සහෘද ඉන්දියානු ජනතාවට උත්කර්ෂවත් නිදහස් දිනයක් වේවා!













1947 අගෝස්තු 15 වන දින භාරත මාතාවන් ජාතික නිදහස දිනා ගැනීම අනුස්මරණය කරනු ලබනවා.. එදින ඉන්දියාවේ ජාතික නිවාඩු දිනයක් ලෙස සැලකෙනවා.
මෙදින රට පුරා කොඩි එසවීමේ උත්සව, පෙලපාලී සහ විවිධ සංස්කෘතික උත්සව උත්සවශ්‍රීයෙන් දැකගත හැකියි.
ඉන්දියානු ජනතාව ඉතාමත් ප්‍රීතියෙන් තම නිදහස සමරන්නේ සිය ඇඳුම් ආයිත්තම් වලින් සැරසෙමින් හා, වාහන සහ නිවෙස් වල ජාතික කොඩිය ප්‍රදර්ශනය කිරීමෙන්, ජාත්‍යාලය දනවන චිත්‍රපට සහ ගීත ඇසීමෙන් සහ තම නෑදෑ හිතමිත්‍රාදීන් සමඟ සම්බන්ධතා වැඩි දියුණු කිරීම ආදී කටයුතු වල නිරත වීමෙනි.
අනාදිමත් කාලයක සිට ශ්‍රීලංකාව සහ ඉන්දියාව අතර දිගු කාලයක පටන් ඉතා මිත්‍රශීලී සම්බන්ධතාවයකින් බැඳී ඇත. ශ්‍රී ලංකාවේ ආසන්නතම අසල්වැසියා නොඑසේනම් හදවතට සමීප සහෘදයා ලෙසින් ඉන්දියාව දෙරට අතර මිතුදම් එදාමෙදා තුර තර කර ඇත.
සහෘද ලාංකීයයන්ගේ දුක සැප සැබෑ සොයුරුදමින් හඳුනන ඉන්දීය ජනතාව ලාංකීය පවුලක් වැන්න.
දෙරටම භූ ගෝලීයව දකුණු ආසියාව තුල වැදගත් ස්ථාන වල පිහිටා තිබීම නිසා, ඉන්දියන් සාගරයේ පොදු ආරක්ෂක ඡත්රයක් නිර්මාණය වී ඇති අතර ඉතිහාසමය සහ සංස්කෘතිකමය වශයෙන්, ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර වැදගත් සම්බන්ධතා පැවතෙමින් ඇත.
ශ්‍රී ලංකාවේ පැරණි මූලාශ්‍ර වලට අනූව (දීපවංශය වැනි), ක්‍රිස්තු පූර්ව 4 වන සියවසේ දේවානම්පිය තිස්ස රජු සමයේදී ශ්‍රී ලංකාවට, ඉන්දියානු අශෝක අධිරාජයාගේ පුත්‍රයෙකු වූ මිහිදු මහ රහතන් වහන්සේ විසින් බුදු ධහම රැගෙන ආ බව පැවසෙයි. මේ කාලයේදීම, සංඝමිත්තා මහ රහත් තෙරණිය විසින් ඉන්දියාවේ ශ්‍රී මහා බෝධියේ අංකුරයක් ශ්‍රී ලංකාවට වැඩම කරවීමත්, ලංකා රාජ්‍යය තුල බෞද්ධ සිද්ධස්ථාන ඉදිකිරීම ආරම්භ වූ බවත් සඳහන් වෙයි. ඒවා අතරින්, ඉසුරුමුණි විහාරය සහ වෙස්සගිරිය විහාරය අදටත් වැදගත් වන්දනාමාන ස්ථාන වෙයි.

ලෝකයේ අනෙකුත් සියළුම බෞද්ධ ජාතීන්ට වඩා, සංඝයා වහන්සේලා විසින් අඛණ්ඩව පවත්වා ගෙන ආ දීර්ඝ බෞද්ධ ඉතිහාසයක්, ශ්‍රී ලංකාව සතුව පවතියි. ඒ ඉන්දීය ශ්‍රී ලංකා සහෘදත්වය හා බැඳීම් සනිටුහන් වූ තවත් ස්වර්ණමය අවස්ථාවන්ය.
අවැසි සෑම අවස්ථාවකදීම හද ලඟ නැවතෙන අතීතයේ සිට බැඳී පවතින මිත්‍රශීලී සබඳතා වලින් හෙබි ඉන්දියානු ජාතිකයින්ගේ අදවන් වූ නිදහස් සැමරීම ශ්‍රී ලාංකීය ජන සංහතියටම තෘප්තිය ගෙන එන්නකි…
ඉන්දියානුවන්ගේ සතුට ලාංකිකයන්ගේ සතුට හා සම කරමින් , හද බැඳි මිතුදම් පෙරටම යන භාරත මාතාවන් හට ජය සපිරි නිදහස් දිනයක් වේවායි ප්‍රාර්ථනය ගෙන එමු…
ජය හේ…ජය හේ…
ජය ජය ජය ජය හේ….
![🙏]()




සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood