Temples of Sri Lanka

ශ්‍රී ලංකා අමරපුර  නිකායේ උත්තරීතර මහනායක හිමි දොඩම්පහල චන්දසිරි හිමියන්ගේ අපවත් වීම වෙනුවෙන් බෞද්ධ ආධ්‍යාත්මික නායක ශුද්ධෝත්තම දලයි ලාමා වහන්සේ විසින් විශේෂ ශෝක ප්‍රකාශයක් නිකුත් කොට ඇත. එම ශෝක ප්‍රකාශය පහතින්

ශ්‍රී ලංකා අමරපුර  නිකායේ උත්තරීතර මහනායක හිමි දොඩම්පහල චන්දසිරි හිමියන්ගේ අපවත් වීම වෙනුවෙන් බෞද්ධ ආධ්‍යාත්මික නායක ශුද්ධෝත්තම  දලයි ලාමා වහන්සේ විසින් විශේෂ ශෝක ප්‍රකාශයක් නිකුත් කොට ඇත. එම ශෝක ප්‍රකාශය පහතින්.

 

අසූහතර වසරක කාලයක් ආයු වැළඳු අතිපූජ්‍ය දොඩම්පහල චන්දසිරි උත්තරීතර මහනායක ස්වාමීන්වහන්සගේ අපවත් වීම පිළිබඳ මා ඉමහත් කණගාටුවට පත්වෙමි.

අපවත් වී වදාල උන්වහන්සේට මාගේ පුන්‍යානුමෝදනා මේ සමඟ ලබා දෙන අතර උන්වහන්සගේ සියලුම අනුගාමිකයන් වෙත මාගේ ශෝකය ප්‍රකාශ කරමි.
උන්වහන්සේ සුජීවත්ව සිටි කාලය තුල සම්බුද්ධ ශාසනයටත් බෞද්ධ ජනතාවටත් සිදුකල මෙහෙය අපරිමිතය. උන්වහන්සේ වෙනුවෙන් කෘතඥතාවය දැක්වීමට ඇති ඒකායන මාර්ගය නම් උන්වහන්සේ අනුගමනය කරමින් කරුණාව දයාව පෙරදැරි කොට ගනිමින් සියලු මනුෂ්‍ය වර්ගයාට සේවය කිරීමය.

 

මාගේ පුන්‍යානුමෝදනාව

(අත්සන)

21.05.2023

ඉහත ශෝක පණිවිඩය අද දින අවමංගල සභාවේදී කියවූ අතර පසුගිය  වසරේදී යෙදුනු  ශුද්ධෝත්තම දලයි ලාමා වහන්සේගේ උපන්දිනය වෙනුවෙන් පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේදී පවත්වන්නට යෙදුණු සම්මන්ත්‍රණයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් වැඩම කරනු ලැබූවේ ද උත්තරීතර මහනාහිමි වහන්සේය.

 

 

 

You might also like
en English
X
X