දුදනෝ ද බුදු මග එලි කලහ
දෙව්දත් තෙර දුෂ්ඨයා වෙමින් බුදුන් වහන්සේ කතා නායකයා වූ බුදු දහම තුළ අලංකාරය පිණිසත් විස්තරාත්මක ව අවබෝධය සදහාත් හේතු ප්‍රත්‍ය සැපයූවත් බුදුන් වහන්සේ ගේ පාරමිතා ගමන් මග තුළ දාන පාරමිතාවේ සිට උපේක්ෂාව දක්වා පාරමිතා පූර්ණය සදහා හේතු වූයේ දෙව්දත්තර, චිංචිමාණවිකාවලා, අජාසත්තලා, සුප්පබුද්ධලා වැනි මිනිසුන් හැර වෙනයම් පුද්ගලයෝද නැත….
ඒ උතුම් ගමන් මග තුළ වේගයෙන් ගමන් කරන්නට ගෞතම බෝසතුන්ට මෙන්ම මෙතෙක් බුදු බව දිනාගත් බෝසත්වරුන්ට ද, බුදු වන්නට පෙරුම් පුරනා බෝසත්වරුන්ටද මහත් ධෛර්යයක් වන්නේ ඒ ගමන් මග අහුරන්නෝමය. විටෙක තාඩන පීඩනයෙන් මුසා බසින්, අගෞරව අපහාසයෙන්, පිරිස් බිදීමෙන්, බාධා පමුණුවන එවැනි පුද්ගලයන් සදහා එරෙහි වන්නට දරනා වෑයමම පාරමිතා පූර්ණයයි. ශාන්තිය පුරන්නට, වීර්යය පුරන්නට, අධිෂ්ඨානය පුරන්නට, ප්‍රඥාව පුරන්නට, මෛත්‍රිය පුරන්නට, උපේක්ෂාව පුරන්නට, ශීලය පුරන්නට මෙන්ම දානය පාරමියක් ලෙස පුරන්නටද මේ අලජ්ජයින්ගේ බාධාව අතිමහත් ලෙස බෝසත්වරුන්ට පිහිටට එයි. එබැවින් සුමග සමාධියෙහි පාරමී පුරන බෝසත් උතුමන්ටද පීඩා, අපහාස, නින්දා, බොරු ප්‍රචාර දෙන්නෝ එතුමන්ට ද ලබා දෙන්නේ මහත් දිරියකි. කිව නොහැකි තරම් උදව්වකි. ඒ පාරමිතා ගමන් මග ජය ගන්නට බෝසත්වරයෙකුට ඒවා අවශ්‍යම බැවිනි. බාධා කරමින් ගමන අහුරන්නට සිතා කරන ඒ ක්‍රියාදාමය වෙන කාට නම් කළ හැකිද? සිල්වත්, පිංවත්, ගුණවත් පිරිසද රහත් බෝධිය පිණිසම පාරමී පුරනවා හැරෙන්නට බුදුවන බෝසතුනට ඒ සදහා කෙසේ නම් උපකාර කරන්නද? එහෙත් එක් සැගවුණු අරුතක් තිබේ…පාරමී පුරන බෝසත්වරු ඒ මග ජය ගන්නේ ඒ සියළු බාධක බිද දමමිනි. අන්තිමේ….. පාරමී පුරන්නට පීඩා කරමින් උපකාරී වූ අලජ්ජයින් අපා ගත වන්නේ තම කය මෝල් ගසක් දැමිය හැකි සිදුරකිනි. කොතරම් ආශ්චර්යක්ද? කොතරම් අගේද? පින්වතෙකුට, ගුණවතෙකුට, සිල්වතෙකුට ගමන් කළ නොහැකි සිදුරකින් මේ කය… අපාය දක්වා ගෙන යාමට කොතරම් දක්ෂතාවක් තිබිය යුතුද… නේද?
රැස් කරපු අය ඇවිත් පෝලිමේ හිටි හින්දා
මල් වැටුණු ටයිල්වල අපිට ඉඩ නැති හින්දා
අත් හරින්නට තරම් රැස් කරපු නැති හින්දා
හිමියනේ මම ඇවිත් වැලි මලුවේ ඉදගත්තා….
පූජාව භාරගත් ගමේ ලොකු පෝසත්තු
පෝලිමේ මල් ඇරන් එද්දී වගේ අලි ඇත්තු
දොහොත් දී වැද වැටුණු අහිංසක බැතිමත්තු
ඇගිලි මල් මාලාව දැක්කේ නෑ දා ගත්තු….
මංඩපේ ලගට මල් පාවඩේ වඩිනකොට
නේක එලි රටාවෙන් ආසනේ දිලෙනකොට
අතරමග සුනීතත් කානුවේ වැටෙනකොට
දෙව්දත්ගේ සාදුනද රැව්දුන්නා හතරවට….
කිසාගෝතමී ඇවිත් අබ ඇටක් ඉල්ලුවා
පිස්සු මේකිට කියා ගාඩ්ලා එලෙව්වා
හිමියනේ නුඹ දෙසූ බණ දහම් රෑ දිවා
විසිදාහේ තිස්දාහේ ලන්සුවට විකිනුනා….
රූප පෙට්ටිය පුරා රූපේ තිස්සෙම දැක්ක
අකාලික දහම ගග කාලීන කර ගත්ත
මුඩු සිවුරු ලගින් එන රට පුයරවල සුවද
විදගන්න සිල්වත්තු පොරකෑවා රැස්වෙච්ච……
අහවරව පූජාව අලි ඇත්තු විසිරුනේ
තනි වෙච්ච පන්සලේ මැටිපහන් දැල්වුනේ
මල් වැටුණු පාවඩේ අකුලන්න එක්වුනේ
නිකම් බිම ඉදගත්තු ටික දෙනයි හිමියනේ…..
කවි පන්තිය උපුටනය…ප්‍රදීප් සේනානායක ගෙන්…
පැහැදිලියි..හොඳමෙන්ම නරකද ඕනෑම දෙයක පැවැත්මට හේතු කාරක වු බවට…යහපත් මෙන්ම අයහපත් මිනිසුන්ද අයහපත් තත්වද බොහෝ තැන්හි සාර්තක නිර්මාන රසවත් කිරීමටත්…යාවත්කාලීන කිරීමටත්..උදව් කලා.එසේම ධර්මයේද මෙවත් ස්තිරතා ගොඩනැගීමට යහපත් මෙඅ අයහපත්තත්ව තුල ගොඩනැගූ පන්නරය ඉතා වටින බව සිහිපත් කරමු…
තෙරුවන් සරණයි…🙏🙏🙏
සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood