අතීතය ගුරු තනතුරේ තබා ජීවිත පාඩම ඉගෙන ගන්න
අතීතය කියන්නේම අපට ජීවිතයට අත්දැකීම් සමුදායක් එකතු කර ගන්නට හැකි කාලයක වාසනාවන්ත අවධියක්…අප සියලු දෙනාටම ගත හැකි සෑම පාඩමක්ම අතීතය තුළ සැගව පවතිනවා..බොහෝ දෙනෙකු අතීතයට ක්ගරහති.වෛර කරති.ඒ මත්තේම හැපෙති.වැළපෙති.විපතට පත් වෙති.අතීතය පිළිබඳ නුවණින් කල්පනා කොට අතීතයේ සිදු වූ වැරදීම් යළි නොවන්නට අප කටයුතු කළ යුතුය.
බුදු රජාණන් වහන්සේ “සිහිය”ගැන මෙසේ වදාළහ.
“කතමඤ්ච භික්ඛවෙ සති.ඉධ භික්ඛවෙ භික්ඛු සතිමා හෝති.පරමේනසති නේපක්ඛේන.චිර කතම්පි චිර භාසිතම්පි.සරිතා අනුස්සරිතා”
පින්වත් මහණෙනි මේ ශාසනයේ භික්ෂුව සිහියෙන් යුක්ත වෙයි.තැනට සුදුසු අයුරින් සිහිය පවත්වයි.පෙර කළ දේ පෙර කී දේ නැවත නැවතත් සිහි කිරීමෙන් යුතු වෙයි”
පෙර කළ කී දෑ සිහි කිරීමෙන් තමන්ගේ ජීවිතය තුළ කුසල් වැඩුණු අයුරුත් අකුසල් සිදු වූ අයුරුත් තේරුම් ගත හැකිය.එය තේරුම් ගෙන කුසලය තුළ හික්මී අකුසල් බැහැර කරන්නට නුවණ උපදවා ගත යුතුය.එබැවින් අතීතය යනු අප සියලු දෙනාටම තම තමන්ගේ අඩුපාඩු සකස් කොට නිවැරැදි වන්නට ධර්මය මාර්ගය වඩන්නට ලැබුණු කමටහනක් සේ සිතිය යුතුමය.අතීතය තුළ සැගවී ගිය ඒ අපූරු කමටහන් නුවණැතියෝ විසින් මතු කොට ගනිත්වා.ධර්මය තුළ වැඩුණු සිතැත්තෝ වෙත්වා.
මෝඩ කමින් අන්ධ වෙච්ච එදා විදිහ සිහි
කරන්න
ආයෙ ආයෙමත් ඒ දේ නොකරන්නට සිතට
ගන්න
ඒ විදිහට දහම් මගේ පුළුවනි ඉදිරියටම
යන්න ඔබටත් මේ හැම දෙයක්ම අත්දැකීමක් කර ගන්න පුලුවන්.
“අතීතයත් ගුරුවරයෙකි හොඳ පාඩම් ඉගෙන
ගන්න
කළ හොඳ දේ හිත සතුටින් එක් රැස් කොට තබා ගන්න
කළ අකුසල් පිළිකුල් කොට කුසල් හිතට එක් කරන්න
කළ ඒ හැම වැරදි ගොන්න සිදු වූ හැටි සිහි
කරන්න
අතීතයත් ගුරුවරයෙකි හොඳ පාඩම් ඉගෙන
ගන්න”
අයාලෙ ගිය සිතටම තමා කල නපුරු සිතුවිලි සිතට සිහිපත් කර
ගනිමින්
රාග ද්වේෂ මෝහ නිසා නොමඟට ගිය සැටි තමාම දැක ජීවිතය දිනන මග ඔබම පුරුදු කරන්න.එය
දකින්න ඉගෙන ගන්න.
ආශාවල් පසු පස ගොස් ව්ඳි පීඩා ගැන
සිතමින් ඒවා කිතෙක් දුරටසාර්තකද යන්න ඔබම අත් විඳින්න.
එසේම
අසත්පුරුෂ ඇසුර නිසා ඔබට වැරදුණු හැටි හා ඔබ මුලාවූ ආකාරයන් සිහිපත්
කරන්න
කිසි ලෙසකින්වත් කිසිම විටෙක, ඔවුන් හා ගැටෙන්න ජීවත් වෙන්න ඔබ තුල සිතුවිලු ගැට නොගසා ගනිමින් ජීවිතය නැගී සිටින මග විනන්න ඔබ නැගී
සිටින්න.
