The Dhammapada – ධම්මපදය – චිත්ත වග්ගය – 03
දුන්නිග්ගහස්ස ලහුනෝ – යත්ථකාමනිපාතිනෝ
චිත්තස්ස දමථෝ සාධු – චිත්තං දන්තං සුඛාවහං
චිත්තස්ස දමථෝ සාධු – චිත්තං දන්තං සුඛාවහං
මේ ‘සිත’ කියන්නේ නිග්රහ කරලා දමනය කරන්නට අමාරු දෙයක්. එක මොහොතින් වෙනස් වෙනවා. ආස කරන දේටමයි ඇදිලා යන්නේ. එබඳු සිතක් දමනය කරගැනීම කොයිතරම් හොඳ දෙයක්ද. දමනය කළ සිතින් මහා සැපයක් ලබන්නට පුළුවනි.
(සැවැත් නුවරදී එක්තරා භික්ෂුවක් අරභයා වදාළ ගාථාවකි ෴)