Temples of Sri Lanka

දීපාවලී සඳ පායනනේ අදයි

ග්‍රෙගෝරියානු දින දර්ශනයට අනුව ඔක්තෝබර් දෙවන භාගය හෝ නොවැම්බර් මුල ප්‍රධාන දිවාලි උත්සවය සැමරෙන බව කියැවේ.

අයහපත හා අවිද්‍යාව නමැති අන්ධකාරය බැහැර කර ප්‍රඥාවේ පහන් දල්වා තම හදවතත්, නිවසත්, කෝවිලත් ආලෝකවත් කරමින් ලොව පුරා හින්දු බැතිමතුන් දීපාවලී උලෙළ සමරයි.

මිහිපිට වෙසෙන සෑම මිනිසෙකුම නිරන්තරයෙන් උත්සාහ කරන්නේ අන්ධකාරයෙන් ආලෝකය වෙත පැමිණීමටයි.

දීපාවලි දිනය වෙනුවෙන් හින්දු කෝවිල්වල ආශිර්වාද පූජා සංවිධාන කර තිබෙනවා. හින්දු බැතිමතුන් ඒ සදහා එක් වන්නේ මහත් බැති සිතින්.

විෂ්ණු දෙවිඳුන් නරගාසුරන් නමැති අසුරයා පරාජය කිරීම සිහිපත් කරමින් හින්දු බැතිමතුන් දීපාවලී සමරනු ලබයි.

තමන් ආලෝකය ලබා ගත් අයුරින් ලොව සියලු දෙනාට ද ආලෝකය දැකීමට ඉඩ සලසන්නැයි පරාජයට පත් නරගාසුරන් අසුරයා විෂ්ණු දෙවිඳුන්ගෙන් ඉල්ලීමක් කර ඇති බව වේද සාහිත්‍යයේ සඳහන් ය.

හින්දු බැතිමතුන් මෙම දිනය සිහිපත් කර පහන් දල්වා ආගමික වතාවත්වල නිරත වන්නේ, ඒ ආලෝකය පරිද්දෙන් සියල්ලන්ගේ සිත් සතන් තුළ ආලෝකය පැතිරේවා යන ඒකායන ප්‍රාර්ථනය පෙරදැරිව ය.

අධර්මය පරදවා ධර්මය ජය ගැනීම සංකේතවත් කරමින් පහන් මාලාවක් දැල්වීම ද දීපාවලී දිනයේ තවත් චාරිත්‍රයකි.

මියගිය ඥාතීන් සිහිපත් කරමින් කෝවිල්වලට ගොස් ගිතෙල් පහන් දල්වන හින්දු බැතිමතුන් රස කැවිලි අනුභව කරමින් මෙම දිනය සතුටින් සමරනු ලබයි.

ලෝක වාසී සියලු හින්දු බැතිමතුන්ට ගෞරවාදරයට පත් දීපාවලී දිනක් වේවා!!!

You might also like
en English
X
X