නුවණැති වූ ගුණවත් වූ උතුමන් ඇසුර
වැඩෙන්න හරින්න …ඔබේ අතීතය සමග හා ලැබූ පාඩම් හා අත්දැකීම් සමඟ
අතීතය ගුරු තනතුරේ තබා හොඳ පාඩම් ඉගෙන
ගන්නම
ඔබ කටයුතුකරන්න.
සිතට වහල් වෙලා නිතරම ඔබ කළ කී දේ ගැන
දකින්න ඉගෙන ගනිමින්,
සිත කියන හැම දෙයක්ම කිරීමෙන් වූ වැරදුණු තැන් නිවැරදි කර
දකින්න ඔබ උත්සාහ ගන්න
සිතට වහල් නොවී නැවත සිත වහලෙක් කරව
ගන්නා තැන හදන ඔබ
අතීතය ගුරුවරයෙකු කොට හොඳ පාඩම් පමණක් අත් දකින්නට ඔබේ අතීත ගුරුවරයා උපකාර කරගත හැකි තැන ඔබම නිර්මානය කර ගන්න මහන්සි ගන්න.
ධර්මයක් නැතිව අතීතයේ හැසිරුණ ආකාරය හා හිස් බව නුවණින්
දකින්න.ඒ හරහා ඔබේ හිතට අවශ්‍ය
රැකවරණය සලස ගන්න. ශ්‍රද්ධාවම පෙරට
ගෙන ඔබේ ජීවිතය සාර්තක ලෙස ගොඩනගාගන්න අතීතය ගුරුකොට ගන්න.
හැකි සෑම ලෙසකින්ම සෑම විටම සම්බුදු ගුණ සිහි
කරන්න ඔබේ ජීවිතයේ මූල්ක පාඩමක් ලෙස පුරුදු පුහුණුකරන්න.
මසුරු කමට ඉඩක් නොතබා හැකි සැම විට දන් දෙන්නට හා
පූජාවට ඔබේ පිරිසිදු සිත යොමු කරන්න
කම්මැලි කම එන්න නොදී වෙර වීරිය වඩා ගනිමින්
සිත මුළාවට නොව යහපතටම,
යොමු කරන්නට සිහිය නිතර පුරුදු
පුහුණු කරන්න.
පෙර ඔබ දුසිල්වත්ව ජාලය ගෙවූවත් දැන්වත් සිල් පද
රකින්න පුරුදුවන්න.අතීත වැරදි ක්‍රියා පලවා හැර වත්මන සුරකින්නට ඔබට හැකි නම් ඔබ දිනුම් බව මෙනෙහි කරන්න.
සිත සතුටින් සෑම විටම සම්බුදු බණ පදයක්
අසන්න,එහි අරුත් මෙනෙහි කරන්න ඔබ පොහොසත් වන්න.
බණ පද එකිනෙක අරගෙන එහි අර්ථය සොයා
යමින්,
අතීතය ගුරුවරයෙක් සේ හොඳ පාඩම් ඉගෙන
ගන්න ඔබේ පුහුණුව ප්‍රගුණ කරන්න.
ප්‍රමාද වී සිටියත් පෙර කල්හිදී… ආයෙත් එහි
නොවැටී ඉන්නට ඔබ
සමථ විදර්ශනා නිතර පුරුදු වෙන්න.
වෙර වීරිය වඩමින්
විසිරුණු සිත එක්තැන් කර ගෙන සමාධියෙන් යුතුව
ඉන්නට ජීවිතය පුරුදු කරමින්
අතීතය තුල ඔබේ හොඳ නරක නුවණින් විමසා කටයුතු කරමින් අනාගතය සුබවාදී කර කරගන්නට ඔබේ වෙරවීරිය යොදවා කටයුතු කිරීමට මහන්සි ගන්න.
පෙර නොතිබූ කුසල් රැස්කර ගනිමින්
ජීවිතයේ ඇති සැබෑව විදසුන් නුවණින්
දකින්න පුරුදු පුහුණු කරගනිමින්
කටයුතු කිරීමට ඔබ උනන්දු වනවා නම් ඔබේ දියුණුව වැලකිය හැකි කෙනෙක් නොමැත…ඔබේ දියුණුව ඔබේ උනන්දුව මත පදනම් වනවා ඇත..එහි ප්‍රතිඵල සාක්ෂාත් වන්නේ ඔබටමය.එබැවින් ඔබටත් මෙතෙරින් එතෙරට
පනින්න
අතීතය ගුරුවරයෙක් කරගත්තා යැයි සලකා සතුටු විය හැකිය.
තෙරුවන් සරණයි🙏
සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood