Temples of Sri Lanka

අරමුණු කරා ලඟා වෙන්න යහපත් පැවැත්මක් අවශ්‍යයි

ජීවිතේ ජීවත් කරවන්නෙ ම අපේ හීන.

ඕක අපි කවුරුත් අහල තියෙන සහ අත්දකින කතාවක්නෙ.

ඇත්තටම හීන නොදකින, හරි හමන් අරමුණක් නැති ජීවිතයක් කියන්නනෙත් නූල කැඩිලා ඔහේ පාවෙන සරුංගලයක් වගේ තමයි. ජීවිතේ කවදමහරි ඉහළට යන්නනම් අරමුණු කියන දේවල් හරිම වැදගත්.

“උපන්නාට මේ ලොව වැනෙනවා විනා” දවසක අවසානය සනිටුහන් කරල මේ වටිනා මනුස්ස ජීවිතේ නාස්ති කරගන්න ඕන නැහැ. ඒ නිසා ලස්සනට ජීවත් වෙන්න ආස ජීවිතේට ආදරේ කරන හැමෝම තමන්ගෙ අද දවස, හෙට දවස ගැන වගේම තව හුඟක් ඉස්සරහට තියෙන අනාගතය ගැන උනත් තමන්ගෙම කියල අරමුණු හිතේ තියාගන්න ඕන. ඒ අරමුණු ජයග්‍රහණය කරන්න නිරන්තරයෙන්ම වැඩ කටයුතු කරන්නත් ඕන. ඉතින් හැමෝගෙම හිත්වල තියෙන ඒ ලස්සන, යහපත් අරමුණු දිනාගන්න කරන්න ඕන දේවල් තමයි අපි ප්‍රගුණ කළ යුත්තේ…

පැහැදිලි අරමුණු තබා ගැනීමේ වැදගත්කම කියන්නේම ජීවිතේට අරමුණු තියෙන්න ඕන වගේම ඒ අරමුණු පැහැදිලි අරමුණු වෙන්නත් ඕන කියන එක . මේ කියන්නෙ ඔයාගෙ හිතේ තියෙන අරමුණු අනිත් අයට තේරෙන්න ඕන, එයාලට පැහැදිලි කරල දෙන්න ඕන කියලනම් නෙමෙයි. ඇත්තටම වෙන කාටවත්ම නොතේරෙන අරමුණු කෙනෙකුගේ හිතේ තියෙන්න පුළුවන්. හැබැයි ඒ අරමුණු ගැන පැහැදිලි අවබෝධයක් තමන්ටම තියෙන්න ඕන. ඒ කිව්වේ “අර විදිහට කරනව”, “බැරිම උනොත් මෙහෙම කරනව” වගේ දෙකට දෙවාරනෙන් ඉඳලනම් හීන හැබෑ කරගන්න බැහැ. “මම කොහොමහරි මේන්න මේ දේ කරනවා” කියල පැහැදිලි අදහසක් හිතේ තියාගන්න.හිත නොවැටී අරමුනු කරා යාම ඉතා වැදගත්..

අනිත් අයගේ අරමුණු පස්සේ නොයා අනිත් අයගේ අරමුණු තමන්ගේ කරගන්න එක ඊලඟ එඉදිහ.

මේ කියන්නෙ තමන්ගෙ ලඟම ඉන්න, හිතවත් අයට එයාලගෙ හීන හැබෑ කරගන්න උදව් කරන්න එපා, ඒවගේ පස්සෙන් යන්න සහයෝගය දෙන්න එපා කියලනම් නෙමෙයි. අම්මල තාත්තල, එහෙමත් නැත්තම් තමන් ආදරේ කරන, ලඟින්ම ඉන්න අය එයාලගෙ හීන ඔයා ලවා ඉටුකරගන්න හදනවනම් ඒවාට ඉඩ දෙන්න එපා.

අම්මට ඕන නිසා මම ඩොක්ටර් කෙනෙක් වෙනව වගේ අරමුණක් ඔයාගේ කරගන්න පුළුවන්. හැබැයි ඒ දොස්තර හීනය ඔයා හදවතින්ම දකින්නෙ නැත්තම්, ඒ හීනෙට ඔයාට ලොකු ආසාවක් නැත්තම් ඒක හැබෑ කරගන්නව කියන්නෙත් හීනයක්ම තමයි. එහෙම කොහොමින් හරි හැබෑ කරගත්තත් ඒක ඔයා සතුටින් ගෙවන ජීවිතයක් වෙන එකක්නම් නැහැ. ඒ නිසා තමන් ආස කරන දේ මොකක්ද කියලා හොඳ හිතලා ජීවිතේ අරමුණු හදාගන්න ඕන.

ඒ වගේමයි, දැවෙන ආශාවක් අරමුණ ඉටු කරගන්න තියෙන්න ඕන. දැවෙන ආශාව මේ ඉටු කර ගැනීමේ තැනට ඉතා වැදගත්.. රොකට් එකක් උඩ යන හැටි දැකල තියෙනව නේද? ලොකු ගිනි ජාලාවක් මඟින් පොලවට දෙන පීඩනයෙන් තමයි ගුරුත්වාකර්ෂණයට ප්‍රතිවිරුද්ධව රොකට් එක අහසට නගින්නෙ. ඒ වගේම තමයි ජීවිතේ. ඉන්න තැනින් ඉහළට යන්න නම්, අරමුණට ලංවෙන්න නම් ඒ ගැන තියෙන ආශාවත් අර ගිනි ජාලාව වගේ විශාල දැවෙන ආශාවක් වෙන්නම ඕන. ඒ කිව්වේ තමන්ගේ අරමුණ ගැන පිස්සුවක් හිතේ තියෙන ඕන.

