Temples of Sri Lanka

අභ්‍යන්තර හිස් බව වර්ධනය කරන මත්පැන්

බොහෝ අය මත්පැන් සලකන්නේ විනෝදාස්වාදයක් ලෙසයි. මත්පැනින් තොරව විනෝදයක් ලබන්නට නොහැකි බව මතයක් වී ඇත. විශේෂයෙන්ම උත්සව අවස්ථාවලට නැතිවම බැරි දෙයක් බවට මත්පැන් පත්ව තිබේ.

ඇතමෙක් ට මත්පැන් මිතුරකි..ඇතැමෙක් එයට බිය වෙති .මධ්‍යසාර නිසා විනාශයට පත් වූ ජීවිත ගණන අනන්තය .එසේම මධ්‍යසාර පානයෙන් වැළකීම හේතුවෙන් සුවපත් වූ ජීවිතද බොහෝය කවුරුන් හෝ පවසනවානම් මධ්‍යසාරයෙන් වෙන්වීම හේතුවෙන් තමා විනාශ වූවා යැයි කියා එය කිසිවිටෙක පිළිගත නොහැක්කකි. මධ්‍යසාර පානය නිසාමයි පුද්ගලයෙක් විනාශ වෙන්නේ..

මධ්‍යසාර නිසා කෙනෙකුට ලැබෙන්නා වූ ලාමක ආස්වාදයට ලොල් වූ පුද්ගලයා වෙනත් හේතු ඉදිරිපත් කරමින් ඒ ආශාවට වහල් වීම වසා ගනී ගනී. මෙවැනි අය ඉදිරිපත් කරන හේතු වලින් එකක් වන්නේ “මං ටිකක් බොනවා “යැයි පවසා මධ්‍යසාර පානයේ යෙදීමයි. තවත් අය පවසන්නේ තමාට බීමට වුවමනාවක් නැති බවත් මිතුරන්ගේ පෙරැත්ත නිසා මධ්‍යසාරයේ යෙදෙන බවත්ය.. සමහරුන් මධ්‍යසාර භාවිතා කරන්නේ තම වෙළෙඳ ව්‍යාපාර කටයුතු පවත් පවත්වා ගැනීම ගැනීමටයි..

මේ කුමන හේතුවක් දැක්වුවත් ඒ පුද්ගලයා මද්‍යසාර පානයෙන් තමා ලබන ආස්වාදයේ ගැලී සිටියි. එහෙත් ඔහු තමා අවට සිටින සමාජයෙන් කිසියම් අදහසක් අනුමත කර ගැනීමට සැලසුම් කරයි. එනම් තමා බේබද්දෙකු නොවන බවත් අනුන්ගේ බලපෑම මත ස්වල්ප වශයෙන් මධ්‍යසාර භාවිතා කරන්නෙකු පමණක් බවත්ය…

තවත් සමහරුන් මෙසේ පවසනු ඔබ අසා ඇති

මං බොනවා. ඒත් ඒකෙන් කාටවත් කරදරයක් නෑ.

ඇතැම් කාන්තාවන් පවා තමාගේ ස්වාමිපුරුෂයා නොබී සිටිනවාට අකමැතියි. එවැනි අය නිදහස් කරනවා ..සැබෑ පුරුෂයෙකු මධ්‍යසාර භාවිතා කළ යුතුයැයි කියා.. ඔවැනි අවස්ථා කීපයක් ගැන අපිට අත්දැකීම් තිබෙනවා. සමහර ස්වාමිපුරුෂයන් කියනවා තම බිරියන් තමන්ට බීමට ඉඩ ලබා දෙන බව… මීට හේතුව සමහර කාන්තාවන් කිසියම් තත්ත්වයක් ඇතිකර ගත හැකි යැයි කියා …ඇත්තෙන්ම මෙවැනි මිත්‍යා ආකල්ප මතයි බීමත්භාවය පවතින්නේ.

ඇත්ත වශයෙන්ම බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කළා මත්පැන් පානය නිසා මරණින් මතු නිරය හිමිවන බව.. එසේ ඒ කර්ම විපාකය කවදා හෝ ගෙවා නිමවූ පසු මිනිස් ලොවට ආ විටත් මන්ද බ බුද්ධිකවම උපත ලබනව. මේ ආකාරයෙන් පැහැදිලි බුද්ධ දේශනා තිබියදීත් පමණ දැන බොනවාය මිතුරන් නිසා බොනවාය කියන හේතු හුදෙක් නිදහසට කරුණු පමණයි. බුදුරජාණන් වහන්සේ සිය අනන්ත අවබෝධය මත නිරය අවබෝධ කළා..

එවැනි දේ දකින මේ ලදරු කලාකරුවන් සිතන්නෙ තමන් ද එසේ විය යුතුයි කියායි.දක්ෂ ශිල්පීන් මත්පැන් පානය කළවුන් නම් ,එහි වරදක් නැති බවයි මේ අයට සිතෙන්නේ. මේ මතයෙන් රැඳී කලක් කට යුතු කළ විට ඔවුන්…. නිරන්තරයෙන්ම ඊට ඇබ්බැහිවීම වැළැක්විය නොහැකියි. ඒත් මේ අයට නොවැටහෙන කරුණ නම් ඔවුන්ගේ ජීවිතවල අවසාන කාලය වන විට මේ හේතුවෙන් විශාල පසුතැවීමකට ලක්වීමට සිදුවන බවයි.

