Temples of Sri Lanka

නිකිණි සුවඳින් ලොවම නැහැවෙන

නිකිණි සුවඳින් ලොවම නැහැවෙන..
දහම් දීපය සුවඳවත් වන..
සාදු සාදූ නිබඳ රජයන
ලෝසතුන් හට සුවය සලසන…

බෞද්ධයෙකු වශයෙන් ඔබ සැම පොහොය දොළසේ වැදගත්කම ගැන දැන සීටීම ඉතා වැදගත්.

අගෝස්තු මාසය හෙවත් නිකිණි පොහොයේ වැදගත්කම ගැනයි දැන් අපි කතා කරන්න හදන්නේ…

බෞද්ධයාට ඉතිහාසය ඇසුරෙන් අපට නිකිණි පෝය වැදගත් වන්නේ…..

🙏ආනන්ද හිමියන් අරහත්භාවයට පත්වීම.

🙏අජාසත් රජුගේ දායකත්වයෙන් රජගහ නුවර දී ප‍්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම.

🙏බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුව නිදන් කර සේරුවිල මංගල චෛත්‍යරාජයා තැනීම ආරම්භ කිරීම.

🙏පෙර වස් මඟ හැරි ගිය භික්ෂූන් වහන්සේලා පසුවස් සමාදන්වීම.

🙏දළදා පෙරහැර පැවැත්වීම.

එමෙන් ම අද දින ශ්‍රී ලාංකික බෞද්ධයෝ ආමිෂ හා ප්‍රතිපත්ති පූජා ද විහාරස්ථාන කේන්ද්‍ර කරගනිමින් සිදු කරති.

නිකිණිපුර පසළොස්වක පෝය දා සිදු වූ මෙම ඉතා විශේෂ වූ වැදගත්කම් ඔබේ ජීවිතයට ළඟා කරගත හැකි අතර මෙවන් උතුම් පොහෝ දිනක අසිරිය මෙසේ දකිමු.

ඔබ සැමට බැතිබර නිකිණි පුර පසළොස්වක පොහෝ දිනයක් වේවා!!!

තෙරුවන් සරණයි..🙏🙏

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X