ඊළඟට තියෙන්නෙ අරමුණු වල විශාලත්වය. හීන, අරමුණු කිව්වම ඒවට සීමාවල් තියෙන්නනම් බැහැ. මට තියෙන සල්ලි වල හැටියට, මගේ අම්මා, තාත්තා ජිවත් වුණු හැටියට, මගේ පවුලේ හැටියට මට ජීවිතේ දකින්න පුළුවන් මෙන්න මේතරම් හීනයක් විතරයි කියලනම් කිසිම වෙලාවක හිතන්න එපා. තමන්ට ලංවෙන්න පුළුවන් කියලා හිතෙන ඉහළම තැනටත් එහා ලොකූ හීන දකින්න. හඳ අල්ලන්න උත්සාහ කළෝතින් තමයි තරුවක් හරි ලැබෙන්නෙ කියනවනෙ. ලොකූ හීන දකින තරමට තමයි ඊට පොඩ්ඩක් පහලින් හරි තැනකින් නවතින්න පුළුවන් වෙන්නෙ. පහලම තැනකට හීන දැකලා ඉහළ ප්‍රතිඵලයක් ලැබෙන්නෙ නැහැනේ.

අනික,කැපවීම.
“No gain without pain”. කොයි දේටත් මේ කැපකිරීම කියන එකනම් තියෙන්නම ඕන. ජීවිතේ දිනපු කිසිම මනුස්සයෙක් කියල නැහැනෙ මට බන්දේසියක් උඩ ලස්සනට තියල මේ හැමදේම ලැබුණා කියල. ඒ හැමෝම අසීමිත කැපකිරීම් කරලා හීන දිනපු උදවිය. හෙට වෙනුවෙන් දකින හීන නිසා අද දවසේ හුඟාක් දේවල් කැප කරන්න වේවි. හැබැයි අද ලේසිය ගැන හිතල ඒ කැපකිරීම් කරන්න මැලි වෙනවනම් ජීවිතේ අරමුණු දිනන්න හිතන්න එපා. කැපකිරීමක් නොකර ජයග්‍රහණයක් ලබන්න බැහැ.

නිතරම දිනුම ගැන හිතන්න.
අරමුණක් ඇතුව ගමනක් යනවනම් හැමදාම, හැමවෙලාවෙම ඒ අරමුණ හිතේ තියාගෙන වැඩ කරන්න ඕන. කවදාහරි ඒ අරමුණ ඉටු කරගත්ත දවසක ජීවිතේ ගෙවන හැටි ගැන නිතර නිතර මතක් කරන්න ඕන. ඒක හිතින් විඳින්න ඕන. ඒ කිව්වේ නිරන්තරයෙන් හීන දකින්න ඕන. ඒ හීන වල ජිවත් වෙන්න ඕන. ඒකෙන් තමයි කලින් කියපු කැපකිරීම් කරලා අමාරුවෙන් දිනුම් කණුවට යන්න ඕන අභිප්‍රේරණය ලැබෙන්නෙ. දිනුම ගැන කිසිම අදහසක් නැතුව ඔහේ යන්නන් වාලේ ගමන ගියෝතින් ටික දවසක් යනකොට මේ අරමුණු පස්සේ පැන්නිල්ල වදයක් කියලා ඔයාටම හිතෙන දවසක් එන්න පුළුවන්.

හැම ජයග්‍රහණයක්ම සමරන්න
ලොකුම දිනුම ලැබෙනකන්ම ඉන්න එපා. ඒක හුඟක් දුර වෙන්න පුළුවන්. ඒ ගමන තව හුඟාක් අමාරු වෙන්න පුළුවන්. ඉතින් ඒ දුර, අමාරු ගමනට පොඩි කික් එකක් එන්න නිතර නිතර ලැබෙන පොඩි පොඩි ජයග්‍රහණ හැම එකක්ම ලොකුවට සමරන්න. ඒ කිව්වේ ඔයාගේ අරමුණ ලොකූ ව්‍යාපාරයක්නම් මුල්ම කාලෙ ටිකක් ලොකුවට ලැබෙන මුල්ම ඕඩර් එක උනත් සමරන්න. ඒ ගැන ලස්සන මතක සටහන් තියාගන්න. නිතරම බල බල අලුතෙන් motivation එකක් ගන්න ඒ දේවල් හුඟක් වැදගත්. ඒ පුංචි පුංචි දිනුම් වෙනුවෙන් ඔයාටම තෑග්ගක් අරගෙන දෙන්න, පුංචි සවාරියක් යන්න, ලඟම කෙනෙක් එක්ක හරි කමක් නැහැ පොඩි පාටියක්, කෑම වේලක් අරගෙන සමරන්න.

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X