Temples of Sri Lanka

ආර්ය මෛත්‍රී භාවනාව වඩමු

මමද සියලු සත්වයෝ මේ සංසාර පැවැත්මේ දුකත් එයින් මිදී නිදහස් විය හැකි බවත් යථාවබෝධයෙන් දැන දැක ගෙන සතර අපා දුකින් මිදී සෝවාන් ඵලයෙන් නිදුක් වෙත්වා..

කාම රාග පටිඝ තුනී කර දාහයෙන් අසහනයෙන් මිදී සකෘදාගාමී ඵලයෙන් නිරෝගී වෙත්වා..

කාම රාග පටිඝ සහමුලින්ම නැතිකර උතුම් අනාගාමී ඵලයෙන් සුවපත් වෙත්වා..

සියලුම කෙලෙසුන්ගෙන් මිදී නිදහස්ව උතුම් අරිහත් ඵලයෙන් ම දුකින් මිදේත්වා..

අනන්ත සංසාරයේ පටන් මගේ අතින් දැන හෝ නොදැන බුද්ධ පසේ බුද්ධ අරිහත් බුද්ධ යන අරිය උත්තමයන් වහන්සේ ලා කෙරෙහි විශේෂයෙන් ම බුදුන් වහන්සේ දේශනා කළා වූ පරම පවිත්‍ර සිරි සද්ධර්මය කෙරෙහි අරිය මග යන අරිය උත්තමයන් වහන්සේ ලා කෙරෙහි යම් නින්දා හිංසා අවැඩ අසාධාරණ අපවාද අවලාද ආදී පාප ක්‍රියා සිදු වූවා නම් අරිය උපවාද සිදු වූවා නම් ඒ සියලුම දෝෂයන ට මට බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නත්‍රය මා හට කමා කරන සෙක්වා…!!!

අනන්ත සංසාරයේ පටන් මා ආවා වූ මේ සංසාර ගමනේ දී මට දෙමවුපියන් වූ වැඩිහිටියන් වූ සහෝදර සහෝදරියන් වූ ස්වාමිපුරුෂයා න් වූ භාර්යාවන් වූ දූ දරුවන් වූ සේවක සේවිකාවන් වූ සියලුම දෙනාට ද භික්ෂූන් වහන්සේලා ඇතිවු සම්මත පූජ්‍ය පක්ෂය ට ද ,අරිය මග යන අරිය උතුමන් ට ද මගේ අතින් යම් වරදක්  හිංසාවක් නින්දාවක් උපහාසයක් අපහාසය ක් සිදු වි, සිදු කොට ඇත්නම් ඒ සියලුම දෝෂයනට මට කමාව ලැබේවා.. කමා කරත්වා ….. සාදු සාදු සාදු සාදු

යථාවබෝධයෙන් ම දැන් මගේ සිත රාගයෙන් තොරයි ද්වේෂයෙන් තොරයි මෝහයෙන් තොරයි.. වීත රාගී විත ද්වේශි විත මෝහි සිතක් පවතින මේ මොහොතේ මගේ සිතේ ඇති වී තිබෙන සුදු චිත්ත කිරණ ශක්තිය දස දහසක් සක්වළ වෙත පැතිරේවා..පඨවි ආපෝ තෙජෝ වායෝ යන සතර මහා ධාතු භූතයන් ම පිරිසිදු වේවා.. විශ්වයම සුවපත් වේව..පිරිසිදු වේවා..
මිනිසුන් දෙවියන් බඹුන් යක්ෂ භූත ප්‍රේත තිරිසන් සතර අපාගත ආදී සියලුම සත්වයන් හට මෙම සුදු චිත්ත කිරණ ශක්තිය පතුරවමි..සියලුම ලෝක සියලු සත්වයන් ගේ සිත් තුළ මෙත්තා කරුණා මුදිතා යන යහපත් ගුණ ධර්ම ඇති වේවා.. රාගයෙන් තොර වේවා ද්වේෂයෙන් තොර වේවා,මෝහයෙන් තොර වේවා.. විත රාගී ,විත ද්වේශි ,විත මොහි සිත් පවතීවා.. අවිද්‍යා අදුර දුරු වේවා විද්‍යාව පහළ වේවා.. මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත මුදිත වේවා!!!

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X