Temples of Sri Lanka

හික්මීමේ සොඳුරු බව

ශ්රාවකයාට තමන්ගේ ජීවිතයේ සීලය පුරුදු කරන ක්රමය පිළිබඳව නිවැරදි වැටහීමක් තිබිය යුතුයි බුදුරජාණන් වහන්සේ පැන වූ සීල සංවරය ගැන ශ්රාවකයන් අතර නොයෙකුත් මත වාද පැතිරී තිබුනත් සීල දෘශ්ටිය ඇති වෙනවා නම් ඔහුට සංසාර දුකින් නිදහස් වන පිළිවෙල සිතේ ඇතිවෙනවා.එය නොවැඩීම නිසා නැවතත් සසර ඉපදීම සිදුවන බව බුදු රජාණන් වහන්සේ පහදා දුන්නා.මේ අනතුරු කාරී තත්ත්වයෙන් අත්මිදෙන්නට නම් අප විසින් කළ යුත්තේ බුදුරජාණන් වහන්සේ විසින් කියා දුන් ආකාරයටම සීලය පුරුදු කර ගැනීමයි

 

සාමාන්යයෙන් ජීවිතය පවත්වාගන්නට ඇඳුම් ආහාර නිවාස ඖෂධ ආදිය භාවිතා කරනවා මේ භාවිතා කරන දේ උපයා ගැනීම සඳහා අපි වීර්යයක් කළ යුතුයි වීර්යයෙන් යුතුව අපි රැකීරක්ෂා කරලා මුදල් උපයලා තමයි මේ කියන පහසුකම් භාවිතා කරන්නේ භාග්යවතුන් වහන්සේ අපට මේ විදිහට පෙන්වා දෙනවා
ඉතාමත් දුකසේ සම්පූර්ණ කරගත යුතු වීර්යයන් දෙකක් තියෙනවා මේ ලෝකයෙහි….
♦️ගිහිගෙයි හි ජීවත්වෙන යම් කෙනෙක් ඇඳුම් ආහාර නිවාස ඖෂධ ආදිය සඳහා කරන වීර්යයත්
♦️ගිහි ගෙයින් නික්මිලා අනගාරික පැවිදි ජීවිතයට පැමිණි අය සියලු කෙලෙසුන් අත්හැරීම සඳහා කරන වීර්යයත්

 

මේ තමයි ලෝකයේ ඉතාමත් දුකසේ සම්පූර්ණ කරගන්න තියෙන වීරයන් දෙක. පින්වත් මහණෙනි සියලු කෙලෙසුන් අත් හැරීම නම් වූ අමා මහ නිවන වෙනුවෙන් කරන යම් වීර්යයක් ඇද්ද මේ වීර්යයන් දෙක අතරින් වඩාත්ම අග්ර වෙන්නේ මෙයයි.
යනුවෙන් බුදුන් වහන්සේ සඳහන් කළ සේක.

 

දිනපතා දවස ගත කරමින් මුදල් උපයන්න අපි වීර්ය කරනවා එය අපට හුරු පුරුදු වෙච්ච රටාවක් එදිනෙදා ජීවත් ජීවත්වීමට අවශ්ය දේ ලබාගන්න වීර්ය කරන්න වෙන නිසා මේ සද්ධර්මය හිතේ දියුණු වන ආකාරයේ වීර චර්යාවක් පවත්වන්න අපට සිහි කල්පනාවක් නෑ අන්න ඒ නිසා තමයි මේ ආකාරයේ ඇවතුම් පැවතුම් සංවර වන ආකාරයට අපි හික්මෙන්න ට අවශ්ය වෙන්නේ
එදිනෙදා කරන කියන කටයුතු තුළ හිත පිරිසිදු වෙන රටාවක් මේ සිල්පද තුළ හික්මෙන කොට අපට ඇති වෙනවා එයාකාරයෙන් හිත පිරිසුදු වීම නිසාම අපේ නීවරණ සංසිඳෙන ගන්නවා ඒ ඒ ක්රියාවේ කුසලය අකුසලය හඳුනා ගැනීමේ හැකියාව ඒ හරහා අපට උපදවා ගන්නට පුළුවන් කමක් ලැබෙනවා.

 

ගිහිගෙය ජීවත් වෙන යම් කෙනෙක් ඇඳුම් පැළඳුම් ආහාර නිවාස ගිලන්පස බෙහෙත් ඖෂධ ආදිය ලබා ගැනීමට මහා වීර්යයක් කරනවා මෙන්ම ලබාගත් දෑ පරිහරණය කරන්නේ ලෝභ සිත් ඇතිව සොර ගිනි ජල උවදුරු වලින් හානි වේද තමා පරිහරණය කරන දෑ හිත පිරිසිදු වන ආකාරයට භාවිතාකරන්නට හැකි ක්රමයක් තිබෙනවා කියලවත් දැනුමක් නැහැ
තමා පරිහරණය කරන ඇඳුම් පැළඳුම් නිසා තමාගේ ජීවිතය සංවරයක් ඇති වෙන බව අපි අත්දැකීමෙන් දන්නවා පාසල් යන්න රැකියා ස්ථානයට යන්න නිල ඇඳුමක් තිබෙනවා ඒ නිල ඇඳුම් නිසා යම් සංවරයක් එය ස්ථානය දී අපට ඇති කරගන්නට පුළුවන් ඒ වගේම ආගමික සිද්ධස්ථානයකට යනවිටත් උසාවියට යන විට මළ ගෙදරකට මගුල් ගෙදරකට යන විටත් ඇඳුමක සංවරය ගැන අපි සැලකිල්ලක් දක්වනවා මෙන්න මේ ඇඳුමේ සංවරය සිතේ සංවරයට බොහෝ උපකාරී වන දෙයක්..

