Temples of Sri Lanka

වීර්යවත් සිංහල දරු පරපුරක්

මිහිඳු මහ රහතන් වහන්සේ ගේ උත්තුංග ධර්ම නිධානය අප විසින් මැනවින් රැකගන්නා තාක් පමණයි ධර්ම දායාදය පරපුරෙන් පරපුරට සම්ප්‍රේෂණය කිරීම වන්නේ..

ඒ ගැන කතා නොකොට ජාතික රැක ගැනීමක් ගැන සිතන්නවත් බැරි ඒ නිසා… නැතිඋනොත් ජාතියත් වියැකෙනවා. ජාතිය කෙසඟ වෙනවා කියපුවහම අර්ථ දෙකකින් මේ ගැන හිතන්නටත් වෙනවා. ඉන් එකක් තමයිඇඟපත පෙනුම හයි හක්තිය උස මහත කියන කාරණය .අනිත් එක තමයි සංඛ්‍යාත්මකව කොපමණ පිරිසක් ජාතිය නියෝජනය කරන්න ඉන්නවද කියන කාරණාව .

ඔය මොන අර්ථයෙන් සලකා බැලුවත් සිංහල ජාතියදැනට පවතින්නේ කෙසඟ වෙමින්..යෝධ බල යෝධ ශක්තිය ඇති කරවාගෙන මහපොළොවේ ගස් ගල් පර්වත එක්ක පවා ඔට්ටු වෙලා යෝද කර්මාන්ත බිහිකරපු පරම්පරාවක් අපට හිටියා. ඔවුන්ගේ යෝධ යුගයේ බල පරාක්‍රමය අදටත් ජීවමානයි. අනුරාධපුර පොළොන්නරු යුගවල ඉඳන් මහා වැව් දාගැබ් සෙල්ලිපි, මුරගල්. ලියවැල් සඳකඩ පහන් මතින් දිස්වෙමින් රාව ප්‍රතිරාවදී නැගෙන්නේ ඒ විකුම් යුගයේ අභිමානය.

අද ඒ වැඩ කරන්න තබා ඒ විදිහට බත මුලතින් සප්පායම් වෙන්නවත් පුළුවන්කමක් වෙලා නෑ. වයසේ හැටියට උස මහතක් නෑ. උසේ හැටියට බරක් නෑ. තියෙන පෙනුමේ තරමටවත් ශක්තිය නෑ. සමාජ හරස්කඩක් පරීක්ෂා කළොත් කියන්න වෙන්නේ සිංහලයන් හීන ජන වර්ගයක් කියලයි

ඊළඟ කරුණ පළමුවැන්නටත් වඩා ඛේදනී යයි. සිංහල ජාතිය දරුවන් බිහිකරන්නේ ක්‍රමයෙන් අඩු වෙමින් යන ප්‍රමාණයකින්

අපේ අම්මලා තාත්තලගේ පවුල්වල දරුවෝ දහයකට වඩා හිටියා අපේ පවුල්වල දරුවෝ හතර පස් දෙනයි. නූතනාත්මකව සංඛ්‍යා ලේඛන කිහිපයක් ගැන සමාජයේ සංවාදයෙන් ගොඩනැගුනා. ඒ තුළින් පෙනී ගිය මේ ආකාරයට ජාතිය දිගටම කෙසඟ වුවහොත් වැඩි කාලයක් නොයා අප රටේ සුළු ජාතියක් බවට පත්වීම වළක්වන බැහැයි කියන එකයි.

එදා වේළ පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි මුළු මහත් සිංහල බෞද්ධ ජන සමාජයේ හමුවේ තිබෙන අතිශය තීරණාත්මක ගැටලුවක් මේ රට සාමකාමීව සියලු ජන කොටස්ද සමානාත්මතාවයෙන් සලකන තත්වයන් පවතින සිංහල බෞද්ධයන්යන් වශයෙන් දයානුකම්පාවක් තුළ පවතින ආකාරයේ මෛත්‍රියක් අන්‍ය ජාතීන් හා අනිත් ආගම් සත්කාර දැක්වීමක් අන් කිසිදු ජාතියකින් කිසිසේත්ම බලාපොරොත්තු වන්නට බෑ. ආගමේ නාමයෙන් ලේ හලපු සහ එවැන්නක් යළි සිදු කරන්නට පසුබට නොවන අනෙකුත් ජාතීන් මෙතරම් ඉවසීමකින් අන්‍ය මතවාද කෙරෙහි කටයුතු කරනවා කියන එක නම් මිරිඟුවක් පමණයි. එනිසාම අන් කවරදාටත් වඩා ප්ප්ජාතිය සිහින් වීම ගැන සිතන්න ඕන ප්යුගයක අපි පා තබලා තියෙනවා මහා පරිමාණයෙන් මේ පිළිබඳව සිතිය යුතු කාලයකට අපි ඇවිල්ලා…

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X