ඇත්ත වශයෙන්ම හොඳ සිහියෙන් හා ප්‍රඥාවෙන්මයි යමකු පෞරුෂය උපදවා ගත යුත්තේ? කිසිවෙකුට එසේ කිරීමට නොහැකි වන තැන ඉස්මතු වන්නේම හීන වූ පෞරුෂයක්.. ඇතැමුන් මේ සඳහා මතිමතාන්තර ඉදිරිපත් කරන්නට පුළුවන්. ඒත් යථාර්ථය මෙයයි . කිසිවෙකු පවසනවා නම් තමාට මත්පැන් පානය නිසා නිර්මාණ කාර්යයේ වැඩි ප්‍රතිඵල ලබන්නට නොහැකි යැයි කියා එහිදී ඔහු තම සිහිය දියුණු කර ගැනීමට උපයෝගී කරගන්නේ මත්පැන්…බාහිර කෘතිම උත්තේජක මගින් ශක්තිය දියුණු කිරීම ලෝකයා අද පැහැදිලිවම ප්‍රතික්ෂේප කොට නොකළ යුතු දෙයක් ලෙස ලොවම පිළිගෙන තිබෙනවා. ක්‍රීඩා ලෝකයේදී මෙය පැහැදිලිවම ප්‍රකට වී තිබෙන කරුණක් නොවේද…….. මෙහිදී කුමන ආකාරයකින් හෝ කෘතිම උත්තේජක භාවිතය ඉවතලා ඇත්තෙන්ම පුද්ගලයා ජයගත යුත්තේ තමාගේ සිහිනුවණින් සහ වීර්යයෙන්මයි.

බලන්න ලෝවාමහාපාය හැදුවේ කොහොමද කියලා මේ අවශ්‍යතාව දුටුගැමුණු රජතුමාට දැණුනාම රජතුමා රැස්කළා රහතන් වහන්සේලා පිරිසක් මෙසේ රැස්කොට ඉල්ලා සිටියා කෙනෙකු යවන ලෙස දිව්‍ය ලෝකයට එසේ ගොස් එහි තිබෙන ගෘහ නිර්මාණ සැලැස්මක් ලබා ගන්නැයි කියා ඉල්ලා සිටියා..

එවැනි දිව්‍යමය සැලැස්මක් මිනිස් ලොව නිර්මාණය කරවීමයි රජතුමාගේ අදහස වුණේ.අන්න පෞරුෂය.

මෙහිදී සංඝ සම්මතයෙන් රහතන් වහන්සේ අට නමක් පිටත් කළා. මේ අය දිව්‍ය ලෝකෙ වඩිද්දි දුටුවා කූඨාගාර දහසකින් යුත් සිංහ කවුළුවලින් හෙබි බරණි නැමැති දෙවිඳු වැඩ සිටි විමානය..

ඈ සිටියේ දහසක් දිව්‍ය අප්සරාවන් පිරිවරාගෙනයි. උන්වහන්සේ එතනට වැඩම කොට මේ දෙව් දුමුණ ගැසුණා. ඔබගේ මේ දෙව් විමන පුදුමාකාරයි. මහල් නවයකින් යුක්තයි. කූඨාගාර දහසයකින් නිර්මාණය කර තිබෙනවා කිංකිනි ජාලාවකින් විමන වටකොට තිබෙනවා. මෙය විශ්මයජනකයි ආදී වශයෙන් උන්වහන්සේ එය වර්ණනා කොට ඒ දෙව්දුගෙන් අසා සිටියා මෙවැන්නක් ඈට ලැබුණේ කෙසේද කියා..

එවිට ඈ කියා සිටියා…ස්වාමීනී මා මිනිස් ලොව සිටියදී දාසියක් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේදී අශෝක නමැති බ්‍රාහ්මණ ගෙදරක මා සේවය කළා. මා එහි කෑම පිසුවා..ඒ බමුණා තෙරුවන් සරණ ගොස් සිටියා. නිරන්තරයෙන් රහතන් වහන්සේට දන් පැන් පිදුවා. දිනපතා දම් පැන් පිදීමට ඒ නිවසේ ශාලාවක් තැනුවා. නිතිපතා මා දානය උයා ඉතා පිරිසුදුව පිරිසිදු සිතින් ඒවා මැනවින් සකස් කළා පසුව ස්වාමියා මා කෙරෙහි පැහැදී ඒ කාර්යය මුළුමනින්ම මා හට පැවරුවා. මා ඒ සියල්ල මහත් වූ සැදැහැ සිතින්ම කළා කළා මා මේ අද ලබා ඇත්තේ එහි ආදීනවයි… විමන

දොළොස් යොදුන් පළල ඒ දෙව් විමන රහතන් වහන්සේ රෙදි කඩක සටහන් කරගත්තා..මේ සැලැස්ම අනුව තමයි ලොවා මහපාය තැනුවේ. මේ සියල්ල කළේ පංචශීලය රැකගත් සමාජයක සාමාජිකයින්… මෙන්න මෙයයි පෞරුෂය.. මෙය බීමත්ව නිර්මාණය කරගත හැකි යමක්ද ..මේ කුසලතාවන්ගේ අහලකටවත් ඒමට හැකියාවක් අද අපට තිබෙනවාද…..

ඒකයි අපි නිරන්තරයෙන්ම කියන්නේ අභ්‍යන්තර හිස් බව වර්ධනය කරගන්න දෙයක් මත්පැන් කියලා…

ඔබට පුළුවන් මෙයින් මිදෙන්න ඔබට පුළුවන් අනාගතය ගැන සිහින මවන්න ඔබට පුළුවන් ඔබගේ ජීවිතය ඔබට අවශ්‍ය පරිදි සකස් කරගන්න…

මේ සිතුවිලි ඔබට පහළවන්නට අවශ්‍ය තෙරුවනේ ආශිර්වාදය ලැබේවා..

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X