Temples of Sri Lanka

අතිපූජනීය දලයි ලාමා මාහිමිපාණන් වහන්සේගේ 86 වන ජන්ම දින සැමරුම

වර්තමානයේ ලොව වෙසෙන බෞද්ධ ආධ්‍යාත්මික නායකයාණන් වහන්සේ නමක් වූ අතිපූජනීය දලයි ලාමා මාහිමිපාණන් වහන්සේගේ 86 වන ජන්ම දින සැමරුම 2021.ජූලි මස 06 වන දිනට යෙදී තිබිණි .ලෝකයේ රටවල් ගණනාවක බෞද්ධ සහ බෞද්ධ නොවන උන්වහන්සේගේ අනුගාමිකයින් විසින් උන්වහන්සේට නිරෝගී සුව සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් විවිධ පූජාවන් සිදු කරන ලදී .

ශ්‍රී ලංකාවේද විහාරස්ථාන කිහිපයක ම ඊට සමගාමීව උන්වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමේ විවිධ පූජා සහ ආගමික කටයුතු සංවිධානය කර තිබුණි.

1989 දී ජාත්‍යන්තර නොබෙල් සාම ත්‍යාගයෙන් පුදනු ලැබූ උන්වහන්සේ මේ වන විට බෞද්ධ දර්ශනය, ලෝක සාමය, බෞද්ධ මනෝ විද්‍යාව, භෞතික විද්‍යාව, ආදී විෂයන් පිළිබඳව ග්‍රන්ථ සියයකට අධික සංඛ්‍යාවක් ද රචනා කොට, ලොවට අති විශාල මෙහෙවරක් සිදු කිරීමට සමත් ස්වාමින් වහන්සේ නමක් ලෙස ලෝක ප්‍රකට ය .

පසුගිය වසරේ ද අති උතුම් වූ දලයිලාමා හිමියන්ගේ 85 වන ජන්ම සංවත්සර දිනය සමරනු වස් ,උන්වහන්සේ වෙනුවෙන් නිර්මාණය කරන ලද උපන්දින සුභ පැතුම් ගීයක් එළි දක්වන ලදී .

එහි ගේය පද නිර්මාණයට රඹුකන සිද්ධාර්ථ හිමියන් හා සංගීත නිර්මාණයට බිබිලාදෙනියේ මහානාම ස්වාමීන් වහන්සේ විසින් නිර්මාණශීලී දායකත්වය දක්වන ලද අතර හඬ මාධූර්යය කෞශල්‍ය වෙනුවෙන් දෙව්නක පෝරගේ සහ කල්පනා කාවින්දි බමුණුආරච්චි තාරුණ්‍යයේ දායකත්වය ගීතය සඳහා දැක්වූ අතර ශ්‍රී ලංකා ටිබෙට් බෞද්ධ සහෝදරත්ව පදනම විසින් නිෂ්පාදන දායකත්වය ලබා දෙන ලදී.

https://www.youtube.com/watch?v=fJPwR_QG_MA

https://youtu.be/Z9DriclZm7o

මෙවර ද, අසිමිත වූ ගුණ ගායන මධ්‍යයේ තරුණ කලා කරුවන්ගේ සංසදය(‍යොඋත් Cඑලෙබ්‍රිට්ය් Fඔඋර්ම්) මගින් උන්වහන්සේගේ නොමියෙන මතක සටහන් ඇසුරින් නිර්මාණය කරන ලද ගීතමය පෙළහර “මහමෙරක් සේ…”(දැවෙන මේ ලොව සනසන හිමි ඔබයි…)ලෙසින් උන්වහන්සේ වෙනුවෙන් කෙරෙන උපන්දින සුභ පැතුම් තිළිණයක් ලෙස පසුගියදා එළි දක්වන්නට යෙදිණි .

මෙම ගීතමය තුටු පඬුරෙහි පද රචනය බෞද්ධ සහෝදරත්ව පදනමෙ හි සභාපතිතුමන් වන, ආචාර්ය දමින්ද පෝරගේ මහතාගේ නිර්මාණශීලී දායකත්වය යටතේද, සංගීත අධ්‍යක්ෂණය සහ ගායනය චිත්‍රාල් සෝමපාල මහතාගේ නිසඟ වූ කුසලතාපූර්ණ දායකත්වයෙන් හා ශ්‍රී ලංකා ටිබෙට් බෞද්ධ සහෝදරත්වයේ නිෂ්පාදන දායකත්වයෙන් ද පෝෂණය වෙමින් පසුගියදා දොරට වැඩිණි.

දැවෙන මේ ලොව සනසන අති උතුම් දලයිලාමා හිමියනි , මෙම ගීතමය තිළිණය ඔබ වහන්සේගේ අසීමිත වූ ගුණ වරුණ උදෙසා පිදෙන උපහාරයක් ම වේවා!!!

You might also like
en English
X
X