Temples of Sri Lanka

සුපින්බර ඉල් පොහෝ දිනයක් වේවා

සූර්යයා වෘශ්චික රාශියේ ගමන් කරමින් සිටින මාසය ඉල් මාසය බව ජෝතිෂ්යය මතයයි

දහමට ලැදි ජනයාට ඉල් මාසය ඉතා වැදගත් මාසයක්

 

බුද්ධ ධර්මය ගම්නියම් ගම් රට රාජ්ය කරා පතුරුවා හැරීමේ ධර්ම ප්රචාරක මහා සේවාව ආරම්භ කළේ උතුම් ඉල් මාසය කයි
ඉල් පොහෝ දිනය උදාවන නොවැම්බර් මාසයේදී ලෝකයේ බෞද්ධයන්ට වැදගත් වන හේතු කිහිපයක්ම ඇත
ඉන් ප්රධානතම කාරණයක් නම් මතු බුදුවීමට පෙරුම් දම් පුරමින් සිටින මෛත්රී බෝසතාණන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේ වෙතින් නියත විවරණ ලද්දේ ඉල් පුන් පොහෝ දිනයක වීමයි

 

එදින මෛත්රී බෝසතාණන් විසින් දේවාරෝහයෙන් පූජාවට සහභාගි වූ බුදුරජාණන් වහන්සේ වෙතට සළුවක් ගෙන ගෞතම බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කළ ගන්ධ කුටියෙහි වියනක් සේ බැඳ පූජා කළා
මෙම අවස්ථාවේදී ගෞතම බුදුරජාණන් වහන්සේ වෙතින් මෛත්රී බෝසතුන් මතු බුදුවීමට නියත විවරණ ලැබුවා අනාගතයේ දී බරණැස කේතුමති නුවර සංඛ අග්ර පුරෝහිතයානන් වූ සුබ්රහ්මී සහ ඔහුගේ බිරිඳ බ්රහ්මවතී ට අනාගත මෛත්රී බුදුන් පුත් තනතුරේ උපදින බව දිව්ය ඥානයෙන් බලා වදාරන ලදී එමෙන්ම නුග ගසක් යට මෛත්රී බුද්ධත්වය ලබන බවද වදාළා
තම මව වූ මිසදුටු රූපසාරී බැමිණිය ට දහම් දෙසා යහමගට ගැනීම සිදු කළ බුදුරජාණන් වහන්සේගේ අග්ර ශ්රාවක සැරියුත් මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවේද අද වන් වූ උතුම් ඉල් පුන් පොහෝදා කයි

 

ඉල් පුන් පොහෝ දා සිදුවු තවත් වැදගත් සිදුවීමක් ලෙස දක්වතොත් ගෞතම බුද්ධ ශාසනයේ ප්රථම ධර්මදූත ප්රචාරය සඳහා ගමන් ඇරඹීම සිදු වූයේ ද අදවන් පොහෝ දිනකයි
නේරංජනා නදී තීරයෙහි විසූ උරුවෙල කස්සප නදී කස්සප ගයා කස්සප යන ජටිල තාපසයන් තුන්දෙනා දමනය කොට බුදු සසුනෙහි පැවිදි බවට පත්වූයේ අදවන් උතුම් පොහෝදා කයි

 

බුදුරජාණන් වහන්සේගේ දකුණු අකු ධාතුව තැන්පත් කර ලංකාවේ ප්රථම ස්තූපය වූ ථූපාරාම චෛත්යය දේවානම්පියතිස්ස රජතුමා විසින් කරවන ලද්දේ ඉල් පොහෝ දිනයකදීය
පසු වස් පවාරණය කලයුතු දිනය වීම සහ චීවර මාසයේ අන්තිම පොහොය වීම ද වීමද කටින ආස්තරණ විනය කර්මය කළ හැකි අවසාන දිනය ඉල් පුන් පොහෝ දිනය වීම ද තවත් සුවිශේෂී වෙනවා
මෙවැනි වැදගත් සිදුවීම් හා බැදුණු ඉල් පෝය බෞද්ධ ජනයාට මෙන්ම ප්රඥාව අවදි කරගන්නට උත්සාහ ගන්නා නුවණැති ජනතාවට ඥාන මය මාසයක් ලෙස හඳුන්වන්නට පුළුවන්…

 

සුපින්වත් සඳ දිලෙන
සුපින්වත් පෝ අඹර
දිලෙනවා සඳ රැගෙන අහසේ….
සිල් සිතින් සිල්වත්ව
සඳ පහන් ඒ රැයේ
ඉල්මහේ සුව විඳිමු සතොසේ….
ඔබ සැමට සුපින්වත්, සුපින්බර,ඉල් පුන් පොහෝ දිනක් වේවා..

 

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood

 

You might also like
en English
X
X