මේ උදාර පුණ්‍ය භූමියයි
ආවර්ජනය කලයුතු බොහෝ කරුණු වල සුල මුල,ශ්‍රී බුද්ධ වර්ෂයෙන් වසර 2320ට පෙර එනම් බුද්ධ වර්ෂ 236 වැන්නේ දී ඒ අසිරිමත් වූද අර්ථාන්විත වූද ඓතිහාසිකවූද ආගමනය මහින්දාගමනය ලෙසින් මිස්සක පව්වෙන් සනිටුහන් විය.
ඓතිහාසිකවූත් ප්රෞඩවූත් සභ්‍යවූත් ජාතියක අනන්‍යතාවය මේ විශ්වයේ තහවුරු කළ ඒ ශ්‍රේෂ්ඨ ආගමනයේ අරමුණු ඉලක්ක හා වත්මන් සිංහල දේශයේත් සිංහල ජාතියේත් සම්බුද්ධ ශාසනයේත් දිශානතිය යෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කොට මහින්දාගමනයෙන් ලද අනන්‍යතාවයන් පුනාරාගමනය කිරීමට අවැසිම හා සුදුසුම කාලයයි මේ.
මන්ද, සියලූම භෞතික අයිතීන් මෙන්ම ගුණ ණැන ආදියද සෑම ආකාරයකින්ම පිරිහෙමින් පවතින මෙවන් යුගයක,බුදු දහම විනාශ කරන්නට අද පෙරට ඇවිත් ඇත්තේ බහුතර වශයෙන්ම උප්පැන්නයට බෞද්ධ වූවන්ය.
එනිසාම තත්ත්වය භායනක වී ඇති මේ වකවනුවේ මිත්‍ර වේශය හා සතුරු වේශය වෙන් කොට දැකීම පවා අපහසු වී ඇත. මෙවන් සියලූ තත්වයන් මත නියමයෙන් හා අනියමෙන් විනාශ වී යන්නේ ලෝකයේ තවත් බෞද්ධ රටකි. පුණ්‍ය භූමියකි..
ලෝකයේ එකම සිංහල රටයි ලෙසින් මේ සියල්ල මොන අන්දමින් හඩ ගා කිව්වත් බීරි අලින්ට වීනා වයන්නාක් මෙන් හුදු දේශපාලනික බලය රැක ගැනීම හා ඒ වටා ගොනු වී ඇති අන්තවාදීන්ගේ සුඛ විහරණය සඳහා පමණක් කටයුතු කරන වගකිව යුත්තන් හා බලධාරීන් ටිකෙන් ටික රට උගසට තබමින් සියදිවි නසාගන්නේ පහන් දැල්ලට ගිජු වූ පළගැටියෙකු එයට පැන දිවි තොරකර ගන්නාක් ලෙසින්…
ගිලෙන්න යන මිනිහාට පිදුරු ගහත් ගහක් මෙන් පෙනෙන්නා සේ දවසක මේ සියල්ලෝ තම තමන් සෘජුව හා වක්‍රව කළ විනාශයන් විඳවන්නට වනු නියතය.
නමුත් ඒ වන විට අතෑරුණු මගක්වත් දකින්නට නොලැබෙනු ඇත.
ශ්‍රී ලංකාද්වීපය හුදෙක්ම ලෝකයේ පවතින සුවදායි මනරම් දිවයිනක් පමණක් නොව එය තුන් ලොවෙහි ම ශේෂ්ඨතම පුද්ගලයා වන සම්මා සම්බුදුන්ගේ පහස ලද ශ්‍රේෂ්ඨ පුණ්‍ය භූමියකි.
එසේ පහස ලැබ නැණ ගුණයෙන් පිරි සත් පුරුෂ දනන් ද දස දෙස ජීවත් වූ භූමියකි. වර්තමානය එසේ නොවුනද අතීතය පිළිබඳව ස්වාභිමානයෙන් යුතුව කතා කිරීමට හැකි ප්‍රෞඪ ඉතිහාසයක් අපට හිමි වී තිබුණි. එම ඉතිහාසය ප්‍රෞඪ වූයේ බුදු දහමේ පූර්ණ ආභාෂයෙන් පෝෂණය ලැබ නැණ ගුණයෙන් පිරිපුන් සත් දනන් විසින් වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම සභ්‍ය වූ සංස්කෘතියක් ගොඩ නැගීම නිසාවෙනි.
