Temples of Sri Lanka

අන්ධ වූවෝ කවරහුද

බුදුරජාණන් වහන්සේ අලව් නුවර වැඩ වසන්නට වූ අතර ධර්ම ශ්රවණය කිරීම සඳහා රැස් වූ පිරිසට මරණය ගැන මෙනෙහි කිරීමේ අනුසස් වදාළ සේක
එහිදී ධර්මය අසා පැහැදුණු සොළොස් හැවිරිදි පේසකාර තරුණියක් දිවා රෑ වෙහෙසෙමින් මරණානුස්සති භාවනාව වඩන්නට වූවා ය
දිනක් අළුයම් වේලෙහි ලොව බලා වදාරණ බුදුරජාණන් වහන්සේට දක්නට ලැබුණේ පේසකාර දියණියගේ මරණය සිදු වන බවයි එදින පේෂකාර දියණිය කෙරෙහි අනුකම්පාවෙන් උන් වහන්සේ ආලවක නුවර විහාරයට වැඩම කළ සේක
බුදුරජාණන් වහන්සේ වැඩි බැව් ඇසූ පේෂකාර දියණිය බණ ඇසීමේ රිසියෙන් වහා සූදානම් වූවාය විහාරයට යාමට සූදානම් වන පේසකාර දියණිය ඇමතූ පියා ඇයගෙන් කටින ලද නූල් ගෙන එන්නයි දැන්වීය ඇය වහා ගෙනැවිත් දී විහාරයට ගොස් බණ අසනු පිණිස පිරිස අතර වාඩි වූවාය බුදුරජාණන් වහන්සේ මෙසේ අසන්නට වූ සේක

 

දියණියනි ඔබ කොහේ සිට පැමිණියාද..?
බුදුරජාණන් වහන්ස මම දන්නේ නැහැ…
කොහි යන්නෙද..?
බුදුරජාණන් වහන්ස මම දන්නේ නැහැ….
නොදන්නේද දියණිය..?
මම දන්නෙමි බුදුරජාණන් වහන්ස…
ඔබ දන්නෙහිද..?
බුදුරජාණන් වහන්ස ඇත්තටම මා නොදනිමි…

 

බුදුරජාණන් වහන්සේ විසින් ඇසූ ප්රශ්නවලට ඇය පිළිතුරු දුන්නේ කටට ආවක් ම යැයි රැස්ව සිටි පිරිස සිතුහ. ඔවුහු එවැනි පිළිතුරු දුන් පේෂකාර දියණිය කෙරෙහි අප්රසන්න වූහ.
ඇතැම් අය මේ පේසකාර කෙල්ල බුදුන් වහන්සේට පිළිතුරු දුන් සැටි බලන්නැයි නොසන්සුන් වූහ පිරිස සංසුන් කර බුදුරජාණන් වහන්සේ පේෂකාර දියණිය ගෙන් යළි එකී ප්රශ්න විමසූ සේක එවිට පේෂකාර දියණිය මෙසේ පිළිතුරු දෙන්නට වූවාය

 

බුදුරජාණන් වහන්ස මම කොහි සිට පැමිණ මිනිස් ලොව ඉපදුණි දැයි නොදන්නෙමි…
මම මියගොස් උපදින තැන ද නොදන්නෙමි
මම මිය යන බැව් නම් දනිමි

 

මම මිය යන අවස්ථාව නොදනිමි ඒ නිසා මේ අන්දමට පිළිතුරු පිළිතුරු දුන්නා යැයි පැවසීය
බුදුරජාණන් වහන්සේ ඇයගේ ඥානවන්ත පිළිතුර අසා පහත සඳහන් ගාථාව මුල්කරගෙන ධර්මය දේශනා කළ සේක ඒ අසා පේෂකාර දියණිය සෝවාන් ඵලයෙහි පිහිටියාය

 

අන්ධභූතෝ අයං ලෝකෝ
තනු කෙත්ථ විපස්සති
සකුනෙතාජාල මුතේතාව
අපෙපසගගාය ගච්ඡති

 

මේ ලෝවැසි ජනයා නුවණැස නැති නිසා අන්ධයි . ටික දෙනෙක් මෙහි ඇති තතු දන්නවා. දැලෙන් මිදුණු කුරුල්ලන් මෙන් ටික දෙනෙක් ම නිවනට හෝ සුගතියට හෝ යති. යන්න මෙහි අදහසයි..

 

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood
You might also like
en English
X
X