Temples of Sri Lanka

අකුසලෙහි ආදීනව

ආහාරපාන සොයමින් නිතරම ඒ මේ අත දිව ඇවිදින්නෝ ප්රේත යන වචනයේ එක් අර්ථයකි ඔහු කිහිප වර්ගයක් ඇත.
බුප්පි පාසිකා නමින් හැඳින්වුණු ප්රේතයන්ට ඉතා විශාල හිසක් සහ දිවක් ඇත  එහෙත් කෙස්ගසක් බඳු ඉතා සිහින් බොහෝ උස ශරීරයක් ඇත ඔහු නිතරම සාපිපාසා දෙකින් පෙළෙන්නාහ බුද්ධාන්තරයක් පමණ දීර්ඝ කාලයක් දුක් විඳිමින් කල් යවති පැන් බොම්හයි මහා සාගරයට යොමු කළත් එය වියළි ගියා සේ ඔවුන්ට දැනේ පැනක් නොලැබේ.

 

කාලකංජක නමින් හැඳින්වෙන ප්රේත නිකායට අයත් වන්නේ තමන්ගේ අකුසල කර්ම හේතුවෙන් පහළවන ගිනිගෙන දිලිසෙන ආයුධවලින් උන් උනුන් පෙළෙති එහෙයින්ම නිතරම අප්රමාණ වූ දුක් විඳිති
නිජ්ජාමත්ණ්හික නම්බු ප්ර වූ ප්රේතයෝ නිතරම කය තුළ බලවත්ව නැගෙන උෂ්ණයෙන් පෙළෙති. එනිසාම දැවෙති. බලවත් දැවිල්ල නිසා නිතරම හඬ හඬා කල් ගෙවති

 

ප්රේතයෝ ආහාරපාන නැති බැවින් ඇවිදින ඇටසැකිලි බඳු වෙති.අවුරුදු දහස් ගණනකින් පසු සමහරුන්ට මෙහි ආහාරපාන ඇතැයි මෙහි ඒවායි එවයි කෙනෙකු හඬ ගසන්නා සේ ශබ්දයක් ඇසෙයි. ආහාරපාන ආශාව නිසා ඔවුන්ට හැඟෙන සැටි එයාකාරයෙන් වුණත් ඔහු එක් එකාගේ ඇඟේ එල්ලී අමාරුවෙන් නැගිට හඬ ඇසුනා සේ හැඟෙන පැත්තට දුවති. බොහෝ දුර දිග ගිය පසු මෙහි කිසිත් නැතැයි කියන්නා සේ ඇසෙයි එවිට බලාපොරොත්තුව සුන් වී එතැනම ඇද වැටෙයි
තවත් කාලයක් ගිය පසු ව පළමු සේ ම ආහාර පාන පිරිස කැඳවන්න කැඳවන්නට ඇසෙයි පළමු කී පරිදිම ටික වෙලාවකින් බලාපොරොත්තු සුන් කරමින් නැතැයි යන හඬ ඇසෙයි

 

පාංෂුපිශාච නමින් හැඳින්වෙන එක් වර්ගයක් ප්රේතයෝ ඉතා පිළිකුල් දේවල් බුදිමින් යැපෙති.
රුක් සෙවණ ඔවුන්ට සෙවනක් නොවෙයි. මහත් මහත් උෂ්ණය ඇති තැනක් සේ දැනේ ජලය ගිනි දේවල් රැසක් සේ හැඟේ ඔවුන් විදිනා දුක විස්තර කළ නොහැකිය

 

අකුසල් කොට තිරිසන්ව උපන්නොත් එයින් ගොඩ ඒම ලෙහෙසි නොවේ ඔවුන් තමන් ලබා ඇති අත් භාවය කෙරෙහි ඇලීම එක් කරුණක් තිරිසන් බැවින් ගොඩ ඒමට කළ යුතු දෑ නොදන්නා බව අනිත් කරුණයි
ඉතා ස්වල්ප වේලාවක් දිව පිනවීමට මස් කෑමේ ආශාවෙන් සතුන් මැරීම සුළු මොහොතක ආස්වාදය පිණිස පරදාර පරපුරුෂ සේවනය යන ආදී පව් කිරීමෙන් ලක්ෂ ගණන් අවුරුදු නිරාගින්නට ගොදුරු වන සේ වූ ක්රියාමාර්ගයන් ගැනීම නුවණැතියන් විසින් නොකළ යුතුයි සමහරු මේවා දැන දැනත් මේ පව් කරනවා ඒ ඔවුන් තුළ වූ මෝහය හෙවත් මුළාව බලවත් බව නිසයි
ඒ නිසා නුවණ මෙහෙයවා පව් පින් හැඳින පාප මිත්ර සේවනයෙන් වෙන්ව කල්යාණ මිත්ර ආශ්රය කිරීමට හැම දෙනා විසින් සිතා ගත යුතුයි

 

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood
You might also like
en English
X
X