එම ශ්‍රේෂ්ඨ ක්‍රියාදාමයන් වචන හරඹයෙන් අප ප්‍රකාශ කළ ද සැබවින් ම එය අති උත්කර්ෂවත් ක්රියාදාමයකි. විශේෂයෙන් ම රටක්, ජාතියක් ලෙස ලෝකය ම විශ්ව ගම්මානයක් වූ අද දවසේදී ද උදම් අනන්නේ එම ශ්‍රේෂ්ඨ ඉතිහාසයේ සෙවනැලි වල පහස විඳිමිනි.
අද මෙම සැබෑව සියල්ලට අමතක වෙමින් පවතී. එනිසා බුදුදහමට අනුව ජීවිත පෝෂනය නොවන්නෝ මහින්දාගමනයෙන් ලද ශ්‍රේෂ්ඨත්වයේ අක් මුල් සිඳලන භයානකම මායාව බවට මේ වන විට මිත්‍යාදෘෂ්ටික සර්වාගමික සංකල්පය උත්සන්න කර ඇත.
භෞතික මානයන් ඔස්සේ සංවර්ධිතයැයි පවසන ලෝකය තුළදී අප අපේ අනන්‍යතාව ලෝකයා හමුවේ අදටත් පිළිබිඹු කරවන්නේ පෙර දැක්වූ පරිදි බුදු සමය ආශ්රයෙන් ගොඩ නැගුණ උදාර සංස්කෘතියේ මහඟු දායාදයන්ගෙනි. අද වන විට නවීන ආකාරයට සරිලන අන්දමින් වෙනස් වී ඇතත් එදා මහින්දාගමනයෙන් ලද මහ`ගු ඵලයක් වූ අටලොස් කුලයන්ගේ සංවර්ධනීය අවස්ථාවන් විද්‍යාමාන වනවා මිස සිදුව ඇති පරිවර්ථනයක් නොමැත.
මේ බව සියුම්ව පරික්ෂාකර බැලීමෙන් මනාව තහවුරු වන්නකි. ‘‘ බලත්ත කුලය ල උයන්පල් කුලයල කුලිංග කුලයල මල්කරු කුලයල කපු කුලයල ඔසද වටු කුලයල සත් කරු කුලයල සරස් කුලයල පෙරහැර කුලයල තුනා කුලයල කුඹුල් කුලයල අරක්කැමි කුලයල කුඹුරු කුලයල ලෝකුරු කුලයල සුවණ්නකාර කුලයල වඩු කුලයල සිත්තරු කුලයල දෙව් කුලය ’’ මේ එම අටලොස් කුලයන්ය. මෙයින් අපට සපථ වන්නේ බුදු දහමින් තොරව මේ දෙරණේ කිසිදු දෙයක් නිම වී නොමැති බවයි. මහින්දාගමනයෙන් එලෙසින් තහවරු වූ නව දේශයක ආරම්භය අද වන විට උගසට තබා මුල අමතක කර දමා ඇත.
වර්තමානය වන විට ලහි ලහියේ ම ශ්‍රී ලාංකික ජාතියක් ගොඩ නැගීමට වෙර දරන විධායකයේ සිට පහළට දිවෙන කවුරුත් පාහේ තරයේ සිහියේ තබාගත යුතු එක් සත්‍යයක් ඇත. ඔබ මේ විනාශකර දමන්නට යත්න දරන්නේ මෙරට තුළ උදාර සංස්කෘතියක් නිර්මාණය කිරීමේ පෙර ගමන්කරු වූ අනුබුදු මහා මහින්ද මහ රහතන් වහන්සේගේ උදාර ආගමනයේ ඓතිහාසිකත්වය හා යතාර්ථය බවයි. එය එසේ සිහියේ තබාගැනීමේ වැදගත්කම වන්නේ අතීතය නොතකා නැගී සිටීමට වෙර දරන්නවුන්ට ලෝක ධර්මය තුළදී යළි යළි පසුබෑම්වලට ලක් වන්නට සිදුවන බව අතීතය විසින් ම තහවුරු කර දී ඇති නිසාවෙනි. මෙරට සිංහල බෞද්ධ පදනම හේතුවෙන් රටක් ජාතියක් ලෙස අතීතයේදී ද අප සෑම විටම ආරක්ෂා කර දී ඇත. අනාගතයේදී ද එය එසේ ම සිදුවන බවට අමුතුවෙන් පැවසිය යුතු නොවන්නේය. මන්ද මෙරට සිංහල බෞද්ධ පදනම පිළිගැනීම නිවටකමක් සේ සලකන පරාදීන මිනිසුන්ට ඉගැන්වීමට බොහෝ දේ ඇත.
