යි. මේ දුක්ඛිත සසර සයුරෙන් එතෙර කරවීම පිණිසයි. මෙය කළ හැක්කේ බුදුවරුන්ට පමනමයි. බුදුරජාණන් වහන්සේ විසින් එය සඳහා දේශනා කරන ලද්දේ එකම මඟක්… එනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි.

ප්‍රඥාවන්ත පුද්ගලයකුට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අසන්නට ලැබෙයි ඔහුට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලෙස අසන්නට ලැබිය යුතු වන්නේ චතුරාර්ය සත්‍ය යයි චතුරාර්ය සත්‍යය යනු කුමක්ද? පළමු ආර්ය සත්‍යය දුකයි… දෙවන ආර්ය සත්‍ය දුක උපදවන්නට හේතු වූ කාරණාවයි තුන්වෙනි ආර්ය සත්‍ය දුක නිරුද්ධ වීමයි සතරවෙනි ආර්ය සත්‍යය දුක නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාවයි.බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා මේ පූර්ණ චතුරාර්ය සත්‍ය පියවර තුනකින් සම්පූර්ණ අවබෝධයකට පත්වෙයිඑනම් සත්‍ය ඤාණ කෘත්‍ය ඤාණ කෘත ඤාණ වශයෙනි.

චතුරාර්ය සත්‍යයෙන් විස්තර වන්නේ ලෝකයේ තිබෙන වෙනස් නොවෙන අකාලික සත්‍යයකි මෙය එබඳු සත්‍යයක් බවට පළමුවෙන්ම ඇතිවන අවබෝධයට සෝතාපන්න වීම යයි කියනු ලැබේ

එනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිවිසීමයි මේ අවබෝධය පිණිස ඔහුට තමා තුළ ඇති එක්තරා දෙයක් මහෝපකාරී වෙයි එය ඔහුගේ ප්‍රඥාවයි

මෙසේ සෝතාපන්න වීමෙන් පසු ඔහු බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අවබෝධයෙන්ම පැමිණි ප්‍රඥාවන්ත ශ්‍රාවකයෙක් බවට පත්වෙනවා ඔහු ධර්මය සැක කරන්නේ නෑ ඔහු තමාට පිහිට විය හැකි වෙනත් ආගම් තිබේද යන්න සොයනවා ලෝකෙ පුරා පැතිරී තිබෙන නොයෙක් විශ්වාස පසුපස යන්නේ නෑ ජීවිතාවබෝධය පිණිස වෙනත් බාහිර මතිමතාන්තර අනුගමනය කරන්නේ නෑ

බුදුරජාණන් වහන්සේ පළමු ආර්ය සත්‍යය ලෙස පෙන්නුවෙ දුක උන්වහන්සේ දුක වශයෙන් පෙන්නූ යමක් ඇද්ද එය කොතැනක තිබුණත් දුකමයි කොයි කාලයක තිබුනත් දුකමණත් කාහට තිබුනත් දුකයි ලොව කාට උනත් දුක දුකමයි.

එය රටකට හෝ ජාතියකට හෝ දේශයකට හෝ සීමා වී නැත බුදුරජාණන් වහන්සේ පැවසූ දුක කුමක්ද ඒ ඒ සත්ත්වයන්ගේ ඒ ඒ සත්ත්ව යෝනි තුළ යම් ඉපදීමක් ඇද්ද එහි උපදින කෙනා දුක අත්විඳී.ලෝකෙ කවුරුත් සිනහවෙමින් උපදින්නේ නැහැ උපදින හැම කෙනාම දුක විඳිනවා උපන් සත්වයා වයසට යයි වයසට යන විට ඉන්ද්‍රියන් දුර්වල වෙයි ඇස් නොපෙනී යයි වෙයි මෙවැනි දෙයකින් කෙනෙකුට සැපක් වින්දන හැකිද ඒ තුළින් ඔහු අත්විඳින්නේ දුකයි ඒ වැලැක්වීමටත් නොහැකී නොනවත්වාම වයසට යමින් දුබල වෙයි රෝගයන්ට බඳුන්වීම නොවැළැක්විය හැකි දුකක් ලෝකයේ මිනිසුන්ට වැළඳෙන නොයෙක් ලෙඩ රෝග ඇත.ඒ කොයි ලෙඩ රෝගය වැළඳුණා ත් ඔහු දුක අත්විඳි

ඒ නිසා ලෙඩ දුක් ඇති විම වීම වලක්වාගන්නට අපි කවුරුත් බොහොම මහන්සි ගනිමින් සිටින නමුත් කොයි මොහොතක කුමන රෝගයකට ගොදුරු වේ දැයි කවුරුත් දන්නේ නෑ

ලෙඩ වීමට අපි අකමැතිව සිටින්නේය.ඒ දුකක් නිසයි අපි කවුරුත් මැරෙන අයයි.අප කිසිවෙකුට එය වැළැක්විය නොහැකියි. මැරෙන්නේ කවදාද අපි දන්නේ නැහැ සත්‍ය අවබෝධ කාහටත් ඒ මරණය ඉතා දුක්ඛිත අත්දැකීමක් මෙසේ අප කවුරුත් කායිකවත් මානසිකවත් දුක් විඳිමින් සිටිමු

මෙය ක්‍රමයෙන් ගැඹුරට අවබෝධ කිරීමට ධර්මයෙන් උගන්වයි මේ ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ වශයෙන් පැවසූ ධර්මය ලෝකයේ කොතැනක ඉපදී සිටි සිටියත් කාහටත් සාධාරණයි. පොදු සත්වයාට එය ආර්ය සත්‍යයක් වන්නේ ඒ නිසාමයි

බුදුන් වහන්සේ දුක් උපදවන හේතුව වශයෙන් වදාලේ කුමක්ද? එනම් තණ්හාව තණ්හාව යනු ගසක් වැනි දෙයක් දසත පැතිර ගිය බොහෝ අතු තිබෙනවා ඒ කොයි අතිනුත් හටගන්නේ ඒ ගසට අයත් මල් සහ ගෙඩි එමෙන්ම තණ්හා ගසෙහි ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය පළිගැනීම එකට එක කිරීම මාන්නය අනුන්ගේ ගුණ මකා දැමීම අනුන් සතු දෙයට ආශාකිරීම ලෝභය, තමා හුවා දැක්වීම අනුන් හෙළා දැක්වීම ආදී බොහෝ අතු ඇත.

ඒ කුමකින් නමුත් හටගන්නේ එකම ප්‍රතිඵලය.එනම් එයට අනුරූප වූ දුකක් හට ගැනීමයි. මෙය ලෝකයේ පවතින ආර්ය සත්‍යයක් වන්නේ එනිසායි.

ශ්‍රාවකයා හට ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිවිසීමට මේ අවබෝධය බොහෝ ප්‍රයෝජනවත් වෙනවා.චතුරාර්ය සත්‍යයේ තුන්වෙනි ආර්ය සත්‍යය වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාළේ නිරුද්ධ වීම. නිරුද්ධවීම නිර්මාණය වශයෙන් හඳුන්වන්නේද එයයි.

කෙනෙකු තුළ දුක් උපදවන්නට හේතු වූ කරුණු සියල්ලම සියල්ල ම නිරුද්ධ වුණොත් ඔහු තුළ යළි කිසිදා දුක හට ගන්නේ නෑ එවිට ඔහු දුකින් නිදහස් වෙනවා ඔහු විමුක්තියත් දකිනවා

විමුක්තිය යනු ශූන්‍යතාවය නොවෙයි විමුක්තිය යනු කිසිවක් නැති තැනක් නොව දුක නැති තැනයි දුක නොපිහිටන තැනයි දුක නොපිහිටන තැන ඉපදීම නැත වයසට ගොස් ඉඳුරන් විනාශ වීමක් නැත රෝග නැත මරණය නැත එහි සතර මහා ධාතු නොපිහිටයි ඒ දුකින් නිදහස් වූ තැනයි එහි විමුක්තිය අත්දැකීමේ ගැඹුරු නින්දක් වැනි තැනක් නොවෙයි.එය මනා සිහියෙන් ම නා සමාධියෙන් ප්‍රඥාවෙන් ඉතා හොඳින් ඉතා දැනුවත් දෙයක්.

