Temples of Sri Lanka

භික්ෂූන් වහන්සේලා සහ දහම් පාසල් ගුරුවරුන් ඉංග්‍රීසි භාෂාවෙන් සන්නද්ධ කරන ‘Dhamma Bridge’

හෙයියන්තුඩුව පාලි හා සංස්කෘත සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානය මඟින් සංවිධානය කරනු ලබන “Dhamma Bridge” ඉංග්‍රීසි භාෂා පාඨමාලාව පසුගිය ජනවාරි 09 වන දින උත්සවාකාරයෙන් ආරම්භ වුණා.

ආචාර්ය දමෙන්ද පෝරගේ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මඟින් බුදුදහම ජාත්‍යන්තරයට රැගෙන යාමට අවශ්‍ය භාෂාමය පාලම නිර්මාණය කිරීම ප්‍රධාන අපේක්ෂාවයි.

මෙරට ගෞරවනීය භික්ෂූන් වහන්සේලා සහ දහම් පාසල් ගුරුවරුන් ඉලක්ක කරගත් මෙම පාඨමාලාව ප්‍රවීණ ආචාර්ය ශර්මිලා මිල්රෝයි මහත්මිය විසින් මෙහෙයවනු ලබනවා.

මෙය මුළුමනින්ම නොමිලේ පවත්වනු ලබන අතර බුදුදහම ලොව පුරා ව්‍යාප්ත කිරීමේ මහා මෙහෙවරට අවශ්‍ය ඉංග්‍රීසි ඌණතාවය මඟහරවා ගැනීමට මෙය මහඟු පිටුවහලක් බවා ඒ පිලිබඳ ප්‍රසංශා කරන සියළුදෙනා පවසනවා.

You might also like
en English
X
X