Temples of Sri Lanka

තෙමගුලෙහි අසිරි වඩවමින් තුන් සුතුර අනුහස දස දෙස ලෝ පුරා විසිර පැතිර ගිය වගයි

නව දිල්ලියේ අන්තර්ජාතික බෞද්ධ සම්මේලනය, ඉන්දීය සංස්කෘතික අමාත්‍යාංශය, බුද්ධගයා විහාරස්ථ කළමනාකරණ කමිටුව, ආසියානු සාමය සඳහා වූ බෞද්ධ සමුළුව මෙන්ම බුද්ධගයාවේ පිහිටි අන්තර්ජාතික බෞද්ධ කවුන්සලය සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් බෞද්ධ සහෝදරත්ව පදනම සමග සහයෝගීව, පිංසිතින් සංවිධානය කරන ලද උතුම් වූ සම්බුදු තෙමඟුල සැමරුම් පුණ්‍යෝත්සවය සහ එක්සත් ජාතීන්ගේ වෙසක් සැමරුම් දින උත්සවය ද මැයි මස 26 වැනිදා පෙරවරු 8 සිට ඉන්දියාවේ බුද්ධගයාවේ මහාබෝධි විහාරස්ථානය, නේපාලයේ ලුම්බිණිය, ශ්‍රී ලංකාවේ මහනුවර මල්වතු මහා විහාරය සහ නවදිල්ලියේ දී ආගමානූකූල ප්‍රහර්ෂයෙන් පවත්වනු ලැබිණි.

මීට සමගාමීව මොංගෝලියවේ, කොරියාවේ, බූතානයේ, තායිලන්තයේ විහාරස්ථාන රැසකදී වැඩසටහන් රැසක් සංවිධානය කොට තිබිණ.

මෙහි සුවිශේෂී අංගයක් වූයේ බුද්ධගයාවට හා ලුම්බිණියට අමතරව ශ්‍රී ලංකාවේ ඓතිහාසික සෙංකඩගල පුරවරයේ ශ්‍රී දළදා මාළිගයට ආශ්‍රිතව පිහිටි වර්ෂ 270 ක් ඉපැරණි මල්වතු මහා විහාරයේ උපෝසථාගාරයේ දී සියලු ලෝකවාසීන්ට සෙත්පතා ලොව පුරා වෙලාගත් අතිශය ඛේදනීය වූ කොරෝනා වසංගතයෙන් ලොවටම ඉක්මන් සහනයක් අත් වේවායි ප්‍රාර්ථනා කරමින් උතුම් වූ තුන් පිරිත් සූත්‍ර සඣ්ඣායනයක් කිරීමයි.

සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහ නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමි පාණන් වහන්සේගේ
අනුශාසකත්වයෙන්, මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනායක හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් හා තවත් ස්වාමීන් වහන්සේලා දස නමකගේ සහභාගිත්වයෙන් යුතුව, තුන් සූත්‍ර දේශනාවක් ද සජීවී ලෙස ලොව පුරා විකාශය කිරීම එදින සිදු කරන්නට යෙදුණි.

මෙම උතුම් වූ පුණ්‍යකර්මය සඳහා
ලොව සුපතල ලෝක, බෞද්ධ මහනායක භික්ෂූන් වහන්සේලා විශාල සංඛ්‍යාවක් ද ලෝක සත්ත්වයා වෙත ආශිර්වාද කිරීම වෙනුවෙන් සහභාගී වූ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මැතුතුමා මෙන්ම ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ද, සියලු ලෝවැසියන් වෙනුවෙන් සිය සෙත් පැතුම් ද එක්කරමින් ලෝ සත වෙනුවෙන් නිදුක් නිරෝගී සුව සෙත පැතිරවීම උදෙසා ආශිර්වාද පෙරදැරි කරගත් එම පරිත්‍රාණ පින්කම් මාලාව සමග සම්බන්ධ වූහ !

 

 

You might also like
en English
X
X