Temples of Sri Lanka

ආශිර්වාදය යනු මෛත්‍රියයි – Blessing is Compassion…

ආශිර්වාද පූජාවක් කියන්නේ කෙනෙකුගේ යහපත, සතුට හා සෞඛ්‍යය වෙනුවෙන් සුභ පැතීම සහ ඒ් පුද්ගලයාගේ ජීවිතයට යහපත ප්‍රාර්ථනා කරමින් සිදු කරන දෙයක්. ලෝකයටම ආදරය, ප්‍රේමය, සතුට සහ කරුණාව බෙදන මිනිසෙක් වෙනුවෙන් ආශිර්වාද පූජාවක් සිදු කිරීම කියන්නෙත් ඒ් හා සමානම ඊට ඒහා ගිය යුතුකම් ඉටු කිරීමක්. ලෝකය පුරා ජනතාවගේ වන්දනයට පාත්‍ර වූ ටිබෙටයේ අධ්‍යාත්මික නායක අති උතුම් 14 වැනි දලයි ලාමා හිමියන් වෙනුවෙන් ඒවැන්නක් කිරීමට ලැබීම ඉමහත් භාග්‍යයක්. 

ආශිර්වාදය කියන්නේම මෛත්‍රිය.. ඒ් මෛත්‍රිය කිසිදාක ශ්‍රී ලංකාවට පය තබා නැති, ඊට අවසරයක් හෝ නැති කෙනෙක් වෙනුවෙන්. ඒ් වෙනුවෙන් ථෙරවාදී බුදු දහම අගයන මහා සංඝරත්නය, උපාසක, උපාසිකා යන පිරිස සිදු කළ ආශිර්වාද පූජාව තුළින් අති උතුම් දලයි ලාමා හිමියන්ට පරමායුෂ ප්‍රාර්ථනා කිරීම හා නිදුක් නිරෝගිභාවය ප්‍රාර්ථනා කිරීම සිදු කෙරුණා. 

දලයි ලාමා හිමියන් ගේ 85 වැනි ජන්ම දිනය පසුගිය 06 වැනිදාට යෙදී තිබුණා ඔබට මතක ඇති. ඒ් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ආචාර්ය දමෙන්ද පෝරගේ මහතා සභාපතිත්වය දරණ බෞද්ධ සහෝදරත්ව පදනම දලයි ලාමා හිමියන් ට සිදු කරන ගෞරවයක් වශයෙන් වැඩසටහන් රාශියක් සංවිධාන කර තිබුණා. දක්ෂිණ ලංකාවේ අධිකරණ සංඝනායක ආචාර්ය ඔිමල්පේ සෝභිත හිමියන් ප්‍රමුඛ ශ්‍රී බෝධිරාජ පදනම ද මේ සඳහා දායක වුණා. 

 

 

You might also like
en English
X
X