Temples of Sri Lanka

අපේ පිළිසරණ බුදුන් දෙසූ දහම් මගයි

බුදුන් වහන්සේගේ ජීවිතය රැගෙන බැලුවොත් උන්වහන්සේගේ ජීවිතය තුළ උන්වහන්සේ විවරණය ලැබූ ආකාරයට යම් කෙනෙක් විවරණ ලැබුවා නම් ආයෙත් ප්රාර්තනා කරන්න දෙයක් නැහැ.උන්වහන්සේ සාරාසංඛ්ය කල්ප ලක්ෂයකට කලින් විවරණ ලැබුවා
සාරාසංඛ්ය කල්ප ලක්ෂයකට කලින් දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් විවරණ ලැබුවේ … මේ සසර ගමන එච්චර දීර්ඝ සසරක්…
උන්වහන්සේ ජාතක කතාවලින් විස්තර කරලා පෙන්නුවේ මේ කර්මානුරූප බලපෑම පෙන්වීමටයි. ඒ වගේමයි සසර පුරුදු කර්මානුරූප බලපෑම් පෙන්වලා මේවා කෙරෙහි කලකිරිලා අප්රමාදී වීම පිණිසයි ජාතක කතා විස්තර අපට ගෙනහැර පාන්නේ …
කාශ්යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ අපේ භාග්යවතුන් වහන්සේ ජෝතිපාල කියලා තරුණයෙක් වෙලා උපන්නා. එතකොට ඝටීකාර කියලා කුඹල් කරුවෙක් තමයි කාශ්යප බුදුරජාණන් වහන්සේට ඇප උපස්ථාන කළේ. එතකොට මේ ජෝතිපාල බ්රාහ්මණ වංශික පුද්ගලයෙක් .ඝටීකාර කියල කියන්නේ කුඹල් කරුවෙක්.

 ඝටීකාර ගෙ යාළුවා තමයි මේ ජෝතිපාල. දවසක් ඝටීකාර ජෝතිපාල මානවකයාට කියනවා අනේ යහළුවේ අපි අපගේ ශාස්තෘන් වහන්සේ වන කාශ්යප බුදුරජාණන් වහන්සේව බැහැදකින්නට යමු කියලා .අනේ මට නම් මේ මුඩු මහණ දැකලා වැඩක් නෑ කියලා ජෝතිපාල බ්රාහ්මණයා කියනවා .

දවසක්දා ඝටීකාර , කොහොමද මෙයාව මේකට පොළඹවන්නේ ,යි කල්පනා කළා
දිනක් ගඟේ බැහැලා ස්නානය කරද්දි කොන්ඩෙන් අල්ලලා ඇහුවා එනවද භාග්යවතුන් වහන්සේව බලන්න යන්න කියා.එතකොට කල්පනා කළා ඒකාන්තයෙන්ම මෙය ආශ්චර්යය දෙයක් බව හා විස්මයජනක දෙයක් බව .
මේ හීන කුලීන කෙනෙක් මගේ කොන්ඩෙන් ඇල්ලුවෙ මොකක් හරි විශේෂ දෙයක් තියෙන්න ඕන කියලා හිතුවා.එසේ සිතා යමු කියා කාශ්යප බුදු රජාණන් වහන්සේ බැහැ දකින්නට ගියා.
බුදුන් වහන්සේ දුටු පමණින් ම පැහැදුණා.ඒ කියන්නේ විවරණ ලැබූ බෝසතාණන් වහන්සේගේ චරිතයේ අභ්යන්තරයදැක පැහැදුනා.ජෝතිපාල මානවක බොහොම පැහැදිලි ඝටීකාර ගෙන් අහනවා මෙච්චර නිර්මල ධර්මයක් දන්න ඔබ ඇයි පැවිදි වුනේ නැත්තෙ කියලා.
අනේ මිත්රයා මං කෝමද පැවිදි වෙන්නේ මගේ දෙමව්පියෝ දෙන්නාගේම දෑස් අන්ධයි. මම තමයි ඒ අයට උපස්ථාන කරගෙන ඉන්නේ එනිසා මට ඒක කරන්න බැහැ නමුත් ඝටීකාර ඒ වෙනකොට අනාගාමී ශ්රාවකයෙක් එතකොට ජෝතිපාල බුද්ධ ශාසනයේ මහණ වූ අයෙක්. මහන වෙන්නේ පාරමී පුරන්න බලාගෙන නෙමෙයි මාර්ගය වඩන්න බලාගෙන.
බුදුරජාණන් වහන්සේ පිරිනිවන්පාන මොහොතේ ආනන්ද චෛත්යය ස්ථානය ගාවදි සතර මහාපදේශ වදාළා. සතර මහා ප්රදේශවල පෙන්වා දෙනවා මහණෙනි යම් භික්ෂුවක් වේවා සඟ පිරිසක් වේවා ව්යක්ත විනීත විශාරද බහුශ්රැත ධර්මධර ධර්මානු ධම්ම ප්රතිපදාවෙන් යුක්ත කෙනෙක් වේවා… මෙයයි ධර්මය, මෙයයි විනය, මෙයයි ශාස්තෘ ශාසනය, කියලා කිව්වොත් ඒක අහන්න.
ප්රතික්ෂේප කරන්නත් එපා. පිළි ගන්නත් එපා.
සූත්රයේ බහා බලන්න .විනයෙහි ලා සසඳන්න. සැසඳෙන්නේ නැත්නම් ඒකාන්තයෙන්ම ඒක තථාගත වචනයක් නෙවෙයි කියලා ඒක අයින් කරන්න කියලා .මම ඒක පිළිගත්තා අරගෙන ඒ දරන මත බුද්ධ දේශනා එක්ක ගලපා බලනවා .බලනකොට ගැලපෙන්නෙ නැත්නම්, ඒක අයින් කරනවා.

 

අපට පිළිසරණ තියෙන්නෙ බුද්ධ දේශනාවේ මයි.බුද්ධ දේශනාවේ මයි අපේ ආරක්ෂාවට තියෙන්නේ .
සංඛාර උපේක්ෂාව තුළ දන්නවා කියලා මෙනෙහි කර කර ඉඳලා මේක අත්හැරපු අය කොච්චර ඉන්නවද ….මට මාර්ගය වැඩෙන්නෙ නෑ මට පාරමී පිරිලා නෑ මම මේ පාරමි පුරා ගෙන වෙන ගමනක් යන කෙනෙක් එනිසා මට මේ ශ්රාවකයන් ඒ වැඩක් නෑ මම ශ්රාවකයාණෝ අත්හරිනවා කියන අය ඕන තරම් ඉන්නවා .
කියන කතා අරගෙන මෙහෙම කරලා බොහෝ අය අද අවුලෙන් අවුලට පත් වෙලා තියෙන්නේ.මාර්ගය හා ප්රතිපදාව අවුල් සහගත වෙලා…

 

ඒ නිසාම අපට සරණක් වූ බුද්ධ දේශනාව තුළ පිහිටමින් අපේ සරණ පතා බුදු දේශනාව ජීවිතයට උපමා කොට ගනිමින් දහම් මඟ
ඥානාන්විතව ගමන් කිරීමට ඔබ අප සැම සියලු දෙනෙක්ම අධිෂ්ඨාන කරමු.

 

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood
You might also like
en English
X
X