මන්ද අපේ රටේ තරම් ලෝකයේ වෙන කොහේදී නම් අන්‍ය ජාතිකයන්ට අන්‍යාගමිකයන්ට මේ තරම් සහනශීලිත්වයක් ලැබේද? මේ තරම් දියුණු යුගයක, මේ තරම් ප්රජාතන්ත්රවාදය , මේ තරම් මානව හිමිකම් කතාකරන යුගයක පවා අන් කිසිදු තැනක නොමැති නිදසහක් අන් අයට මෙහි ඇත. සමස්තයක් ලෙස සුළුතරය විසින් නිරන්තරයෙන් මහජාතියට හානි පැමුණුවා මිස සුළුතරයට හානී සිදු වී නොමැත. ඒ සභ්‍යත්වය නිරායාසයෙන් බෞද්ධයාට හිමිව ඇත්තේ බුදු දහමෙන් ලැබෙන ශික්ෂණයත් සමගය. නමුත් අද සිදුවෙන සැබෑව නම් බෞද්ධයාගේ ශික්ෂණයට අභියෝග කරමින් දිනෙන් දින එය හෑල්ලූ කිරීමයි. පිටස්තරයන් සේම අපේම යැයි කියන්නවුන්ද එසේ හෑල්ලූ වෙති.
එනිසා මෙරට තව දුරටත් සිංහල බෞද්ධ රාජ්‍යයකි.
මහින්දාගමනයෙන් ගොඩ නැගුණ මෙරට අදීන ඉතිහාසය නොපිළි ගැනීම පමණක් නොව මෙරටට සුඛාගමනයක් වූ මහින්දාගමනය ද බලහත්කාරකමක් ලෙස හූවා දැක්වීමට යත්න දරන බොහෝ දෙනා මේ පින්බිමේ අගය වටහා ගත යුතුය.
මහින්දාගමනයත් සමග මෙරට ජනයා ලද ශික්ෂණය නිසා ම ජනයා ඉවසිලිමත් බව ප්‍රකට කරවයි.
මූලික පදනම වූ බුදු දහම රැගෙන මිහිඳු මිහියන් මෙරටට වැඩම කළ අවස්ථාවේ සිට මේ දක්වා කිසි ම අවස්ථාවක මිනිසුන්ට හිංසා කළ බවක් අධර්මිෂ්ට ක්‍රියාවක් තැනක සඳහන් වුනේ බොහෝ සුලු ලෙසයි..
එයින් නොනැවතුණ බෞද්ධ දර්ශනයේ පෝශනය අධ්‍යාත්මය ඔස්සේ මනස,මසැස යන චෛතසිකයන් පෝෂනය කිරීමට සමත් විය…
මහා අභියෝග මධ්‍යයෙහි අදටත් ශේෂව පවතින ලාංකීය ශිෂ්ට සම්පන්න සංස්කෘතිය හා බුදු දහම විනාශ කිරීමට නොව,එය රකිමින් …දේශයක වන් වටිනාකම තරයේ ධාරනය කල යුතු යුගයක කාලීන අවශ්‍යතාවය ලඟා කර ගනිමු…
කාරණා මෙසේ හෙයින් ජීවිතය ගත කරන මේ කෙටි කාලය තුළ කුඩා වුවද වරදෙහි බිය දක්නා සුළුව කුසගින්නෙහි මිය ගියද, වරද ලෙස සම්පත් නොසොයා සසර පුරා උපදින හැම ජීවිතයකදීම කදීම කායික – මානසික සුවය ඇතිවන පරිදි කටයුතු කිරීමට ඔබ සැමගේ නුවණැස පහළ වේවා!
සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood