ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ “අමරපුර දිනය” සැමරුම් උත්සවය වැල්ලවත්ත, අමරපුර සංඝ සභා මූලස්ථාන පරිශ්‍රයේ දී, 2021ක් වූ ජූලි මස 08 වන දින සරල උත්සවාකාරයෙන් පවත්වන ලදී .
ඒ සඳහා ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා සංඝ සභාවේ සභාපති, සාහිත්‍ය ශූරී ගන්තුනේ අස්සජි මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, කම්මට්ඨහනාචාර්ය චන්ද්‍රසිරි මහා මහෝපාධ්‍යායන් වහන්සේ, අමරපුර මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී , මහාචාර්ය පල්ලෙකන්දේ රතනසාර ස්වාමීන් වහන්සේ, අමරපුර මහා සංඝ සභාවේ උප සභාපති , ආචාර්ය වස්කඩුවේ මහින්දවංශ මහා නායක ස්වාමීන් වහන්සේ ,ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ සංඝනායක, මහාචාර්ය අත්තංගනේ රතනපාල නායක ස්වාමීන් වහන්සේ,ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා ලේඛකාධිකාරී, අත්තංගනේ සාසනරතන නායක ස්වාමීන් වහන්සේ ,ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරී ආචාර්ය මාදම්පාගම අස්සජි නායක ස්වාමීන් වහන්සේ ,අමරපුර මහා සංඝ සභාවේ සහකාර ලේඛකාධිකාරී, දර්ශනපති බලපිටියේ සිරිසීවලී නායක ස්වාමීන් වහන්සේ, සංඝ සභාවේ සහකාර ලේඛකාධිකාරී ශාස්ත්‍රපති කිතලගම හේම සාර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, අමරපුර සංඝ සභාවේ සහකාර ලේඛකාධිකාරී දොඩම්පහල සිරි සුගුණ පණ්ඩිත ස්වාමීන් වහන්සේ ,අමරපුර පාර්ශවයේ මහා ලේඛකාධිකාරී ශාස්ත්‍රපති බටපොල මේධානන්ද නායක ස්වාමීන් වහන්සේ යන ස්වාමීන් වහන්සේලා නමස්කාර පූර්වකව පෙරටු කර ගනිමින් , සරල උත්සවාකාරයෙන් පවත්වන්නට යෙදුණි .
තවද , අමරපුර නිකාය අභිවෘද්ධි දායක සභාවේ ගරු සභාපති දේශමාන්‍ය අජිත ද සොයිසා මැතිතුමා, නිකාය අභිවෘද්ධි දායක සභාවේ මහලේකම් සාමවිනිසුරු R A D සිරිසේන මැතිතුමා,නිකාය රක්ෂක දායක සභාවේ සාමාජික මේජර්.මංගල ප්‍රනාන්දු මැතිතුමා ද ඇතුළත්ව ප්‍රධාන දායක සභාව ද මේ සඳහා සහභාගීත්වය සනිටුහන් කරන ලදී.
සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම වේදයන්ට යටත්ව පවත්වන්නට යෙදුණු මෙම අවස්ථාවේ දී
අමරපුර මහ නිකාය පිළිබඳව ශ්‍රී ලාංකීය ශාසන ඉතිහාසයේ සිදුකරන ලද ප්‍රථම පර්යේෂණාත්මක වාර්තාමය වැඩසටහනක්ද එළි දක්වන්නට යෙදුණි . එය බෞද්ධ සහෝදරත්ව පදනම විසින් සිදුකරන ලද අතර නිෂ්පාදන දායකත්වය සහ අධීක්ෂණ කටයුතු බෞද්ධ සහෝදරත්ව පදනමෙහි සභාපතිතුමන් වන ආචාර්ය දමෙන්ද පෝරගේ මහතා විසින් සිදුකරන ලද අතර නිර්මාණනීය දායකත්වය තරුණ කලාකරුවන් ගේ සංසදය නියෝජනය කරමින් ආකාෂ් තාරුක පෙරේරා සහ දෙනුවන් ශ්‍රී බණ්ඩාර යන අය විසින් සිදු කරන ලදී.එම පර්යේෂණාත්මක වාර්තාමය වැඩසටහන පූජනීය මහ සඟරුවන වෙත පූජා කිරීමට ද එදින කටයුතු කෙරණි.
සම්බුද්ධ ශාසනයේ උන්නතිය උදෙසා දිගු කලක් පැවතෙන්නට, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ “අමරපුර දිනය” වෙනුවෙන් අපගේ සුභාශිංසන එක් කරමු.