අද දින සිය හැත්තෑ එක්වන ජන්ම දිනය සමරන භාරතීය ගරු අග්‍රාමාත්‍ය, ශ්‍රී නරේන්ද්‍ර මෝදි මැතිතුමන් වෙත බෞද්ධ සහෝදරත්ව පදනමේ ගරු සභාපතිතුමන්ගේ සුභාශිංසන පණිවුඩය…..
අතිගරු ශ්‍රී නරේන්ද්‍ර මෝදි,
අග්‍රාමාත්‍ය,
ඉන්දියාව
මැතිතුමනි ,
අද දින සිය ජීවිතයේ හැත්තෑ එක්වන ජන්ම දිනය සමරන ගෞරවාන්විත ඔබතුමන් හට මෙලෙසින් සුබ පැතුම් එක් කිරීමට ලැබීම ද සතුටකි. අසල්වැසි රාජ්‍ය ලෙසින් දිගු කාලීන සහෝදරත්වයක් ප්‍රකට කෙරෙන අප දේශයන්හි විශිෂ්ට ද්විපාර්ශවීය සබඳතා පවත්වා ගනිමින් ආර්ථිකම සමෘද්ධිය, ප්රජාතන්ත්රවාදය, සාමය සහ හමුදා ශක්තිය ද සාක්ෂාත් කරගැනීම සඳහා ද පැහැදිලි දැක්මකින් යුතුව නිවැරදි මාවතකට ගමන් කරන පුත්‍රයෙකු මෙලොව ජන්ම ලාභය ලැබීමේ ප්‍රිය නිමිත්ත සැමරීම වෙනුවෙන් අද අපි ද මෙලෙසින් අපගේ සුභාශිංසන ගෙන එමු.
ශ්‍රී ලංකාව ඇතුළු කලාපයට ශක්තියක් ලෙසින් ඔබේ නායකත්වයෙහිලා පරිපාලනයෙන් ලබාදෙන සෞඛ්‍ය, පුනරුත්ථාපන හා ප්‍රතිසංස්කරණ කටයුතු, යටිතල පහසුකම් සංවර්ධනය මෙන්ම බොහෝ තීරණාත්මක අවස්ථාවන්හීදි කාලෝචිත ලෙසින් ලද ආධාර සහ නිර්ලෝභීව දායකත්වය මෙහිදී අගය කළ යුතුම ය. දිගු කාලීන ප්‍රෞඩ නායක පාලකාදීන්ගේ පෙළපතක උරුමය ලත් භාරතයේ වර්තමාන නායකත්වය හොබවමින් තවත් සුවහස් කලක් සංස්කෘතිකමය, ආර්ථිකමය, දේශපාලනිකමය සහ කලාපීයමය සංවර්ධනයෙන් ද විජයග්රහණයන් ලබමින් භාරත දේශයෙහි ජය දද නැංවීමට එතුමන් හට අපගේ දිගාසිරි පතමු.
ගෞර්වණීය ඔබතුමන් හට මෙන්ම ඔබේ පින්වත් දේශයට තෙරුවන් සරණින් ආරෝග්‍යයෙන් සහ සෞභාග්‍යයෙන් සපිරි අනාගතයක් උදාවේවා කරුණාබර ආශිංසන ගෙනෙමු.
ආචාර්ය දමෙන්ද පෝරගේ
සභාපති
බෞද්ධ සහෝදරත්ව පදනම
ශ්‍රී ලංකාව