Temples of Sri Lanka

දැහැමි ජීවිතයකදී කරදර බාධක අඩුයි

මනුෂ්‍යයා යනු, උසස් මනසක් තිබෙන ඇත්තෙකි. ඒ නිසා ඔහු සදාචාර සම්පන්න, ගුණ ගරුක සුචරිතයකින් පිරිපුන් කෙනෙකි.එවන් පුද්ගලයා ඉතා වැදගත් ආගමානුකූල ජීවිතයක් ගත කරයි.

ඔහු සිතන පතන, කරන කියන සියල්ලම ධාර්මික වේ. ධාර්මික බව ජාති, කුල, ආගම්, පන්ති භේදයකින් තොරව පොදු මානව වර්ගයා තුළ තිබිය යුතු ධර්මතාවයකි.

යහපත අයහපත, හොඳ – නරක, පින් – පව් ආදී වශයෙන් ධර්මය අධර්මය මැනවින් වටහාගෙන, ඒ අනුව මනුෂ්‍ය දිවිමග පහන් කර ගත යුතු ය.

එවන් පුද්ගල ජීවිතය ධර්මානුකූල ජීවිතයක් වේ. ඒ ධර්මයට අනුව ජීවත්වන පුද්ගලයා ධර්මයෙන් ම ආරක්ෂාවන බව,

“ධම්මො භවේ රක්ඛතී ධම්මචාරී” යන ගාථා පාඨයෙන් පැහැදිලි වේ.

පුද්ගලයාගේ ධර්මානුකූල භාවය නිසාම ඔහු ඉතා සරල ජීවිතයක් ගත කරයි. තම ලෞකික ජීවිතය අපිරිසුදු කරන කෙලෙස් ගිනිවල බලපෑම ඔහුට අවම වේ. දහමට අනුව හසුරුවාගත් ඔහුගේ ජීවිතය තුළ ඇතික් අවශ්‍යතා ද ඉතා සීමිත වේ. අරපිරිමැසුම්දායක ආර්ථිකයක් මත
ක්ඔහුගේ ජීවිතය ගොඩනඟාගෙන ඇත. ඒ නිසා ඒ දැහැමි ජීවිතය තුළ සතුට සොම්නස පිරී ඇත.

ධර්මානුකූල දිවි
පැවැත්ම කරදර බාධකවල දරුණු බව අඩපණ කර දමයි. ධර්මානුකූල බව නිසා ජීවිතයට ළඟාවන බාධක උපද්‍රවලට මුහුණ දීමට ශක්තිය ද ඇති වන අතර, ඒවා විඳදරා ගැනීමේ හැකියාව ද තමා තුළින්ම ඇති වේ.

ඒවා මඟහැර ඉදිරියට යාමට ද හැකි වේ.

දැන් ලෝකය නොයෙක් ආකාරයේ කරදර, බාධක, ස්වභාවික උපද්‍රවවලින් බහුල වී පවතී. කොරෝනා වැනි මාරාන්තික වසංගත ලෙඩ රෝග ද ඉහළ අභ්‍යවකාශයේ ඔගමන් කරන නොයෙක් ග්‍රහකයන්ගෙන් පෘථිවියට ඇතිවනඕ අනිසි බලපෑම් ද, භූ කම්පන, සුනාමි වැනි මුහුදෙන් ඇතිවන බලපෑම් ද, සුළිසුළං, ජල ගැලීම්, නියඟ ආදී උපද්‍රවයන් ද අද ලෝකය තුළ ඇති වී තිබේ. මේ සියලු කැළඹිලිවලට මිනිසුන්ට මුහුණ දීමට ඉදිරියේ දී සිදුවේ.

එවැනි උපද්‍රවවලින් යමෙකු බේරෙයි නම්, ඒ ධර්මානුකූල දැහැමි ජීවිතයක් ගත කරන පුද්ගලයා ය. “ධර්මය ආරක්ෂා කරන පුද්ගලයා ධර්මයෙන් ම ආරක්ෂා වෙයි.” යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එයයි.

මිනිස් සිත අතීතයට වඩා දැන් දැන් බොහෝ සෙයින් දූෂණය වී ගිය සිතිවිලි පවතී. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පළිගැනීම්, පිරිවරාගත් ලෝභ, ද්වේෂ, මෝහාදී අකුසල චේතනාවන්ගෙන් මිනිස් සිත අපවිත්‍ර වී තිබේ.

මේවායේ අවසන් ප්‍රතිඵල වන්නේ දුක් දොම්නස් ය. ඒ තත්ත්වය මනුෂ්‍ය ප්‍රජාව තුළ වර්ධනය වෙමින් පවතී.

මේ සියලු අනාගත දුක්ඛදායක අභියෝගයන් ජය ගැනීමට නම් මිනිස් ප්‍රජාව මීට වඩා ධර්මානුකූල ප්‍රතිපදාවන් අනුගමනය කළ යුතු වේ. ඒ ධර්මානුකූල භාවයම තම ජීවිත අනතුරු බාධක වලින් ඈත්වීමට ආශිර්වාදයක් වේ. ඒ ගැන දැන අවබෝධ කරගෙන ජීවත්වීම මැනවි.

ඔබ සැමට තෙරුවන් සරණයි…🙏

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood 

You might also like
en English
X
X