 

අසංවර වූ අපිළිවෙළ වූ ඇඳුමකින් උපදවන සංවරය ගැන මේ යුගයේ එතරම් සැලකිල්ලක් දක්වන්නෙ නැහැ නමුත් ඇඳුමේ සංවරය බුදුරජාණන් වහන්සේගේ ශ්රාවකයාට නම් හිතේ මහා දියුණුවක් ඇති කිරීමට හේතුවක් වෙනවා.
ඇවිද යන විට නිදහසේ ඇවිද යන්න අප කැමති වුණත් ඒ නිදහස අන් අයගේ අපහසුවට කරුණක් නම් ගැරහීමට කරුණක් නම් අන්න ඒ කාරණය තුළත් සිත් අපිරිසිදු කරන කාරණයක් වෙනවා.

 

මගතොට ගමන් කරන විට අනුන්ගේ අපහාසයට ලක් වෙන අයුරින් යාම අනුන්ට හිරිහැර වන ආකාරයෙන් යාම අනුන්ට අකුසල් උපදවන ආකාරයෙන් යාම නිසා තමාගේත් අනුන්ගේත් හිත අපිරිසිදු කරන කාර්යයන් සඳහා අපි බැඳුනා වෙනවා
සංවරව බිමට යොමු කළ ඇස් ඇතිව සිවුරු ඔසවා නොගත් කයින් මහ හඬින් හිනා නොවී නිශ්ශබ්දව නොසෙල්වෙන කයින් අත් නො පදවා හිස නො පදවා උකුලෙහි අත් නො තබාගෙන හිස වසා පොරවා නොගෙන ඇතුළු ගමෙහි යෑම හෝ ඉඳගෙන සිටීම කරන ලෙස භාග්යවතුන් වහන්සේ විසින් සේඛියා සිල්පද තම ශ්රාවක සංඝරත්නයට හැසිරෙන ආකාරය මේ ආකාරයෙන් පෙන්වා දුන්නා.
පැවිදි ශ්රාවකයාට ලබාදුන් සංවරය ලෝකයට ම ආදර්ශවත් පැවිදි දිවිය තුළසංවර වීම සඳහා හික්මීම සඳහා ඒකාන්ත උපකාරයක් එසේ නම් වැඩ කටයුතු අධික ගිහි උපාසක උපාසිකා පිරිසක් ලෙස ඔබත් මෙය අවවාද ගෞරවයෙන් අසන්නට අවශ්ය අවවාද සහ මාගේ ශ්රාවක ජීවිතයේ ඇවතුම් පැවතුම් ගිහි ජීවිතයට ගැලපෙන පරිදි සංවර කර ගැනීමට උනන්දු වෙන්න අවශ්යයි ඒ සඳහා හික්මීම ඉතා වැදගත්

 

ආහාර ගැනීම පිලිවෙලකට සිදු කරන විට දකින පිරිසට මොනතරම් සුන්දර දසුනක් ද තමාගේ හික්මීමට ඒක කොච්චර උපකාරයක්ද හිත පිරිසිදු වන හිතේ පිලිවෙලට ධර්මයන් පුරුදු කිරීමට උපකාර වන ඒ මනා හික්මීම අපිත් හොඳින් හිතා පුහුණු වන්නට ඕන කාර්යබහුල ජීවිතය කලබලෙන් ආහාර ගැනීමක් තමයි අපට හුරු කරල තියෙන්නෙ ඒත් අපිළිවෙළට ආහාර ගැනීම තමා ගේ සිත කය දෙකටම පහසුවක් ඇති කරන්නේ නෑ..

 

අප සියලු දෙනාටම එදිනෙදා ගත කරන සෑම ක්රියාවක්ම ධර්මයෙන් පුරුදු කිරීම, මගහැරෙන දෙයක් වෙනවා නම්…. කෙතරම් දුක් සහිතයි ද? නමුත් තමාගේ ජීවිතයේ හැම මොහොතක්ම සංසිඳෙන්නේ ඒ ඒ මොහොතේ ධර්මයන් දැන ගැනීමෙන්. එමෙන්ම දැක ගැනීමෙන් අප සියලු දෙනාට ඇවතුම් පැවතුම් සංවර කරගැනීම පිණිස ඒ තුළින් නිවන් මඟ විවර කර ගැනීම පිණිස මේ දහම් කරුණු හේතු වේවා!!!

 

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood
You might also like
en English
X
X