Temples of Sri Lanka

රැකිය යුතු සාර ධර්ම රැකීමෙන්, ඔබත් සමාජයත් ඉහලින්ම සුරැකේ

මානවයා විසින් මානවයාගෙ පැවැත්ම උදෙසා ඇතිකරගත් ධර්මතා සාරධර්ම වේ.

සමාජය පවතින්නේ සත්‍ය මතයි. සාරධර්ම මඟින් මිනිසා තුළ ගුණ ගරුක පුද්ගලයෙක් බිහිවන බව ඔබ අප හොදාකාරවම දන්නා කරුනක්.
සාරධර්ම අප රැකිය යුත්තේ සමාජයේ යහපත් පුරවැසියෙකු ලෙස ජිවත් විමටය.සිංහල සංස්කෘතියට පමණක් නොව සෑම සංස්කෘතියක් තුළම යම් සාරධර්ම පද්ධතියක් ඇත. එම සංස්කෘතියේ අභිමානය කියාපාන මෙම සාරධර්ම අප සුරැකිය යුත්තේ අපගේ අනාගත පරපරම්පරාවට මේවා ආරක්ෂා කළ යුතු නිසායි. දෙමාපියන්ට සැලකිම,වැඩිහිටියන්ට ගරු කිරිම,ගුරුවරුන්ට කීකරු වීම,අන් අයගේ කථා වලට ඇහුම්කන් නොදීමෙන්
සාරධර්ම සපිරි සමාජයක් අපි ගොඩ නගමු.
දිනෙන් දින සිදුවන තාක්ෂණික වර්ධනයත් සමඟ සාරධර්ම කියන්නේ මොනවාද යන්න නොදන්නා තරමට අද සමාජය විකෘති වී ඇත.

සාරධර්ම සමාජයෙන් පිරිහී ඇත. පුද්ගලයකුගේ කතා විලාසය, ක්‍රියා කලාපය හා හැසිරීම් රටාව යන සෑම දෙයක්ම සාරධර්ම හා බැඳී පවතී. සමාජයේ යහපත් පුරවැසියකු ලෙස ජීවත්වීමට සාරධර්ම අත්‍යවශ්‍යය. මුලින්ම සාරධර්ම ඉගෙන ගන්නේ තම පවුලෙනි. වැඩිහිටියන්ට ගරු කිරීම, හොඳ වචන කතා කිරීම, යහපත් දේ සිදු කිරීම, අවංකකම, කරුණාව හා දයාව ආදියෙන් පවුල තුළින් වර්ධනය කරයි. එමෙන්ම සමාජයේ සම්බන්ධතා සමඟ ඒවා තවත් වර්ධනයට මෙන්ම පිරිහීමට ඉඩ ඇත…

එනම් සමාජයේ ඇසුරු කරන සමවයස් කණ්ඩායම්, මිත්‍රයන් හා අයහපත් පුද්ගලයින් අනුව එය වෙනස් වනු ඇත‍. සාරධර්ම ගොඩනැගීමට හොඳම ස්ථානය පාසල වේ. මෙහිදී ගුරුවරයකු, පාසල් ශිෂ්‍යයකු හා ශිෂ්‍යයන්ගේ දෙමව්පියන් ලෙස ගිලිහි යන සාරධර්ම නැවත ගොඩනැඟීමට 9දායක විය හැක.

දරුවාව පුරුදු කරවන්න ඔවුන් කුඩා කළ සිටම දෙමව්පියන් වගකීම ගත යුතුය. පාසලෙනුත්,යහපත් ගුණාංග දරුවාට පුරුදු කළ යුතුය. වර්තමානයේ ළමයින් ඉගෙනීමට උපන් හපන් ඇති වුවද සාරධර්ම අතින් දුර්වලය.

මනුස්සකම් අනෙකාට ඊටත් වඩා වෙනස් වී තරගකාරීත්වය අබිබවා යෑම අරමුණ වී ඇත.

සාරධර්ම පිරිහිමට ජනමාධ්‍ය ප්‍රධාන හේතුවකි. රූපවාහිනියේ විකාශය වන මෙගා ටෙලි නාට්‍යයද සාරධර්ම කෙරෙහි බලපෑම් කරයි. ජනමාධ්‍යයන් දිනෙන් දින තරගකාරී වන මොහොතක එයින් යහපත් දෙයක් සමාජයට දායාද නොකෙරෙයි. දෙමව්පියන් වශයෙන් දරුවාට, පවුලේ සාමාජිකයන්ට උචිත වැඩසටහන් නැරඹීමට තෝරා ගත යුතුය. එමෙන්ම රූපවාහිනි තීරය තුළින් වෙනත් සංස්කෘතීන් නිරූපණය කිරීමේදී අප සංස්කෘතිය පිරිහී යනු ඇත. අප සංස්කෘතිය බිහි වී ඇත්තේ සාරධර්මවලට අනුකූලව හා රටේ සභ්‍යත්වයට අනුව ය…
කොරෝනා වසංගතය හමුවේ ළමා පරපුර, තරුණ පරපුර නිරන්තරයෙන් ජංගම දුරකථනය හරහා අධ්‍යාපන කටයුතු ,රැකියා කටයුතු සිදු විය. මෙහිදී සමාජයෙන් පවුලෙන් දරුවා හා තරුණයන් දුරස් කිරීම සිදුවිය.

වර්තමානයේ වැඩිහිටි නිවාස ඉදීවීමටත්, සිරගෙවල්වල වැරදිකරුවන් වැඩි වීමටත් සහ මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වීම් සිදුව ඇත්තේ නිසි සාරධර්මයන් රට තුළ නොමැති බැවිනි.

අනෙකාට වඩා තමන් ඉදිරියට යන්න සිහින දකින ලෝකයක සාරධර්ම යනු නොවටිනා වචනයක් වී හමාරය. එළැඹෙන අවුරුද්ද උදා වේ ද වැඩිහිටියන්ට බුලත් දී වැඳ නමස්කාර කර පවුලේ සමාජයේ නැතිවී ගිය සබඳතා වර්ධනයට, සාරධර්මයන් නැවත යථා තත්ත්වයට වඩවා ගන්න උත්සාහ ගනිමු. පුද්ගලයෙක් සාරධර්ම හා උගත්කමින් පරිපූර්ණ වූ කල ඔහු තුළ ඉතා වටිනාකමක් ඇත්තේය. රටක් සංවර්ධනයට භෞතික පරිසරය පමණක් නොව ජිවත්වන මිනිසුන්ගේ හැදියාව, සාරධර්මද ඉවහල්වනු ඇත.

පිරිහී ගිය සාරධර්ම නැවත ගොඩනැංවීමට හොඳම කාලය මෙය යයි සිතා ධර්ම ප්‍රතිපත්තිය හා සාරවත් ගුණ යහපත් සමාජයක හෙට උන්නතිය වෙනුවෙන් කටයුතු කිරීමට පෙලඹෙමු…

ඔබට තෙරුවන් සරණයි 🙏

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X