බුදුරජාණන් වහන්සේ එය අත්දැක්කා .උන් වහන්සේගේ ශ්‍රාවක වූ රහතන් වහන්සේලා භික්ෂූහු එය අත්දැක්කා. ඔවුහු එය අත් වින්දා. කිසිදු තණ්හාවක් නැති ඒ නිර්වානය යනු ෆැන්ටසියක් නොවෙයි. එය සත්‍ය වූ දෙයක් එය කිසිදු සංස්කාරය කින් සැදුණු දෙයක් නොවෙයි. කිසිදු භෞතික මානසික අංශුව කින් සැදුණු දෙයක් ද නොවේ

මෙසේ චතුරාර්ය සත්‍යයේ ඒ ආර්ය සත්‍යය පිළිබඳ ව තමන් කළ යුතු දෙය කළ යුතු වන්නේ කොපමණ දුරකට ද? සියලු කෙලෙස් නැතිවී යාම තෙක්ය. දුක් උපදවන්නට හේතුවන සියල්ල නැසී යන තෙක් ඒ දුක උපදවන සියල්ල අවස්ථා සතර දී පිළිවෙලින් නැසී යයි එනම් සෝවාන් වීමේදී සකෘදාගාමී අනාගාමී වීමේදී හා රහත් වීමේදීයි.

මේ අනුව ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ මූලික මාර්ගෝපදේශකයා සම්මාදිට්ඨිය මිස වෙන කිසිම දෙයක් නොවෙයි සම්මා දිට්ඨියෙන් ආරම්භ වන ආර්ය අෂ්ඨාංගික මාර්ගය සම්මා සමාධියෙන් සම්පූර්ණ වූ විට ඒ ශ්‍රාවකයා සියලු ප්‍රතිඵල ලබනවා එවිට ඒ රහත් භික්ෂූවක්.

ඒ රහත් භික්ෂුව තුළ තව අංග දෙකක් පිහිටනවා. එනම් සම්මා ඥාණ සම්මා විමුක්තිය

සම්මාඤාණය යනු චතුරාර්ය සත්‍යය පිළිබඳ වූ සත්‍ය ඥානයත් ඒ ඒ ආර්ය සත්‍යය පිළිබඳ ව කළ යුතු දේ දැන ගන්නා කෘත්‍ය ඥානයත් ඒ ආර්ය සත්‍ය පිළිබඳව කළ යුතු දේ කිරීමෙන් අවසන් කළ බව දන්නා කෘත ඥානයත් විය එවිට ඒ වෙනුවෙන් කළ යුතු වෙන කිසිවක් නැතැයි අවබෝධයෙන්ම දැනගන්නවා මේ සම්මා ඤාණයයි

සම්මා විමුක්තිය යනු දුක සම්පූර්ණයෙන් අවබෝධ වීම නිසා දුක් උපදවන සියලු හේතුන්ගෙන් තමා ගෙන් තමා සදහටම නිදහස්ව ගිය බව ප්‍රත්‍යක්ෂ කර ගැනීමයි එනිසා සියලු දුකින් තමා නිදහස් වූ බව තමාටම ප්‍රත්‍යක්ෂ වීමයි දුක්ඛ නිරෝධය වූ නිර්වාණය නිවැරදි සේ අත්දැකීමයි නිර්වාන අත්දැකීම යනු සම්මා විමුක්තිය සීල සමාධි ප්‍රඥා සම්පූර්ණ වීමෙන් ලැබෙන දෙයක්.

එය නැති දෙයක් නොව ඇති දෙයක් තිබෙන දෙයක් නිකෙලෙස් වීමෙන්ම අත්දැකිය යුතු දෙයක් නිකෙලෙස් වූ අත්දුටු දෙයක්. ඒ අමරණීය අත්දැකීම අප හට පෙන්වා වදාළේ ගෞතම බුදුරජාණන් වහන්සේයි.

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X